අද අවධානය.
උතුරේ ජනතාවගේ අවමගුල් සිරිත් ගැන.
උතුරේ ජනතාවත් වතුකරයේ ධවිඩ ජනතාවත් අදහන්නේ හිණ්දු ආගම.
ඒ නිසා මේ දෙජාතීන්ගේම අවමගුල් සිරිත් අතර සමානකම් බොහොමයක් තියෙනවා.
වතුකරයත් උතුරත් අතර වෙනස් වන වෙනස් කම් කිසියම් ලාංකීක අනන්‍යතාවයක් තියෙනවා කියලා මට හිතෙනවා.
උතුරේදීත් නිවසේදී මරණයක් සිදුවු පසු මෘතදේහය ද දකුණට හිස දමා තැන්පත් කරනවා. රෝහලකදී නම් සිදුවන්නේ මරණය නිවසට ගෙන ආපසු එසේ සිදුකිරීමයි. දේහය තැන්පත් කිරීමට පෙර දේහය නාවා පිරිසිදු කිරීමට කහ සහ සුවඳ ද්‍රව්‍ය මිශ්‍ර ජලය බහුලව භාවිත කෙරේ. නළලේ තිරුනීරු තැබීම සිදු කරති . තිරුනීරු' (සුදු අළු) මඟින් මිනිසා අවසානයේ අළු බවට පත්වන බව (අනිත්‍යතාව) පෙන්වයි. 'සන්දනම්' (සඳුන්) මඟින් මියගිය ආත්මයට සිසිලස සහ ශාන්තිය ප්‍රාර්ථනා කරයි. ඉන්පසු සිරුරේ හිස දකුණු දිශාවට හැරෙනසේ නිවසේ තැන්පත් කෙරේ.
මෙය පොදු චාරිත්‍රයක් වුවත් උතුරු ද්‍රවිඩ ජනතාව "නෙයි වාර්ත්තල්" (තෙල් වත් කිරීම) නමැති චාරිත්‍රය සිදුකිරීම වැදගත් වේ. පිරිමි අයෙකු නම් පිරිමි ඥාතීන්ද, කාන්තාවක නම් කාන්තා ඥාතීන්ද මෙයට දායක වේ. දේහයේ නළලේ තිරුනීරු (සුදු අළු) සහ සන්දනම් තවරා සරසනු ලබයි.
දේහය ආදාහනය කිරීමට පෙර සමීප ඥාතීන් එකතු වී නෑවීම සිදු කරයි.
දේහය නිවසින් පිටතට ගන්නේ පාදයන් ඉදිරියට සිටින සේ හිස පසුපසට සිටින සේ ය. මෙහිදී ප්‍රධාන අවමඟුල් කර්තව්‍ය සිදු කරන සාමාන්‍යයෙන් වැඩිමහල් පුතා විසින් මැටි කලයකට ජලය පුරවා දේහය වටා තුන්වරක් පැදුකුණු කර පූජකයා හෝ වැඩිහිටියෙකු පිහියකින් එම කලයට සිදුරු තුනක් සාදයි. තෙවන වටය අවසානයේ කලකය පිටුපසට අතහැර බිඳ දමනු ලැබේ. මෙය කුඩම් උඩෛත්තල් (கூடம் உடைத்தல்) ලෙසයි හදුන්වන්නේ.
මැටි කලයෙන් මිනිස් සිරුරත්, සිදුරුවලින් වැගිරෙන ජලයෙන් ගෙවී යන ආයුෂත් සංකේතවත් වේ. කලකය බිඳ දැමීමෙන් අදහස් කරන්නේ සිරුර බිඳී ආත්මය විශ්වයට මුදාහළ බවයි.
යාපනයේ සම්ප්‍රදායිකව බහුලවම සිදු කරන්නේ ආදාහනය (ගිනිතැබීම) යි. කුල ක්‍රමයේ බලපෑම මත වෙන් වෙන් සුසාන භූමි භාවිතය තවමත් සමහර තැන්වල දැකිය හැකිය. ප්‍රධාන කර්තව්‍යකරු (පුතා) විසින් දේහයට ගිනි දැල්වීම (කොල්ලි) සිදු කරයි.
මරණය සිදු වී 3 වන, 8 වන සහ 31 වන දිනයේදී විශේෂ ආගමික වත්පිළිවෙත් සිදු කරයි. 31 වන දින බ්‍රාහ්මණ පූජකවරයෙකු ලවා නිවස පවිත්‍ර කර (පුන්‍යාහවාචනම්), මියගිය අයගේ ආත්මයට සෙත් පතා නිර්මාංශ දානයක් පිරිනමයි.
වසරක් පිරෙන තෙක් නිවසේ සුබ කටයුතු හෝ උත්සව තහනම් වේ.






No comments:
Post a Comment