මහනුවර යුගයේ තමයි බෙලිහුල්ඔය ජනාවාස සංවර්ධණය පටන් අරන් තියෙන්නේ.
මුල්ම යුගයේ ගොවිතැන් කරන්න පුළුවන් බිම් ආශ්‍රිතව පොඩි පොඩි කණ්ඩායම් පදිංචි වෙලා ඉදලා තියෙනවා.
මේ කාලයේ වී ගොවිතැන් සංවර්ධණය සදහා ඇළ වේලි සකස් කරන්න මහනුවරින් ගම් නායකයින් අවා කියලා මතයක් තියෙනවා. මෙහේ ඉන්න ගම්වැසියන් බොහොමයක්. සෙනවිරත්න මුදියන්සේලාගේ ,හේරත් මුදියන්සේලාගේ , ඉපිටවෙල විදානෙලාගේ වගේ වාසගම් ඇත්තෝ.
ගොවිතැන හැර වෙනත් වෘත්තීන්වල යෙදුන අයත් ඉන්නවා. ඒ අය ජන සංඛ්‍යාෙවන් අඩුයි.
බෙලිහුල්ඔයෙන් වතුර අරගෙන සකස් කල ඇළක් තියෙනවා.
මේ ඇළට කියන්නේ“ මහ ඇළ“ කියලා. මේ ඇලෙන් හෙල්මැලි ක්‍රමයට සකස්වුන වෙල්යායන් ගනනාවකට වතුර සපයනවා.
අක්කර හය හත්සීයයක් භුමි බාගයක් මේ වතුරෙන් පෝෂණය වෙනවා . අවසානයේ වතුර යලිත් බෙලිහුල්ඔයටම එකතු වෙනවා.
අපේ වාසනාවට අපේ ගෙවල් මායිමෙන් බෙලිහුල්ඔයට යන ගමන් මගේදී අපිව එකතු කරගන්නවා.
මීට අවුරුදු හැත්තෑවකට අසූවට පෙර මේ දියකද අපේ වික්‍රමාන්විතයන් සදහා යොදාගත්ත බිමක්. අපි මාළු අල්ලනවා. ඉබ්බෝ හොයනවා.දිය බල්ලෝ දකිනවා. නානවා අම්මලා තාත්තලාගෙන් බැණුම් අහනවා ගුටි කනවා.
කාලයත් එක්ක කොන්ක්‍රීට් සංවර්ධණය නිසා ඇලේ ස්වභාවික බව වෙනස් වුනා. මාළු ,ඉබ්බෝ නැතිවුනා. මාළු නැති නිසාද කොහෙද දිය බල්ලොත් නැහැ.
අඩි දෙකක විතර පලල ගැඹුර ඇලක් අන්තිමට ඉතිරි වුනා.
අළුත් පරපුර මේකට කියන්නේ කාණුව කියලා !.
අපේ වික්‍රමාන්විතයන් දැන් ඉන්න පරපුරට නැහැ.
සංවර්ධණය කියන්නෙත් අමුතු දෙයක්.







No comments:
Post a Comment