කවිය කියන්නේ යමක් කීම නෙමෙයි කියා ගන්න බැරි යමක් කීම....
(ගුරු තරුව වේදිකා නාට්‍යයේ ගීතයකි)
සාහිත්‍ය ගුරුතුමා : -
කිසි අදහසක් නොදිටිමි දෙන පහන සිළු.........
සෙවණැලි වැටී ඇත ගෙයි හැම තැනම ගොලු.......
දොර හැර ගියෙමි රැහි පළඟැටි හඬය රළු........
මිදුලේ වියන ලදි සඳ රැස් පැදුරු මලු.......
සංගීත ගුරුතුමිය : -
වැටකොටු කුමට අලියෙකු හට වෙසෙන වනේ.......
මට මඩ වගුරු ලඟ පරසතු සුවඳ දැනේ.......
සිට දැන් නැතත් සිතුවත් හුරු අඳුරු කොනේ......
වට කලුවරක් මැද ඝන රැස් තරිඳු පෙනේ.......
සාහිත්‍ය ගුරුතුමා : -
කඳුගැට පපා දිලි මීදුම් සළු පාට..................
මට ඇති කලේ වෙනකිසිවක් නොව සීත......
ලය මුව මෙන්ම ගොලු වූවත් මගෙ දෑත.......
ඔබ සිහිකලෙමි ලඟ ඇති ඈත............
සංගීත ගුරුතුමිය : -
හඳ පලුවක් මතුවී නුඹ වත්තෙන්........
තරු කැට ඒ වට විසිරී ඇත්තෙන්.......
කෙටුවා වාගෙයි පුන් සඳ කැත්තෙන්........
කෙටුවේ කැත්තේ නොකැපෙන පැත්තෙන්........
අවසන් කවිය නාරංපනාවේ විමලරත්න කුමාරගම කවියාගේ රචනයකි
1 comments:
ස්තූතියි
Post a Comment