නිමේෂ තිවංකර සෙනෙවිපාල විසින් රචිත පර්‍යේෂන වාර්තා ඇසුරින්..
උඩරට පළාත්වල බණ්ඩාර ලා බෙහෙවින් සුලබ ය. බණ්ඩාර යන්න නොයෙක් වගවාසගම් සමඟින් යෙදෙන අතර, එම නාමයේ ආරම්භයක් හෝ විකාශනයක් ගැන ස්ථිර මතයක් තවමත් ගොඩනැගී නැත. කෙසේ වෙතත්, බණ්ඩාර යන නමින් ම යමෙක් උඩරට වැසියෙකු යැයි ගම්‍ය වේ. මේ බණ්ඩාරලා ගැන විද්වතුන් අදහස් පළ කර ඇතත් ඒවා එතරම් තාර්කික ප්‍රවේශයන් ලෙස සැලකිය නොහැක. උදාහරණයක් ලෙස ආචාර්ය පරණවිතානගේ මතය වනුයේ පැරණි අභිලේඛනයන් හි එන, 'බඩගරික' යන්නෙන් 'බණ්ඩාර' යන්න සම්භවය වී ඇති බවත්, ඇතැම් විට මැලේසියානු 'භණ්ඩාර්' යන නාමයෙන් තත්සම වන්නට ඇති බවත් ය. මේ මතයට දෙස් දෙමින්, මහනුවර යුගයේ 'බණ්ඩාරගම්' යනුවෙන් මහා භාණ්ඩාගාරයට ආදායම්/සම්පත් රැස් කළ ගම්බිම් පැවති බවත් දක්වනු ලැබේ. එම ගම්මාන 'ගබඩාගම්' යනුවෙන් ද ව්‍යවහාර වේ.
'බණ්ඩාර' යන්න ද්‍රවිඩ 'පණ්ඩාරම්' යන්නෙන් සකස් වූවා වන්නට ද පිළිවන. හින්දු පණ්ඩාරම්ලාගේ කාර්යය වූයේ කෝවිල්වලට මල් අඩුක්කු කිරීම ය. අරාබියාවේ ද 'පන්දාර්' යනුවෙන් රාජවංශයක් පැවතුණි.
මේ හැරුණු විට 'බණ්ඩාර' යන්න ගොවිකුල ඇත්තන් අතර බෙහෙවින් සුලබ බව පෙනෙන්නට තිබේ. ඇත්ත වශයෙන් ම, 'බණ්ඩාර ඇත්තන්' යනුවෙන් ආමන්ත්‍රණය කරන ලද්දේ ගොවිගමයන් ය. බණ්ඩාරලා වනාහි කෙත්වතු හිමිව සිටි නිදහස් ගොවීන් ය. මේ නයින් බලන කල, 'රදල' යනුවෙන් පිම්බී ගියත්, 'බණ්ඩාර' නමක් යෙදේ නම් තෙමේ නිසැකයෙන් ම 'ගොවිගම' වන බව පෙනේ.
උඩරට පළාත්වල, විශේෂයෙන් ම පැරණි ලේඛණ පිරික්සන විට 'බණ්ඩාරවලිය' යනුවෙන් පාරිභාෂික වදනක් හමුවේ.
'වලිය' යනු 'ව<ලිය' නොව, 'ව>ලිය' විය යුතු ය. ඉන් ගම්‍ය වන අර්ථය නම්, 'සමූහය' යන්න ය. නැත්නම් 'සෙට් එක' යන්න ය. සරළව ම කිවහොත් 'බණ්ඩාරලා සෙට් එක' ය.
උඩරට බණ්ඩාරවලිය වනාහි එක ම අවුල් ජාලාවකි. ඒ පිළිබඳව හදාරන විට අගමුල් සොයාගැනීමට නොලැබේ. විටෙක, බණ්ඩාර හත්කට්ටුව ලෙස ද, බණ්ඩාර දොළොස් කට්ටුව ලෙස ද, බණ්ඩාර හැටහත් කට්ටුව ලෙසද, බණ්ඩාරවලිය ලෙස ද මේ ගැන කියවේ.
මේ වර්ගීකරණ අතරින් 'කට්ටු' යනුවෙන් හැඳින්වෙන තුන ම කංකාරි මඩුවේ ත්, යාතිකාවලත් ඇසේ. අනෙක වන, බණ්ඩාරවලිය පැරණි කඩයිම්වලත්, විත්තිපොත්වලත්, ලේකම්මිටිවලත් යෙදේ. සිඳුරුවානාබද උඩුනුවර බණ්ඩාරවලිය, මාතලේ මහදිසාවේ බණ්ඩාරවලිය යනාදි වශයෙන් ප්‍රාදේශීය බණ්ඩාරවලි රැසක් මට හමු වී තිබේ. යට කී 'කට්ටු' සහ 'වලි' ගැන කරන ලද විමැසුමේ දී පෙනී යන්නේ, 'කට්ටු' යනුවෙන් ව්‍යවහාර වන්නේ 'මල පසු දෙව් බවට පැමිණැවූ' පුද්ගල පිරිසක් වන බවත්, 'වලි' යනු ජීවමාන පෙළපත් වන බවත් ය. නුවර යුගයේ දී, උඩුනුවර හා යටිනුවර දෙපලාතට එවැනි බණ්ඩාර පවුල් දහඅටක් ප්‍රබල ව සිටියෝ ය. ඔවුන් පහත සඳහන් බණ්ඩාරලාගෙන් ආරම්භ වූවන් යැයි කියනු ලැබේ.
1. උරුලෑවත්තේ විජයසුන්දර බිසෝබණ්ඩාර
2. ගංගොඩ යාපා බණ්ඩාර
3. රඹුංගොඩ කුමාර බණ්ඩාර
4. දන්තුරේ තුනයාර බණ්ඩාර
5. පීලිගම කඳුරේ බණ්ඩාර
6. සිද්දවුලේ සෙනෙරත් බණ්ඩාර
7. උනම්බුවේ යාපා බණ්ඩාර
8. අලපලාවෙල අබේසිං බණ්ඩාර
9. අළුදෙණියේ මායිං බණ්ඩාර
10. යාලේගොඩ මහ බණ්ඩාර
11. පිලීගල්ල කුමාර බණ්ඩාර
12. සිඳගල නීලවතී බණ්ඩාර
13. පායිංගමුව ඉරුගල් බණ්ඩාර
14. කිරිබත්කුඹුර පණික්කි බණ්ඩාර
15. වෙලම්බොඩ විජයරාජ බණ්ඩාර
16. ඕකේවෙල සූරියදාස් බණ්ඩාර බ්‍රාහ්මණ රාළ
17. ඇරැව්වාවල කුමාර පනික්කි බණ්ඩාර
18. මාත්ගමුවේ සෙණෙකඳ බිසෝ බණ්ඩාර
මේ ලේඛනයට අමතරව තවත් බණ්ඩාරවලි ප්‍රාදේශීය වශයෙන් තිබෙන්නට පිළිවන. එවැනි කිහිපයක් මා සතුව ද පවතියි.
කෙසේ වෙතත්, බණ්ඩාරලා ගැන බොහෝ විස්තර වේ.
බණ්ඩාරලාගේ කාන්තාවෝ, බිසෝබණ්ඩාර ලා ය. එවැනි බිසෝබණ්ඩාරලා බොහෝ ය.
1. යටිගල්ඔලුවේ බිසෝබණ්ඩාර
2. කුඹල්ඔලුවේ බිසෝබණ්ඩාර
3. සෙණකඳ බිසෝබණ්ඩාර
4. නීලවතී බිසෝබණ්ඩාර
5. උඩුකිඳ බිසෝබණ්ඩාර
6. දුනුමාලේ බිසෝබණ්ඩාර
යනු ඉන් කිහිපයකි.
දරුවන්, 'කුමාරබණ්ඩාර' වේ. පිරිමින් විශේෂයෙහි, මහබණ්ඩාර, කුඩාබණ්ඩාර, ළමා බණ්ඩාර, ටිකිරිබණ්ඩාර වශයෙන් විශේෂණ් යෙදේ.
කෙසේ වෙතත්, බණ්ඩාර යන්න වැද්දන් කෙරෙහි ද යෙදි තිබේ. 'බණ්ඩාර වැද්දන්' ලෙස කංකාරියේ දී පිදෙන දෙවි කට්ටුවක් ද සිටී.
මාගේ විශ්වාසය නම්, බණ්ඩාර යන්න ගොවිගමයන් සඳහා හෙදුණු හුදු ගෞරව නාමයක් පමණක් වන බව ය. උඩරට ඇතැම් ප්‍රදේශවල, කිසියම් ගමකට අලුතින් පැමිණ බින්න බහින පිරිමියෙකු හැඳින්වීමට නිරායාසයෙන් ම බණ්ඩාර නම යෙදෙයි. දන්තුරෙන් ආ තැනැත්තා, දන්තුරේ බණ්ඩා(ර) ය. දුම්බරින් ආ තැනැත්තා දුම්බර බණ්ඩා(ර) ය. එය වර්තමාන ව්‍යවහාරයේ 'මහත්තයා' යනුවෙන් යෙදෙන ආමන්ත්‍රණයට සමාන යැයි මගේ විශ්වාසය වේ. 'බිසෝබණ්ඩාර' යනු ද එවැනි ම ය. ගොවිකුල කාන්තාවන් විෂයෙහි එය යෙදෙන්නට ඇතැයි සිතිය හැක.
සැබෑ හන්දුරු හෙවත් ව්‍යවහාරිත රදල උප කුලයේ කිසිවෙකුට 'බණ්ඩාර' යෙදී නැත. යම් රදල යැයි කියනු ලබන පෙළපතකට 'බණ්ඩාර' යන්න එකතු වී ඇත්නම් ඉන් ස්ඵුට වන්නේ ඔවුන්, ගොවිගම කුලයට අයත් බවත්, පසුව රාජප්‍රසාද ලබා හිමි වූ තනතුරුධාරින් වන බවත් ය.
උඩරට සැබෑ රදළ පේරුවේ පෙළපත්වලට 'බණ්ඩාර' යන්න එක් වී නැත. ඇතැම් විට පසුකාලීනව එකතු කරගෙන තිබිය හැකි වුවත් 1815ට පෙර සන්නස් ආදියෙහි එසේ යෙදී ඇති තැන් සෙවීම දුෂ්කර ය.
එවැනි පෙළපත්වලට උදාහරණ කිහිපයක් මෙසේ ය.
1. ඇහැලේපොල විජයසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර
2. කපුවත්ත විජයසුන්දර රාජකරුණා නවරත්න බණ්ඩාරනායක
3. කැප්පෙටිපොල රාජකරුණා චන්ද්‍රසේකර වාහල තෙන්නකෝන්
4. අමුණුගම දුම්බර රාජකරුණා සෙනෙවිරත්න අභයකෝන්
5. ඇරැව්වාවල සේනානායක භුවනෙකබාහු නාරායන රාජගුරු වාහල පණ්ඩිත
6. මාම්පිටියේ අමෘතහස්ත නවරත්න වික්‍රමසිංහ සේනානායක පණ්ඩිත වාහල
7. මුල්ලේගම හේරත් දවුන්ඩසේකර වික්‍රමසිංහ ඒකනායක අභයකෝන් පණ්ඩිත රාජපක්ෂ
8. රත්වත්තේ විජයවර්ධන සෙනෙවිරත්න පණ්ඩිත අභයකෝන් බන්ඩාරනායක
9. දුනුවිල රාජකරුණාධර ඒකනායක ඒකනායක ධර්මකීර්ති පණ්ඩිත වාහල
10. කොබ්බෑකඩුව රාජකරුණා රාජපක්ෂ නවරත්න වික්‍රමසිංහ සෙනෙවිරත්න දිසානායක
මේ අනුව බණ්ඩාර යන්න සැබෑ රදල පවුල් විෂයෙහි නොයෙදෙන බව වටහාගැනීම දුෂ්කර නොවේ.
නැවත බණ්ඩාර 'කට්ටු' දෙසට හැරෙමු.
උඩරට ප්‍රදේශවල මලවුන් දේවත්වයට පත්කිරීම සුලභව සිදු වී ඇත. හැටහත් කට්ටුව, දොලොස්කට්ටුව, හත්කට්ටුව ලෙස කාණ්ඩ කොට, පුදලබන්නේ ද එසේ මරණයෙන් පසු දෙවි බවට පත් වූ උඩරට වැසියෝ ය.
ටිකිරි බණ්ඩාර, හෙණකඳ බිසෝබණ්ඩාර, කුඹල්ඔලුවේ බිසෝබණ්ඩාර, යටිගල්ඔලුවේ බිසෝබණ්ඩාර, වන්නි බණ්ඩාර, ගඟේ බණ්ඩාර, නමනැති බණ්ඩාර, අලුත් බණ්ඩාර, කිවුලේගෙදර බණ්ඩාර, දුනුමාලේ බිසෝබණ්ඩාර ඇතුළුව එසේ මරණයෙන් පසු දෙවි බවට පත් බණ්ඩාරලා සිය ගණනක් සොයාගත හැකිය.
එමෙන් ම, අලුත්නුවර දේවතා බණ්ඩාර, ඉරරැස් බණ්ඩාර, සඳරැස් බණ්ඩාර, සූනියම් බණ්ඩාර, කලු බණ්ඩාර ආදි, ඉතිහාසයක් අපැහැදිලි පැරණි දෙවිවරු රැසකට ම ද 'බණ්ඩාර' ලෙස යොදා තිබේ.
මේ බණ්ඩාර දෙවිවරු සිය බලය පතුරුවා හරින්නේ කිසියම් සීමිත ප්‍රදේශයක් තුළ ය. ගඟේ බණ්ඩාර කොත්මලේ ද, ඉරුගල් බණ්ඩාර හන්තාන ද, වත්හිමි බණ්ඩාර කුරුණෑගල ද ආදි වශයෙන් බලය පතුරුවයි. සෑම බණ්ඩාර දෙවි කෙනෙකුට ම එවැනි බලප්‍රදේශයක් පැවති යි.
'බණ්ඩාර' යන්න උසස් කුලවතුන් සඳහා උඩරට ප්‍රදේශවල දී පොදුවේ යෙදුණු ගෞරවාන්විත ආමන්ත්‍රණයක් බව මා කියන්නේ මේ පදනමෙහි පිහිටා ය. ඒ ගැන දෙස්දෙන ලේඛණ රැසක් පවතියි.
කුල සම්ප්‍රදායන් කෙසේ වෙතත්, උඩරට පළාත්වල මානවවිද්‍යා පර්යේෂණයන්ට මෙවැනි අපූරු තැන් ගෝචර වී නොතිබීම සැබැවින් ම කණගාටුදායක කරුණකි.
(මෙතුමා විසින් ප්‍රකාශනයට පත් කරන ලද 'කන්ද උඩරට පැරණි පුස්කොළ ලියවිලි, කුරුණෑගල විස්තරය කියවන්න.)
ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>
1 comments:
ඕව වලින් දැන් වැඩක් තියෙනවද
Post a Comment