පඩුකරඳ ගහ , රාජංගතයේ ගොවීන්ගේ ජලහිගය සහ තඹුත්තේගම පානීය ජල ව්‍යාපෘතිය ……………..තව තවත් විරෝධතා සහ අද සිදුවන කලින් වෙන් කල මුදලින් කරන ව්‍යාපෘති මතක් කර ගත් විට බලය සදහා කරන දහජරා වැඩ ගැන පිළිකුලක් ඇති වන්නේ නැද්ද ?.
පරිසරය , සමාජය වෙනුවෙන් පෙනී සිටීම වැදගත්ය.
එහෙත් අන්තවාදය ඔස්සේ පමණක් ප්‍රශ්න දෙස බලන්නට යාම නුසුදුසු වන්නේ සෑම විටම සංවර්ධන ක්‍රියාවලීන් හා පරිසරය අතර අනිවාර්ය ගැටුම් මතුවන නිසාය.
ඊටත් වඩා බරපතළ කාරණය වන්නේ වංචාකාරී ලෙස දේශපාලන අරමුණු වෙනුවෙන් පරිසර හා සමාජ ප්‍රේමය අවභාවිත කිරීමය.
එකම ප්‍රශ්නයක් වෙනුවෙන් පාලකයන් දෙදෙනෙක් යටතේ සපුරා දෙවිදිහකට ප්‍රතිචාර දැක්වීම ඒ වංචනික බව පිළිබඳ එක් උදාහරණයක් පමණි.
එහෙත් දේශපාලනය පමණක් දූෂිත බවත් පරිසර හා සමාජ ප්‍රේමය ඉතා අහිංසක පිවිතුරු දෙයක් බවත් බොහෝ දෙනා විශ්වාස කරති.
නමුත් ලංකාවේ සහ නූතන ලෝකයේ වඩාත්ම වංචනික දේශපාලන මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේ වඩාත්ම සුන්දර හා අහිංසක යැයි පෙනෙන ලේබල් යටතේ බව අප අමතක කළ යුතු නැත.
කළ යුත්තේ කිසිවෙකුට පුද්ගලිකව බැණ අඬගැසීම නොව මේ පුංචි සිදුවීම් පසුපස ඇති ලෝක දේශපාලනයේ මහා පින්තූරය නිවැරදිව තේරුම් ගැනීමය.
ඊට අවැසි සාක්ෂරතාව අප තුළ නොමැති වීම නිසා කලින් කලට විවිධාකාර වංචාකරුවන් වීරයන් බවට පත් කරගැනීම අපේ විනෝදාංශයක් බවට පත්වී තිබේ.
.jpg)







No comments:
Post a Comment