2026-06-22

බුදුගල රජ මහා විහාරය.




බලංගොඩ - කල්තොට -හම්බේගමුව මාර්ගයේ කල්තොට මංසන්දියෙන් හැරී දියවින් දෙසට තිබෙන මාර්යේ කිමි 4 ½ පමන දුර යනවිට ඓතිහාසික බුදුගල රජ මහා විහාරය හමුවේ.

කල්තොට අතීතයේ “ කාලතිත්ථ “ රාජධානිය ලෙස හදුන්වා ඇත.

අති රමණීය ස්වභාව සුන්දරත්වයට නෑකම් කියන තුරු පියසකින් යුතු බුදුගල රජමහ විහාරය අතීත බෙදීම අනුව සබරගමු දිසාවේ කඩවත මැද කෝරලයේ හෙළ උඩපත්තුවේ මහවලතැන්න සානුවට යාබදව පිහිටා ඇත.

ක්‍රි.ව. 1018 – 1029 වකවානුවේ වීර මහාසූරිය නම් රජ කෙනකු කල්තොට ප්‍රදේශාධිපතිව කටයුතු කර ඇති බවද දැක්වේ. එමෙන්ම චූල වංශයේ සඳහන් පරිදි ඉන්දියාවේ සිට පැමිණි පාණ්ඩ්‍ය නැමැති කුමාරයකු බුදුගල රාජධානියේ රාජ්‍ය විචාල බවද කියවේ.

ඉන් පසු ක්‍රි.ව. 1042 – 1043 කාලය තුළ වික්‍රම පාණ්ඩ්‍ය නැමැති කුමරකු කාලතිත්ථ හෙවත් කල්තොට රාජ්‍ය කරවූ බව ද කියවේ. බුදුගල විහාරස්ථානයට ආසන්න මාලිගාවක ඇති නටබුන් එයට සාක්‍ෂි දරයි. ඉපැරණි ගොඩනැඟිලි, පියගැට පෙළ, කොරවක් ගල, මාලක, කීපයක් බුදුගල විහාරයේ තිබූ බවට ද ලංකාවේ ප්‍රථම පුරාවිද්‍ය කොමසාරිස් එච්.සී.පී. බෙල් මහතා ප්‍රකාශ කර තිබේ.

දන්තධාතූන් වහන්සේට ටික කලක් රැකවරණය ලබාදීම සඳහා හේමමාලා හා දන්ත කුමරුවන් ඓතිහාසික බුදුගල කූරගල සමීපයේ බ්‍රාහ්මණයෙකුගේ රැකවරණය යටතේ විසූ බව ද දළදා මැදුරක් ඉදිකර තිබූ බවට ද ජනශ්‍රැතියක් තිබේ. වීර මහා සූරිය රජතුමා විසින් රන්කොත් නවයකින් හා සියලු දේවාභරණයෙන් සපිරුණු කතරගම දේවාලයක් කර වූ බවද කියවේ. කූරගල කඳු පාමුල පිහිටි බුදුගල ගල් විහාරය අතීතයේ ආරණ්‍යකි සෙනසුනක්ව පැවතී තිබේ. වීරමහාසූරිය හා විකුම්  බුදුගල ගල්ලෙන් හා ගොඩනැඟිලි මහා සඟසතු වූ අතර පසුව රහතන් වහන්සේලාගෙන් පිරී ඉතිරී ගිය බව ද කියවේ. අක්. 15 ක් පමණ පුරා විහිදී ගිය මෙම ශාන්ත සුන්දර පරිසරය තුළ පිහිටි ගල්ලෙන් පිළිබඳ සෙල්ලිපි තොරතුරු කිරිඇල්ලේ ඥාණවිමල හිමියන්ගේ හා පූජ්‍ය විකිලියේ නාරද හිමියන්ගේ ‘සබරගමු දර්ශනය’ හා ඓතිහාසික රත්නපුර යන ග්‍රන්ථවල දැක්වේ.


වර්තමානයේ පුංචි මිහින්තලය ලෙස හඳුන්වන බුදුගල රජ මහ වෙහෙර පිළිබඳ ඓතිහාසික සාධක රැසක් පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් විසින් රචිත ‘බුදුසසුන බැබලුණු පැරණි පුදබිම්’ නම් කෘතියේ දැක්වේ. 

කලක් වල් බිහි වී තිබූ බුදුගල රජමහ වෙහෙර 1925 දී පමණ දික්කාපිටියේ සිරි සීලානන්ද හිමියන් විසින් පිළිසකර කර වස් වැස පුදබිම සංරක්‍ෂණය කර ඇත. මහා සංඝරත්නයේ හා ව්‍යාපාර මහතුන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් සංඝවාසය, විහාර මන්දිරය, ධර්ම ශාලාව ආනන්ද බෝධිය, සතර මහා දේවාලය, සේල චෛත්‍ය පිහිට වූ අතර 2011 සම්බුද්ධ ජයන්තියට සමගාමීව අවුකන අනුරූ පිළිම වහන්සේ නිර්මාණය කර ඇත. 


A day in the life 
ජීවිතයෙන් දවසක් .

No comments: