wwwwwwww wwwwwwww wwwwwwwwww
wwww wwww wwwww wwww

2024-09-03

පැරණි ගම්වල තිබ්බ ලිං




1 කුඹුකේ ලිඳ (වියලි කලාපය)
අහල තිබ්බට දැකල නෑනේ. ඔන්න බලන්න මේ කුඹුක් ගස් හෙවනේ ලිඳට තමා ඉස්සර මුතුන් මිත්තන් කුඹුකේ ලිඳ කියලා කිව්වේ.
ගහ යට හෙවන නිසා වතුර සීතලයි. ඒක නිසා නෑමට ගන්නත් පුලුවන්. නමුත් මේ වතුර ඊට වඩා හොඳ බීමටයි. කුඹුක් ගස්වලට වියලි කලාපයේ භූගත ජලයේ තියෙන ඛණිජ හා ලවණ වර්ග උරාගැනීම නිසා සාමාන්‍ය ජලයට වඩා බීමට සුදුසුයි.
ඒකාලෙ මිනිස්සු හුණු වෙනුවට කුඹුක් පොතු පුච්චලා අඟුරු අරන් තියෙනවා බුලත්විටට.
කුඹුක් ගහ යට ලිං හාරල වගේම ලිඳ ලඟ කුඹුක් ගහක් හිටවලත් මේ ලිං හදාගත්තා. වැඩිපුර තිබ්බෙ වියලි කලාපෙ උනත් අපේ වත්තෙත් තිබ්බා මේ වගේ ලිඳක්. ඒකෙ ලිඳේ ගල්බැම්ම අස්සෙන් කුඹුක් මුල් කැරලි කැරලි ලිඳ ඇතුලට ඇදිල තිබ්බා.

2 ඌරාකැට ලිඳ (තෙත් කලාපය)
මේ ලිං තෙත් කලාපයේ තමයි දකින්න පුලුවන්. මේවා විවිධ නම්වලින් හැඳින්වුණා.
ඌරුකැටේ , ඌරුකොටේ , ඌරාකැට වගේ. මෙතෙන්දි ඌරු කියන්නෙ ඌරන්ට සම්බන්ධ වචනයක් නෙවෙයි . ඒකෙන් කියන්නෙ විශාල කියන එක.
උදා:- ඌරුමීයා= ලොකු මීයා, ඌරු හතු = ලොකු හතු, ඌරු සිටාණෝ = මහ සිටාණෝ වගේ
මේව හැදුවෙ සමහර වෙලාවට විශාල ගසක මුල කොටසේ මැද ඉවත්කරල වලල්ලක හැඩේට ලිඳට බස්සල. ලිඳ ඒතරම් ගැඹුරු නෑ.
මේක අමුතු ක්‍රමයක්. මේකට කියන්නෙ ලිං බස්සනවා කියල මිසක් ලිං හාරනව කියලා නෙවෙයි.




හොඳ උල්පතක් තියෙන තැනක් හොයාගෙන එතන ටිකක් යටට හාරනවා. අර කිව්ව කොටේ ලිඳ හාරන තැන තියල යට පස් අයින්කරනවා. එතකොට වලල්ල වටේටම ගානට ගිලා බහිනවා උස මදිනම් තව වලලු තියනවා.
ලොකු මැටිගඩොල් වර්ගයක් තියෙනවා ලිං ගඩොල් කියල. ඒව තමා ලීකොටේ වෙනුවට සමහර පැතිවල දාන්නෙ.
ලිඳ හාරල අර ගඩොල් වලල්ලක හැඩේකට ලිඳේ පහල ඉඳන් තියාගෙන එනවා. මේ ගඩොල් වලල්ලක හැඩේට හැදුවම ඉබේම හිරවෙන විදියට පිට රවුම් පැත්තට ලොකුවටත් ඇතුලෙ රවුම් පැත්තට කුඩාවටත් හදන්නේ.

ඉතින් මේ විශාල කොටේ එහෙම නැත්නම් විශාල කැට නිසා මේ ලිං වලට ඌරාකැට ලිං , ඌරා ලිං, ඌරුකොටේ ලිං කියල කිව්වා.
සමහර ලිංවල ඒක වහල තියෙන්න පියනක් පවා හදල තිබුණු බව කියනවා...
මුහුණු පොතෙන් උපුටා ගැනිමකි..
මුල් හිමිකරුට ස්තුතිය
A day in the life

0 ප්‍රතිචාර: