.කුමටද වැලපෙන්නෙ මගෙ දෙනදෙසම බලා..එනවද දුකක් ඔබගේ මුළුලයම පලා...මොකටද තවත් ඔය හදවතගන්නෙ තලා..
ඔබ නොදනිතත් මං මීටත්
කලින් මළා ...
සෙනෙහස මොටද නිසසල
මළ සිරුරකට ...
මදහස පෙනෙනවද පියැවුණු
ඇස් දෙකට..
තුරුහිස මුදුනෙ නොපිපුණු
මල් පොකුරකට..
ජයගොස නගා කවියක්
ලියලා කුමට..
සුදු රෙදි කඩින් වැසුවත් අද
මගේ ගත..
හඳුනා ගත්තෙ කවුරුද
හදවතේ තෙත..
හෙට මේ සිරුර දා ලූ පසු
සොහොන මත..
කාටද මතක ගතවු පසු
දවස් හත...
පෙරදා නුරාවෙන් හිනැහුණ
දෑස් බලා..
මතකද කලක් ඔබ මට
ආදරෙත් කලා..
කිසිදා වෙන් නොවන බවටත්
සඵථ කලා..
රැඳුණේ සදහටම කවදද
අහසෙ වලා...
මළහිරු බහින විට අද
බටහිර අහසේ...
අප පෙර මතක හිත
නොපෙලාවිද රහසේ...
යලි යලි සිත බැඳී හෙට
පෙර මෙන් පහසේ..
සසරේ මුලා වෙමු දැයි
විමසමි රහසේ...
සංසාරෙදී අපි බෝ හමු
වෙන්න ඇතී..
මේ වාරෙදී හමුවී දුක්
ගන්න ඇතී...
යන පාරෙදී යලි හමුවක්
නොවනු ඇතී..
එන වාරෙදී මං සසරින්
මිදෙනු ඇතී...
මා දුන් සෙනෙහෙ හදවත
පතුලේ තියලා..
හිත සනසා ගන්න
ඔය දෑසම පියලා..
යන ලෙස මකුළුවෙකු
යලි යලි දැල වියලා..
පැටලෙනු එපා ආයෙත්
සෙනෙහස කියලා ....
සසරින් මිදෙන එක සටනක්
කර ගන්න ..
කතරින් එතෙර වී සටනට
සමුදෙන්න ...
අතරින් පතර යලි පටුනක්
නොතබන්න..
මගෙ මේ සිරුර කමටහනක්
කර ගන්න ...
...🙏 සමන්තී දේශප්‍රිය .
0 comments:
Post a Comment