Friday, September 06, 2024

ඡායාරූපකරණය - ජූලියා මාග්‍රට් කැමරන්



ජූලියා මාග්‍රට් කැමරන්, ඔබ සමහර විට මේ නම අහලා ඇති. උපතින් ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය කාන්තාවක් වුණු ජූලියා තමන්ගේ කුඩා කාලය ගත කරන්නේ බෙංගාලයේ. ඇය බෙංගාලයේ ඉහළ ධනපති පන්තියේ කාන්තාවක් විදියට ඉපදිලා පසුකාලයක බ්‍රිතාන්‍යයට යනවා. ඒ ඇගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු වෙනුවෙන්. එහිදී තමයි ඇය මුල්වරට ඡායාරූපකරණය පිළිබඳව ඉගෙන ගන්නේ.
19 වන සියවසේ සිටි, වඩාත් සිත් ඇදගන්නා සුළු ඡායාරූප සිය කැමරා කාචයේ සටහන් කරගන්නියක් ලෙස එකල ඇය එංගල්නතයේ නම් දරා සිටියා. ජූලියා ගේ ප්‍රධානම විශේෂත්වය වුණේ අගේ සියලුම ඡායාරූප ඉතා සමීප ඡායාරූප එහෙමත් නැත්නම් Close up වීම හා ඒවා ඉතාම සුන්දර ඡායාරූප වීමයි.
ඒ වගේම ඡායාරූපකරණය ඉගෙන ගැනීමෙන් පසු ඇය වසර 12 ක් තුළ ඡායාරූප 900 ක් පමණ සිය කැමරා කාචයට හසුකරගෙනා තිබුණා. එයින් බොහොමයක් එකල බ්‍රිතාන්‍යයේ ප්‍රෞඪත්වය විදහාපාන ඡායාරූප වුණු අතර බහුතරයක් වික්ටෝරියා රැජිනගේ ඡායාරූප වීම ද විශේෂත්වයක් වනවා.
ජූලියා හොදින් සිය අධ්‍යාපනය අවසන් කළ කාන්තාවක් වුණු අතර ඇය ක්‍රිස්තියානි ආගම කෙරෙහි ඉතාම භක්තිමත් කාන්තාවක්. ඒ නිසාම ජූලියා ඡායාරූපයට නැගී බොහෝ සිදුවීම් සිය ආගමික නැඹුරුව පෙන්වාදෙන ඒවා බවට පත්වුණා.
වර්ෂ 1838 දී ජූලියා චාර්ල්ස් හේයි කැමරන් සමග විවාහ වනවා. දරුවන් 11 දෙනෙකුට ආදරණීය මවක් වන ඇයගේ දරුවන් 6 දෙනෙක්ම හදාගැනීමට ගත් දරුවන් වීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් ජූලියා අපට විශේෂ වන්නේ ඇය මෙරට පළමු කාන්තා ජායාරූප ශිල්පිනිය වීම නිසයි. බ්‍රිතාන්‍ය යුගයේ මෙරටට පැමිණෙන ජූලියා සිය ජීවිතයේ අවසන් කාල සීමාවා ගෙවා දමන්නේ ශ්‍රී ලංකාවේ කළුතර ප්‍රදේශයේ යි. වර්ෂ 1879 දී එනම් 65 වන වියේ දී කළුතර දී මියයන ඇය මෙරට බොහෝ පැරණි ඡායාරූප වල උරුමකාරිය ද වනවා.
- චාපා -

 

Tharunie


A day in the life

1 comments:

නමියගෙ වීදිය said...

ඇය ගැන අහල තිබුනෙවත් නෑ. සටහනට ස්තූතියි!

Post a Comment

ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.

 

මීදුම Published @ 2014 by Ipietoon