බෙහොමයක් ගම් , නගරවල නම් හැදෙන කොට ඒ නමට ගැලපෙන වෘතාන්තයක් හේතුවක් තියෙනවා. පරිසරය ,ගංගා ඇළදොල කදු උදාහරණ විදියට ගන්න පුළුවන්.
ඇඹිලිපිටියට නම හැදුන හැටිත් එහෙම තමයි.
නොයෙක් වෘත්තාන්ත අතර මේ ඓතිහාසික පුවත තාර්කිකව සත්‍යයට සමීපයි කියලා මීදුම විශ්වාශ කරනවා.
කාවන්තිස්ස රාජ්‍යා පාලන සමයේ ඇඹිලිපිටිය විශේෂ අවධානයට ලක්වු බවත් මේ ප්‍රෙද්ශය සංවර්ධණයට සහ පාලනයට “ වීරබාහු “ නම් ඇමතිවරයෙකු පත්කර සිටි බවත් ඉතිහාසය කියනවා .
මෙතුමා වැවි අමුනු හදමින් පිළිසකර කරමින් ඇඹිලිපිටිය සශ්‍රීක කරමින් පාලනය කලා. ඔහු වැව් දෙකක් ඉදිකර තියෙනවා.
ජනප්‍රිය පාලකයෙක් වෙන කොට තරහ කාරයොත් වැඩියි නේ. මේ අවදිය වන විට රජතුමාට කේළම් කියලා රජතුමාත් වීරබාහු ඇමති තුමාත් අතර විරසකයක් ඇතිවෙලා තිබුනා.
මේ අතරට රජතුමා යෝජනා කලා ඉදිකරන ලද වැව් දෙක රජසතු කරන්න කියලා ඇමතිතුමා මේ යෝජනාවට එකගවුනේ නැහැ.
පාලන අර්බූදයක් !.
රජතුමා නියෝග කලා ඇමත්වරයාගේ හිස ගසා දැමීමෙන් මරණයට පත්කරන්න.
ඇමතිවරයා “ බිල්ලක් වු පිටිය “
බිලිපිටිය පසුව ව්‍යවහාරයේදී - ඇ - බිලිපිටිය
ඇඹිලිපිටිය වු බවයි පැවසෙන්නේ.
මේ කතාවට පොඩ්ඩක් වෙනස් කතාවක් තියෙනවා.
විරසකය ආරංචිවු වීරබාහු ඇමතිවරයා රජතුමා හමුවෙලා සාකච්චා කරලා තියෙනවා.
එතනදී රජතුමා වැව් දෙක තමන් වෙත පවරන්න නියෝග කරලා.
වීරබාහු ඇමතිවරයා පවසලා තියෙන්නේ තසන්ගේ ජීවිතය පවත්නා කල් එම නියෝගයට එකග නොවන බවයි.
මින් කෝපයට පත් රජතුමා වීරබාහු ඇමතිවරයාගේ හිස ගසා දමා මරණ්‍යඨ පත් කරන්න නියෝග දීලා.
මේ අසාධාරණ නියෝගයට සොබාදහම පවා කම්පා වෙලා.
කදුකරයට මහවැසි ඇතිවෙලා වළවේ ගග උතුරා ගලන්න පටන් අරලෙන
වැව් දෙක පිරිලා වැව් බැම් දෙදරා ගිහින්.
වැව් බැම්ම බිදලා ගියා.
වැව් බැම්ම බිදීගිය තැනින් දියට පැන වීරබාහු ඇමති තුමා සියදිවි නසාගෙන……….
ඒ අනුවත් ඇමති + බිලිවු + පිටිය “ඇඹිලිපිටිය“ වෙන්න ඇති.
මේ කතා අතරට තවත් කතා තියෙනවා. ඒවා ගැන හිතන්න ඕනි.
මේ පැත්ත තැනිතලා ලදු කැලෑ පවතින පැත්තක්. “ඇඹිල්ල “ කියලා පදුරු මේ ලදු කැලෑ වල බහුලව තියෙනවා. කොල ඇඹුල් රසයි.
"ඇඹිල" ගස් වලින් පිරි පිටිය - “ඇඹිලිපිටිය“ වු බව පැවසුවත් එය නිවරදියි කියලා හිතන්න අමාරුයි.
තවත් කතාබහක සදහන් වෙන්නේ ඇඹුල් දොඩම් සංග්‍රහයක් රජතුමා ඇතුළු හේවාපන්නයකට සිදු කිරීම නිසා මෙතරම් ඇඹුල් දොඩම් කොහේ තියෙයිද විමසා තිබෙනවා.
මේ පැත්තේ ඇඹුල් දොඩම් බහුලව ඇති බවසදහන් වීමෙන් ඈඹුල් දොඩම් බහුලවු ප්‍රෙද්ශය “ ඇඹිලි පිටිය “ වු බව සදහන්.
එයත් බැහැර කල හැකි කතාවක් බවයි මීදුම හිතන්නේ.
දුටුගැමුණු රජතුමා විජිතපුර බලකොටුව අල්ලන්නට යුද හමුදාව සංවිධානය කරන විට, ඔහුගේ හමුදාවේ සිටි ඇතුන් (ඇතින්නියන්) මෙම තැනිතලා භූමියේ ගාල් කර තිබූ බව පැවසෙනවා. අතීතයේ ඇතුන් පාලනය කරන ස්ථානවලට "පිටිය" යන නම එක් වූ අතර, එම ඓතිහාසික සිදුවීම් ඇසුරෙන් ද මෙම නම නිර්මාණය වූ බවට විශ්වාසයක් පවතිනවා.
ඒත් පිටියට ඇඹුල් එකතුවුන තැනක් මේ කතාවේ නැහැ.
වීරබාහු අමත්‍යවරයාගේ කතාවට අපි එකග වෙමු නේ.







No comments:
Post a Comment