අද වියමන වෙන්වන්නේ ධනු ලග්නයය සදහාය.
මීදුම ලග්න දහයක් පිළිබදව පසුගිය දින කිහිපයේ වියමන් දහයක් පළ කලේය. කුම්භ ලග්නය පිලිබදව වියමනක් පලකළ විට ලග්න දොළහ සම්පුර්නවේ.
ධනු ලග්න හිමියෝ බොහෝ පරිත්‍යගශිලි ඇත්තන් බව සදහන්ය. උසස් විමේ බලාපොරොත්තු ඇති ,අවංක එමෙන්ම සෘජු ව කටයුතු කරන ක්‍රියාශීලි , නීතිය යුක්තිය අකුරටම සලකන ඒ වෙනුවෙන් තමනට මෙන්ම අනුන්ටද අවැඩක් වන්නේ නම් වහා ඉදිරිපත් වන ගති පැවතුම් ඇත්තේය.
තමන් ආරම්භ කරන ඕනෑම කටයුත්තක් පෙර පළපුරුදු නැති වුවද , එය නිවරදිව කරගෙන යාමට තරම් බුද්ධිමත්ය.
අරගලකාරී, ප්‍රශ්නකාරී අවස්ථා සදහා මුහුණ දෙන්නේ ප්‍රතිවාදියාට මුළික අවස්ථාව තබමින් තමන් දෙවනි අවස්ථාව ලබා ගනිමින්ය. උදාහරණයකට ගතහොත් මේ අසාධාරණයකට අධිකරණයට යාමට අවස්ථාව ලද හොත් තමන් පැමිණීළිකරුනොවී විත්තිකරුවීමට සුදානම්ය.එමෙන්ම ගොඩින් ප්‍රශ්න ගැටළු විසදා ගැණිමට ප්‍රයෝගකාරීව කටයුතු කිරීමට දක්‍ෂය.
තමන්ගේ මෙන්ම අන් අයගේද නිදහසට ගරු කරයි. සතුටින් දවස ගෙවා දැමීමට මං සලසා ගනී.
ඥාණවන්තව උපදෙස් දීමට දක්‍ෂ මෙන්ම ඒ උපදෙස් අඥාදායක ස්වරූපයකින් ඉදිරිපත් කරයි .වීනිත ,නිහතමාණි ගතිපැවතුම් සහ ක්‍රමාණුකූලව කටයුතු කිරීම වැනි උසස් පැවතුම් ඇත්තෙක්වේ.
ගණුදෙනුවලදි පරිස්සමෙන් දෙවරක් සිතා කටයුතු කරයි. අප්‍රවේසමෙන් කටයුතු කිරීම නිසා හදිසි අනතුරු ඇතිකරගනී.
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.