2026-06-30

ඇඹිලිපිටිය - රජමහා විහාර - 05




පොසොන් පෝය දවසේ සංඛපාල රජ මහා විහාරයේ…….. සිට 

හැල්මේ ගියත් කාලය තවත් දික්කරන්නට සිද්ධවුනා

.බොහෝම වෙහෙර විහාර හතරවටේට…….

කාවන්තිස්ස රජ මහා විහාරය.

තෙරුන්කට්ටුව රජ මහා විහාරය. - තුංකම

වළල්ගොඩ පුරාන ටැම්පිට විහාරස්ථානය - පනාමුර

කාවන්තිස්ස පුරාන විහාරස්ථානය - පනාමුර

පුරාණ රජ මහා විහාරය - ඕමල්පෙ

හීන් දළුහින්න ටැම්පිට විහාරය - ලේල්වල

ශ්‍රී ගංගාතිලක රජමහා විහාරය - කළගෙඩිආර

වෙහෙරගොඩල්ල පුරාණ විහාරය - ජූලංගැටේ

ශ්‍රී ගොඨාභය රජ මහා විහාරය. - පදලංගල

සිරි නාග රජ මහා විහාරය. - තිඹොල්කැටිය.

මෙම බොහෝ විහාරස්ථාන ඓතිහාසික වැදගත් කමක් ඇති ස්ථාන.

දෙවන තුන්වන සියවස්වල තොරතුරු ,නිශ්ශංකමල්ල රජතුමාගේ රාජ්‍ය පාලන සමය සහ

මාගම රාජධානි සමය පිලිබදව ගවේශණය කරන්නෙකුට මෙම ස්ථාන ඇසුරු කරනවානම් බොහෝ තොරතුරු වලින් සන්නද්ධ විය හැකියි

ඇඹිලිපිටිය සංචාරය කරනවුන්ගේ වැඩි අවධානය යොමුවන්නේ ඇත් අතුරු සෙවන, උඩවලව ජාතික වන උද්‍යානය , මඩුවන්වෙල වලව්ව, උණුදිය උල්පත් , වවුල්පනේ හුණුගල් වැනි ස්ථානයන.

එහෙත් ගවේශකයෙකුට අවධානය යොමුවිය කරුණු කාරනා බොහොමයක උල්පතක් තමයි. ඇඹිලිපිටිය.

ඇඹිලිපිටිය ශාසනාරක්ෂක මණ්ඩලය සහ උඩවලව ශාසනාරක්ෂක මණ්ඩලය සාමාජිකත්වය දරන විහාරස්ථාන හතලිස් අටක් තියෙනවා.

මේවා වර්තමාන සංවර්ධණයත් සමග ජනාාවාසවල ආගමික සේවවාන් ඉටු කරනවා.

මීදුම හිගුරආර පහුකරන විට බෝධිරාජ දහම් පාසල හමුවුනා දහම්පාසලේ ඉගනුම ලබන දූ දරුවන් ප්‍රමානය එක්දහස් පන්සියයකට වැඩියි.බෝධිරාජ ජාත්‍යන්තර පාසල දූ දරුවන් හාර දහසක් !.

ඇඹිලිපිටියේ පුනරුදය ගැන හිතන්න එක් සාධකයක්.








A day in the life 
ජීවිතයෙන් දවසක් .

No comments: