මුනි සිරිපා පියුමේ රොන්සුණු තැවරේ
ගිමන් නිමන පවන් හමා ඒ
නිවී පහන් වී ලය සැනහේ
නිවන් දොරට මග පානා
සමනොල ගං තොට මුදුනේ
බැන්ද වියන් සේ
අදුරු වලා රන්සළු පැටලේ
සිත කිමිදේ ලොව්තුරු සුවදේ
කෙලෙස් මලින් මිදී සිත සුවපත් වී
පාවී යයි නිසංසලෙ
මහ රහතුන් වැඩි මග ඔස්සේ
වලා අතුල කදු වැටි අතරේ
මුනි සිරිපා පියුමේ රොන්සුණු තැවරේ
ගිමන් නිමන පවන් හමා ඒ
නිවී පහන් වී ලය සැනහේ ………..
ආචාර්ය අමරදේවයන් ගයන මේ ගීය අසා සිටින සමාධි ගතවෙන්නේ සිරිපාදේ ගැන පහන් සිතිනි.
සැළලිහිණි සංදේශ කතුවරයානෝ සැළලිහිණියාට සමනොල ගල නැගණහිර ඇති බව පවසමින්
සුර රද සමන් සමගින සුරගන එවර
පැහැනද මදාරා පරසතු මල් පතර
කර පද වදින රැදි මුනි සිරිපා තඹර
සිසද පෙනේ සමනොල ගල නැගණහිර
යයි පවසන විට හංස සංදේශය ලියු කතුවරයානෝ
සමොනල මුහුල සිරිපද ඔබන මගුලට
නිකසල මහ සගන ගෙන වඩින මුනිදුට
පැහැදුල සුනිල මැණිකෙන් කළ මග ලෙසට
මනදොළ පිරෙයි ගග සිරිසර දුටු තොසට
සැවුල් සංදේශයේ කතුවරයානෝ
සමන් කෙනෙකු නුබම සුර නර තුරෙන
සමන් බදුරු සිරිපදලස නම දිමින
සමන් ගිර නිවෙස්කර නිරතුරු වසන
සමන් සුරිදු දැක මෙහෙසුන් දෙවු සොබන
යයි පවසන විට පැරකුම් සිරිතෙහි මෙසේ විමසයි.
කියග මගිය එනු කොයි සිට දද සමනොල ගොසිනා
නොය කියමුතු එදිග බමුන සුමන සුරිදු විසිනා
ගිය කල දෙදහස් පන්සිය රජෙක් එතිය දියනා
කියවියතන් වැසිය එනම් පැරකුම් රජ මෙදිනා
ටිබට් ජාතික එස් මහින්ද හිමි සිරිපාදේ අගයමින් දරු නැළවිලි ගීයක් ලියති
මුනි සිරිපා සිඹමින් නේ
සමනොල ගල පෙදෙසින්නේ
මද සුළගයි මේ එන්නේ
මගේ පුතා නැළවෙන්නේ
මහවැලි කැළණි කළු වළවේ යන ගංගා
සමනොල කන්ද මුදුනේ සිට පැන නැග්ගා
බෑවුම් තැනිතලා කදු හෙල් අතරින් රිිංගා
මේවා ගලයි මිණිකැට දිය හට හංගා
කොළඹ යුගයේ දෙවන පරම්පරාව නියෝජනය කළ ප්‍රමුඛතම කවියෙක්වු පී. බී. අල්විස් පෙරේරා ශූරීන් රොමෑන්ටික් (ස්වභාවසෞන්දර්ය හා භාවපූර්ණ) කවියෙකි. ශ්‍රී ලංකාවේ ස්වාභාවික සෞන්දර්යය සහ සමනොළ කන්දෙන් ඇරඹෙන සිව් මහා ගංගා (මහවැලි, කැළණි, කළු, වළවේ) තේමා කරගනිමින් ඔහු විසින් රචිත සුප්‍රකට ළමා/සොබාදහම් පද්‍ය නිර්මාණයකට මෙම කවිය අයත් වේ.
බුද්ධං සරණේ සිරස දරා ගෙන
ධම්මං සරනේ සිත පහදාගෙන
සංඝං සරණේ සිවුරු දරාගෙන
ඉඤ්ඤයි තුන් සරනේ අදහාගෙන
සීත ගගුලේ ජලනාද ඇසෙනවා
සුදු මල් අරගෙන වදින්න යනවා
සාදු සාදු අර මළුව පෙනෙනවා
සමන් දෙවිදුන් අප වන්දනවා
ස්වස්තික දෙක පිහිටපු සිරිපතුලේ
සිරිවස දෙක පිහිටපු සිරිපතුලේ
නදවට දෙ පිහිටපු සිරිපතුලේ
අපි යමු වදිනට ඒ සිරිපතුලේ.
ලේඛකයින් සාහිත්‍ය කරුවන් එසේ දකින සිරිපාදේ වන්දනා කරුවන් දකින්නේ ගමනේ සුන්දරත්වය සමගය.
හෙලේ නැගීම දුෂ්කරය විඩා සහිතය.විඩාව නිමා , දුෂ්කර බව මනසින් තුරන් කරන පදවැල් සිරිපා ගමන සැහැල්ලු කරන බවකි.
දිදි සාදු නාදේ
යමු අපි සිරිපාදේ
“අපේ බුදුන් – අපි වදින්න
පෙරලි පෙරලි -අපි වදින්න
සමන් දෙවිදු පිහිට වෙන්න
නළල තබා- අපි වදින්න
දොහෙතේ නගා - අපි වදින්න
දෙදන නමා -අපි වදින්න
මලුත් පුදා- අපි වදින්න
තෙලුත් පුදා – අපි වදින්න
සුවද පුදා – අපි වදින්න
පහන් පුදා - අපි වදින්න…………….” .
පය ඉක්මන් කරන වේග රිද්මයේ පදමාලා සිරිපා ගමනේ විඩාව අමතක කරන බව පැහැදිලිය.
“වදින්න යන කිරි කෝඩුට – සුමන සමන් දෙවි පිහිටයි
වැදලා බහින කිරි කෝඩුට – සමන් දෙවිදු කරුණාවයි”
මෙන්න මෙතන තැනිතලාව
කෝපි බොන්න හොද වෙලාව
දෙන්න අපට සන්සිදේ
දුන්න අයට පින් පිරේ
විහිළුවකට පිළිතුරු ලැබෙන්නේ
“අපේ බුදුන් – අපි වැදගෙන- ගමට යන්න යනෝ – එන මත්තේදි කෝඩු සමග බුදු පුදයට එනෝ.”………. යනුවෙනි.
A day in the life







No comments:
Post a Comment