Thursday, September 05, 2024

සිංහල භාෂාව



සිංහල භාෂාව යනු ලෝකයේ එක් කුඩා රටක, කුඩා පිරිසක් පමණක් භාවිත වන අතිශය නොවැදගත් භාෂාවක් බව බොහෝ දෙනා විශ්වාස කරති. ඒ කතාවේ ඇත්ත නැත්ත කුමක්දැයි කරුණු සහිතව විමසා බලමු.
1. ලෝකයේ භාෂා 7000ක් පමණ ඇත. මව්භාෂා ලෙස ඒවා භාවිත කරන ජන සංඛ්‍යාව අනුව මේ භාෂා පෙළ ගැස්වූ විට (චීන, ස්පාඤ්ඤ, ඉංග්‍රීසි, හින්දි, බෙංගාලි ආදී ලෙස) සිංහල භාෂාවට හිමිවන්නේ එහි ඉහළම ස්ථානයක් වන 68 වන ස්ථානයයි.
2. සිංහල භාෂාව මව්භාෂාව ලෙස කතා කරන මිලියන 17ක් පමණ ලෝකයේ ජීවත් වෙති. අනෙකුත් භාෂා කතා කරන ජනගහනය සමග සසඳන කල එය කුඩා අගයක් නොව අතිශයින් විශාල අගයකි.
3. ගූගල් සමාගම පරිවර්තන සේවා සපයා ඇත්තේ ලෝකයේ භාෂා 7000ක් අතරින් ප්‍රමුඛ භාෂා 109කට පමණි. සිංහල භාෂාවද ඒ 109ට ඇතුළත් වේ.
4. සිංහල යනු චීන, හීබෲ, දෙමළ, සංස්කෘත, ග්‍රීක, ලතින්, ඊජිප්තු ආදී වූ ලෝකයේ පැරණිම භාෂාවන් අතරට අයත් වන භාෂාවකි.
5. පැරණි බව පමණක් නොවේ. එය අඛණ්ඩව පරිණාමය වන සජීවී භාෂාවකි. අද වන තුරුත් තමන්ගේ පැවැත්ම ජයග්‍රාහීව තහවුරු කරගෙන සිටින භාෂාවකි. ලෝකයේ ඇතැම් පැරණි භාෂා අද වන විට සපුරා අභාවයට ගොස් තිබුණද සිංහල භාෂාව ඒ ඉරණමට ගොදුරුව නැත.
6. අවුරුදු 2300කට පෙර අපේ මුතුන් මිත්තෝ අපේ භාෂාවෙන් ගද්‍ය රචනා ලිවීමට සමත් වූහ. මේ අගය මීට වඩා ඉහළ බවටද බොහෝ වාද විවාද තිබේ.
7. අවුරුදු 1500කට පෙර සිට අපේ මුතුන් මිත්තෝ අපේ භාෂාවෙන් කවි ලියූ බවට සාක්ෂි බොහෝය. භාෂාවේ සියුම්තම ස්ප්‍රීතුව ලෙස සැලකෙන කවි ලිවිය හැක්කේ ඉතාම දියුණු භාෂාවකින් පමණි.
8. දැනට හමුවන පැරණිම සිංහල කවි වන සීගිරි කුරුටු ගීවල වයස සලකා බැලුවද ඒවා වසර 1300කට වඩා පැරණිය.
9. අනුරාධපුර යුගයේ සිට ආරම්භ වූ දියුණු ගද්‍ය සාහිත්‍යයක් අපට ඇති අතර, ඒ හා සමකාලීනව එවැනි සම්භාව්‍ය සාහිත්‍ය කෘති බිහිකළ භාෂාවක් ලෙස දකුණු ආසියාවේම ඇත්තේ සංස්කෘත භාෂාව පමණි.
10. මනා සංවිධානයක් සහිත තමන්ටම අනන්‍ය වූ දියුණු අක්ෂර මාලාවක් පැවතීමද සිංහල භාෂාවේ විශේෂ ලක්ෂණයකි. නමුත් ඉංග්‍රීසි ඇතුළු ලෝකයේ බොහෝ ප්‍රමුඛ භාෂාවන් රාශියකට තමන්ගේම වූ අක්ෂර මාලාවන් නැත.
11. ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ, ඉතාලි, ජර්මන්, නෝර්වේ ඔස්ටි්‍රයා ආදී යුරෝපයේ ප්‍රබල භාෂා 150ක පමණ ප්‍රමාණයක් තම අක්ෂර මාලා ලෙස භාවිත කරනුයේ ලතින් අක්ෂරය. නමුත් ලතින් භාෂාව අද භාවිතයේ නැති තරම්ය.
12. සංස්කෘත, හින්දි, ඇතුළු භාෂා 16ක් පමණ තම අක්ෂර මාලාව ලෙස දේවනාගරී අක්ෂර භාවිත කරයි. නමුත් දේවනාගරී යනු අක්ෂර මාලාවක් මිස යනු භාෂාවක් නොවේ.
13. ඇ, සහ ඈ යන ශබ්ද සඳහා අක්ෂර රූප හෙවත් ඇ කාරය ලෝකයට හඳුන්වා දෙන ලද්දේද සිංහලයන් විසිනි. බොහෝ භාෂාවල ඇ, ඈ ශබ්ද නිරූපණය සඳහා විශේෂිත සංකේත නොමැති අතර, ඇතැම් භාෂාවල ඇ, ඈ යන ශබ්ද පවා ඇතුළත් නොවේ.
14. සිංහල භාෂාවේ ප්‍රකාශන ශක්තිය අතිශයින්ම ඉහළය. සියවස් ගණනාවකට පෙර රචනා වූ සද්ධර්මරතනාවලිය, ජාතක පොත, ගුත්තිල කාව්‍යය වැනි කෘති දෙස බැලුවද ඒ බව පැහැදිලිව පෙනේ.
15. අක්ෂර සංකේත හරහා විශාල පරාසයක ශබ්ද රාශියක් ඉතා නිවැරදිව නිරූපණය කිරීමේ හැකියාව සිංහල භාෂාව සතුය. නමුත් ඉංග්‍රීසි ඇතුළු බොහෝ භාෂාවල අක්ෂර හා ශබ්ද අතර පැහැදිලි තර්කානුකූල සම්බන්ධයක් දක්නට නැත. මේ අනුව සිංහල යනු ලෝකයේ ඇති භාෂා අතරින් අතිශයින්ම ශබ්දානුගත භාෂාවකි.
16. නිරන්තර පරිණාමයට ලක්වීමද සිංහල භාෂාවේ තවත් සුවිශේෂී ලක්ෂණයකි. කුඩා දරුවන්ට තබන සිංහල නම් දෙස බැලීමෙන් වුවද මේ බව පැහැදිලිව හඳුනාගත හැකිය. ඉංග්‍රීසි බසින් දරුවන්ට තබන නම් වසර සියවස් ගණන් පැරණි ඒවා වුවද සිංහල පුද්ගල නාම දශකයෙන් දශකයට අලුත් වීම සිදුවේ.
17. යටත්විජිතවාදයේ බලපෑම් සහ තර්ජන මැද ලෝකයේ ඇතැම් ස්වදේශික භාෂා මේ වන විට සපුරා අහෝසි වී තිබේ. තුර්කි බස, පිලිපීනයේ ටගලොග්, වියට්නාමයේ චූනෝම්, ඉන්දියාවේ මුන්දා ආදී භාෂා රාශියක් මේ වන විට තම අක්ෂර මාලා වෙනුවට ලතින් අක්ෂර භාවිත කරති. එහෙත් බොහෝ බලපෑම් තර්ජන මැද සිංහලය තවමත් සිය අඛණ්ඩ පැවැත්ම තහවුරු කරගැනීමට සමත් වී තිබේ.
සිංහල යනු ලෝකයේ කුඩා දූපතක අසරණ අනාථ භාෂාවක් යැයි සිතා සිටින ළිංමැඬියන් තමන්ගේ භාෂා උරුමය ගැනත් ලෝකයේ වෙනත් භාෂා ගැනත් මේ කරුණු අවධානයට ගැනීම වැදගත්ය.

උපුටාගැනීමකි



6 comments:

Jagath Pathirana said...

සිංහල භාෂාවේ ලොකුම වැදගත්කම ඔය ලැයිස්තුවේ නෑ.
ලංකාවේ මිනිස්සු එකට එකතු කරන්න පුලුවන් සිංහල පොදු භාෂාව කරගැනීමෙන් විතරයි.
ඉංග්‍රීසි හෝ දෙමළ නිසා වෙන්නේ සමාජය බෙදීම විතරයි.

Jagath Pathirana said...

සිංහල භාෂාවේ තියෙන වැදගත්ම දේ ඔතන කියලා නෑ.

සිංහල භාෂාව පොදු භාෂාව කරගැනීමෙන් විතරයි මේ රටේ මේ රටේ මිනිස්සු එකතු කරන්න පුලුවන්.

kadulla plus said...

සිංහල භාෂාව පොදු භාෂාව බවට පත්කර ගැණීම ගැටළු සහගතයි නේද කියලා ජනතාවගෙන් කොටසක් භාවිතා කරන්නේ ද්‍රවිඩ භාෂාව. අතරමැදි තැනකට අපිට එන්න වෙනවා. කාර්මිකරණය නිසා ජාත්‍යන්තර භාෂාවක වැදගත්කමක් ද තියෙනවා.

Jagath Pathirana said...

“අතරමැදි තැන“ පැහැදිලි නෑ
දෙමළ කතා කරන අය හිටියට එයාලා ගෝත්‍ර කිහිපයක් විදියට ඉන්නේ. දෙමළ භාෂාව නිසා ඔවුන් එක්වෙලා නෑ. දෙමළ නිසා වෙන්නේ දෙමළ කතා කරන ගෝත්‍ර සිංහල කතා කරන අය සමග මිශ්‍රවීම වැලකීම විතරයි. දෙමළ භාෂාව නිසා එකතු වෙනවා නම් වෙන්නේ තමිල්නාඩු ප්‍රාන්තය කේනුද්‍ර කරගෙන.
සිංහල කතා කරන අය කිසිම විශේෂ බලපෑමක් නැතුවම එන සංස්කෘතියකට එනවා.

ඉංග්‍රීසි නිසා වෙන්නේ දෙමළ කතා කරන කෙනෙක් දෙවන බස විදියටවත් සිංහල ඉගෙන ගැනීමෙන් වැලකීමයි. අනිත් අතට ඉංග්‍රිසි නිසා බොහොම ව්‍යාජ එකමුතු කමක් ඇතිවෙන්ිනේ. ඔය දේවල් පිටුපස තියෙන බෙදුම්වාදී දේශපාලනය සිංහලයන් තේරුම්ගත යුතුයි.
අනිත් අතට ඉංග්‍රිසි පොදු භාෂාව කරගත්තොත් අපිට ලංකාව ඇතුලෙවත් කිසිම පොදු වැඩක් සිංහලෙන් කරගන්න බැරිවෙනවා.

kadulla plus said...

“අතරමැදි තැන“ කියලා මම අදහස් කලේ දෙමල පමනක් කතාකරන අයත් සිංහල පමනක් කතාකරන අයටත් දෙවෙනි පොදු භාෂාවක් ලෙස වෙනත් එක් භාෂාවක් ඉගන ගතහොත් සංනිවේදනයත් , වර්තමාන දැනුම ලබා ගැනීමේ මෙවලම් පරිහරණය පහසු වන බැවින් ඉංග්‍රීසි වැනි ජාත්‍ය්‍යන්තර භාෂාවක් ඉගන ගැනීමේ වැදගත් කමයි. ඔබ කියන අදහස මම පිලිගන්නවා දෙවන බසක් ලෙස සිංහල අය දෙමළත් ,දෙමළ අය සිංහල ඉගනීමත් අපේ රටේ පුළුල් පාලමක් ඇතිවීමට බලපානවා. ඉංග්‍රීසිත් දැනුුම සොයා යන්න වැදගත් වෙනවා.

Jagath Pathirana said...

ඹව්වට තමයි මානසික භාධක දාගන්නවා කියන්නේ.
දෙමළ කතා කරන අය සිංහල ඉගෙන ගන්නවා නම් සිංහල අය දෙමළ ඉගෙන ගන්න අවශ්‍ය නෑනේ. අනිත් එක දෙමළ භාෂාව ශක්තිමත් කිරීමෙන් වෙන්නේ සමාජය තවදුරයත් බෙදීමයි. රටේ පොදු යහපත ගැන හිතනවා නම් කල යුත්තේ පුලුවන් තරම් දෙමළ භාෂාව දුර්වල කිරීමයි.

ඔයා කියන කතාව දේශපාලකයන්ට හොඳ කතාවක්. දේශ පාලකයන්ට පුලුවන් බදු අඩු කරලා රාජ්‍ය ආදායම වැඩිකරනවා වගේ දේ කරන්න. ඒත් මටනම් බෑ. මම දේශපාලකයෙක් නෙමෙයි.
දෙමළ ජාතිවාදීන්ට අවශ්‍ය “සිංහල“ කියන නමින් හඳුන්වන කිසිම දේකට ලංකාව තුල විශේෂත්වයක් ලැබීම වැලැක්වීම. සිංහල මිනිස්සු එය තේරුම්ගත යුතුයි.

ඔය කාරනයෙදි ඇමරි්කාවෙන් පාඩමක් ඉගෙනගත යුතුයි. ඔවුන් ඉංග්‍රීසිය රටේ එකම භාෂාව වැනි තත්වයක් ඇතිකලේ කොහොමද කියලා හොයාබැලිය යුතුයි. ඉංග්‍රිසි නැතිනම් අද ඇමරිකාවත් ලංකාව වගේම බලු රටක්.

“දෙමළ අය සිංහල ඉගනීමත් අපේ රටේ පුළුල් පාලමක් ඇතිවීමට බලපානවා“ මේ කතාව පල් බොරුවක් දෙමළ කතා කරන යාපනේ මිනිහත් වතු දෙමලත් මුස්ලිම් මිනිහත් අතර වත් ඔය කියන පාලම ඇතිවෙලා නෑ. මට දෙමළ පුලුවන් වුනානනම් පාලමක් ඇතිවෙනවා - හැබැයි ඒ තමිල්නාඩුව එක්ක.