පාත ඉදන් අපි ආවේ - නාමල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ- පාත මාලයට වඩින්න
පාත ඉදන් අපි ආවේ - නාමල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ- පාත මාලයට වඩින්න
හීල් හෙවනේ ඉදගෙන බැහැ- හේන් කුඹුරු වැඩ කරන්න
හීල් හෙවනේ ඉදගෙන බැහැ- හේන් කුඹුරු වැඩ කරන්න
ඇග පත කළු වුනත් අපේ - පිළිහුඩු නැති හිත බලන්න
දළදා හාමුදුරුවනේ- පාත මාලයට වඩින්න
පාත ඉදන් අපි ආවේ - නාමල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ- පාත මාලයට වඩින්න
මුදු ගියා ලෙලි තැළුවා- පිලි ගදින් බෑ මිදෙන්න
මුදු ගියා ලෙලි තැළුවා- පිලි ගදින් බෑ මිදෙන්න
ඒත් අපේ මල් සුවදයි -එපා බාර නොගෙන ඉන්න
දළදා හාමුදුරුවනේ- පාත මාලයට වඩින්න
පාත ඉදන් අපි ආවේ - නාමල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ- පාත මාලයට වඩින්න
දළදා හාමුදුරුවනේ- පාත මාලයට වඩින්න
දළදා හාමුදුරුවනේ- පාත මාලයට වඩින්න
4 comments:
ඇත්තටම ලස්සන නිර්මාණයක්.....මමත් හරි ආසයි මේ ගීතයට....
මට පොඩිදෙයක් දැනගන්න ඕනේ....කෙහොමද මෙහෙම වීඩියෝ ෆයිල් එකක් ලිපියකට එකතු කරන්නේ.....
youtube ගිහින් account එකක් හදාගන්න
සෑහෙන දවසකින් මේ පැත්තේ ආවේ.තීම් එක එහෙම වෙනස්වෙලා.
මාව සින්ඩියේ අතුරුදහන් වුනා කීපවතාවක්ම ඉල්ලීම් කලා ප්‍රතිපලයක් තිබුනේ නෑ. ලියන්නත් ඕනි නිසා wordpress වල කඩුල්ල පටන් ගත්තා.ඔය අතඑ ආයෙත් සින්ඩියේ මීදුම දිස්වුනා.
http://kadulla.wordpress.com/ බලන්න මම 2010 අවුරුද්දේ කල සංචාර කඩුල්ලේ තියෙනවා.
සුබ නව වසරක් ! . කි. අප්පුහාමිට
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.