අත පා මුදු පය පා මුදු නැත දිලුණේසිත දහිරිය සත්කුළු පව් මෙනි රැඳුණේඅත හැරියේ හුස්මද අපවද මවුනේ .නෑරා අතින් අත ගම් දොර ළඟ හිටියාදීලා සෙවන සළුවෙන් වට කොට සිටියාපාලා ළතෙත් ගුණ කඳුළැලි පිස සිටියාමෝරා තලමලක් සේ සෙනෙහෙන් සිටියා .විලේ නෙළුම් පිපුණේ හිරු රැස් හින්දාමලේ බමරු රොන් ගත්තේ මධු හින්දාසිලේ පහන් රැකුණේ දුන් තෙල් හින්දාඅපේ ඔටුණු පැළඳුවෙ අපි නුඹ හින්දා .සුවඳ බොජුන් නැතුවත් නුඹගේ කුසටනිබඳ දරු සෙනේ දැනුණ යි හද ගැබටළමැද කිරි පොවා සා පැටවුන් හයටසුවඳ සමන් වැලකි ය නුඹ අප හැමට.නුඹ අප නැවත කිසිදින නෙත නො ගැටෙන්නේකළ පව් සමා අයදින්නම් පා වඳිනේදළ රළ පෙළ මැදින් එතෙරට යා ගන්නේබව ගිම් නිවා සසරට තිත තියපන්නේ .!
Thursday, September 14, 2023
සත්කුළු පව් විලාශයෙන් නුඹ සිටියා අම්මේ .
(යවහන් දොස් නො සලකා ලියැවුණි .)
රෝ.සි.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment