ගොම ගෑ පොළොවෙ,පන් පැදුරේ නිදපු මටතුන්වේලටම අල දෙල් කොස් කාපු මටසරමක් කමිසයක් විතරක් තිබුනු මටදුක ගැන කියන්නට අටුවා ටීක මොටඉස්කෝලෙන් දීපු ඇදිහැස කිරිබීලාලන්දේ කැළේ තිබු හැම කොල ගෙඩි කාලාමං ලොකු වුනේ ගස් ගල් වගෙ දුක් විඳලාදුක බඩගින්න නැති බැරිකම තුරුළු කරන්සෙනෙහස ආදරය වින්දෙත් කඳුළු පෙරන්අග හිගකම් නොසැලකිළි කම් ඕනැතරන්දුක ගැන දනිමි මම "මහභාරතය" තරන්පොත පත පෑන පැන්සල නැති හින්දාමගුරුවරු තැලුව දොස්කීවා හැමදාමපොත් නෑ කියල ඇඬුවත් මම හැම රෑමරුපියල් පහක් නෑ මුළු ගේ සන්තකෙමඅයියල අක්කලා පාසල් ගමන නොයාවත්තේ දළු නෙළන්නට,පතලෙකට ගියාඅත දුන් නිසා ඒ අය අඩුවක් නොතියාසරසවි වරම් ලැබ මම ඉහළටම ගියාඅතු ඉති රළු වෙලා,නටු අග කටු සදලානුඹෙ කඳුළිනුයි මම පිපුනේ මලක් වෙලාකළ යුතු යුතුකමක් ඇත මට පැවරීලාමම මියැදෙන්නෙ ඒ යුතුකම ඉටුකරලාමේ රට දමා පිට රටකට නොයන්නෙමීදුටු හැම තැනම වරදට එරෙහි වන්නෙමීහෙට උපදින උන්ට ලස්සන රටක් හිමීකරදී මිසක මම නම් මිය නොයන්නෙමී
ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>
1 comments:
දිනක් තිබේ කාටත් කරදර දැනිලා
හිතක් පුරා ඒ මතකය ඇත රැඳිලා
කවක් මගින් ඔබ වෙත දැන් සුබ පතලා
හෙටක් හොදම වන්නට පතනෙමි ලියලා....
ජයවේවා
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.