Thursday, November 18, 2010

නිහඩ සිතිවිල්ලේ කල්මරණ වෘෂභ ලග්නය.


අන් අය අතර කැපී පෙනෙන්නට උත්සහා කරන ඇදුමෙන් පැළදුමෙන් පවා අන් අය අභිබවා විසිතුරු බව ප්‍රදර්ශණය කිරීමට  කැමති විම  වෘෂභ ලග්න හිමිකාරයන්ගේ  චරිත ලක්‍ෂණයකි.තමන්ගේ පෞද්ගලික ක්‍රියාකාරකම් අන් අයට හෙළිවනවාට මොවුන් කැමැත්තක් නොදක්වයි. සියල්ල හිත තුල රදවා ගෙන කටයුතු කිරීම දක්නට ලැබෙන ස්වභාවයකි.සමාජ ඇසුරේදී වැඩි කතාබහක් නොමැති නිහඩව සිතිවිල්ලේ සිටීමට දක්‍ෂයෝ වෙති.
මිත්‍රයන් ඇති කරගැණීමේදී සහ සමාජ සම්බන්‍ධතා ඇති කරගැණිමේදි බෝහෝ පරිස්සමින් සිතා බලා සම්බන්‍ධතා ඇති කරගනි.තම ඇසුරු කරන අයගෙන් ඈත්වීමට සිදුවන අවස්ථා වලදීද හිතා බලා  එසේ  සිදු කළ යුතුමනම් එම තීරණයට එළඹේ.
අභියෝගයන් ජයගෙන ඉදිරියට යාමට  වෙර දැරුවත් කඩිසරව එම කටයුතු වල  නියලීම නොකර හෙමින් සීරුවේ අරමුණු කරා ලංවීමට උත්සහා දරයි. මිළ මුදල් වියදම්   කිරිමේදී ලෝභ ගතියක් දරයි. තර්කාණුකූලව කතා කරයි. තමන් අන් අයට වඩා උසස් බව සිතමින් කැපී පෙනෙන්නට උත්සහා දරයි.

4 comments:

සංකල්ප said...

හොද ලිපියක් අයියා. කොහොමත් දැන් ඉන්නේ බොරුවට කැපී පෙනෙන්න කැමති පිරිසක් නේ. අන්තිමේදී කරපු දෙයකුත් නෑ.

පොඩි ඉල්ලීමක් -
word verification අයින් කරන්න පුළුවන් නම් හොදයි අයියා . එතකොට කොමෙන්ට් කරන්න ලේසියි.

Anonymous said...

okkoma hari.eth palawenima karunanam waradi.

miduma said...

word verification එක අයින් කලා

Anonymous said...

palaveni karune podi parahak thiyenava mage nam.
anik eva nam 200% k hari

Post a Comment

ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.

 

මීදුම Published @ 2014 by Ipietoon