කටක ලග්නය හා සම්බන්‍ධ තොරතුරු එක් රැස් කර අනෙක් ලග්න හා සසදා බලන විට සුවිශේෂ කැපී පෙනෙන යහපත් ගති මෙන්ම වාසනාවන්ත ස්වභාවයන් දක්නට ලැබිණී. මානව හිතවාදී ගූණය, උසස් අධ්‍යාපනයට යොමුවීම, යහපත් සිතිවිලි ඇති චින්තකයෝ වීම, යමක් වහා අවබෝධ කර ගැණිමට ඇති හැකියාව, සෘජු සහ
උදාර අදහස් ඇතිවීම, අවංක බව, කටක ලග්නහිමියන්ගේ උරුමයන් බව සදහන්ය.
ධනවත්වීම, තම දූ දරුවන් සහ පියබද කෙරෙහි ආදර කරුණාවෙන් යුතුව ප්‍රිතිමත් ජීවිතයක් ගත කිරීමේ වාසනාව හිමිය.
යම් ආපදාවන් හිදි නොබියව මුහුණ දෙන්නේ ප්‍රඥාව මුල් කරගෙන බැවින් එය සමාජය දකින්නේ බියගුළු කමක් ලෙසය. එහෙත් පසු බාන්නෙක් නොවන බව හැගෙන්නේ කාලයත් සමගය.තමා වට සිටින මිත්‍ර සමාගම් තමාට එරෙහි කර ගන්නා සහ එරෙහි වන ස්වභාවයක් උරුමය.
සුරතල් සතුන් , දරුවන් තමාගෙන් උදව් ලබා ගත යුතු කොටස් කෙරෙහි අනුකම්පාව හිතවත් කම ආදරය දක්වන්නෙක් විම කටක ලග්න හිමියන්ගේ ස්වභාවයකි.
ජනසමාජය අතර ප්‍රසිද්ධියට පත්වෙන්නෙකි.ව්‍යාපාරිකයෙකු , උසස් රැකියාලාභියෙකු, පුර්වාදර්ශකයෙකු ජන නායකයෙකු වීමට භාග්‍යවන්තවේ.
මෙම තොරතුරු කටක ලග්නයත් කේන්දරයක අනෙක් ග්‍රහයන්ගේ බලපෑමත් අනුව අඩුවැඩි වශයෙන් ප්‍රතිඵල ලැබෙන බව සදහන්වේ.
2 comments:
ධනු ලග්නයට කොහොමද?
මගෙත් ලග්නෙ ඕක තමා.කියල තියන එව්වනම් හරි ඕන්.
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.