අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
Tuesday, December 07, 2010

12/07/2010 12:30:00 pm
4
කන්‍යා ලග්ණය ලාංඡනයක් ලෙසින් පිළිබිඹු කරන්නේ ස්ත්‍රී රූපයකිනි. මෙම ලග්න හිමියන් පිළිබදව පොදු ගති පැවතුම් මේ ලෙසින් තොරතුරු ඇසුරින් ගොනු කර ගත හැකිවිනි.

ගීතවත් කඩහඩක් සියුමැලි කඩවසම් සිරුරුක් වියපත් නොවන තරුන පෙනුමක් කඩිසර පැවතුම් කන්‍යා ලග්න හිමියෝ උපතින් ම ලබන බව විස්තර වන්නකි.

විවේචන ශීලිව කටයුතු කිරීමත් ගැටළු ප්‍රශ්න සදහා සාධාරණ විසදුම් දීමටත් කන්‍යා ලග්න හිමියෝ දක්ෂය.තමා ගැන ඇති විශ්වාශය අවම වන අතර අන් අයගේ විශ්වාශයන් සහ උපදෙස් මත යැපීමට කැමැත්තක් දැක්වීම, නිතරම තම කටයුතු කාරණාවලදී දෙවරක් සිතීම ඒවා පිලිබදව මෙය මට සිදු කළ හැකිද යන්න විශ්වාශයක් නොමැතිව කටයුතු කිරීම, යම් යම් කාරනා ඉටු කළ පසුත් මෙය මම හරියට කලා දැයි නැවත නැවත සැකයෙන් යුතුව පසු විපරම් කිරීම චරිත ලක්ෂ ණ අතරට එක්වන කරුණු කාරනා වන්වේ.

අලි යන මං නොදකින කූඹින් ගිය මං දකින්නෝ කන්‍යා ලග්ණය හිමියන් අතර සුලබය. මිත්‍ර සමාගම් පවත්වාගෙන යාමට වැඩි නැඹුරුතාවයක් නොදක් වයි. මිත්‍රයෝද යාවජීව සාමාජිකයෝ නොවෙති. දත මැද ගත් පසු ඉවත දමන දැහැටි කූරු මෙන් මිත්‍රයින් අත්හරී.
නීරෝගි සම්පතක් හිමි වුවත් ලෙඩ රෝග වැලදේයයි බියෙන් නිතර නිතර ඖෂධ වර්ග භාවිතා කරයි.
වැවිලි , කෘෂිකර්මාන්තය වැනි වෟත්තින්ට ලැදියාව දක්වයි වියපැහැදම් කිරීමේදී අරපරිස්සම් වේ.

කන්‍යා ලග්ණ හමියෝ සිනහවෙන් කතාවෙන් අන් සමාජයේ හැසීරීමට දක්ෂයන්වේ.

4 ප්‍රතිචාර:

Madhawa Habarakada said...

භාගයක් ගැළපෙනවා භාගයක් ගැළපෙන්නෙ නෑ. (විශේෂයෙන්ම මිතුරන් ගැන කියල තියෙන දේවල් හොඳටම වැරදියි.).

කල් said...

9/10 ගැලපෙන්නැ.

miduma said...

නුවන්
ලග්නය වැරදිලා වත්ද ?

රංග - මගේ ලෝකය said...

පලවෙනි ජේද තුන නම් හරියටම හරි. මිත්‍ර කතාව නම් සම්පූර්නෙන්ම වැරදියි. ලේසියෙන් බෙහෙත් ගන්න යන්නෙත් නෑ. වියදම් නම් ආදායමට වඩා වැඩියි