දෙල් කන්න කවුද අකැමැති?
විවිධ රසට විවිධ ක්‍රමයට පිසිය හැකි දෙල් වාරේ ඔන්න අැවිත්. ඒත් ඉතින් දෙල් ගැන සිහිපත් කරනකොටම සමහරුන්ගෙ මූණු දෙල් වෙනවා. කන්න කැමැත්තක් තිබුණත් දෙල් සැර උෂ්ණ අධික කෑමක්නේ කියලා පැත්තකට වෙන අයත් ඉන්නවා. ඒ කොහොම වුණත් සැර වැඩි දෙලේ සැර බාල කරලා ගුණ විතරක් අදාළ කර ගැනීමේ අපූරු හැකියාවක් අපේ අත්තම්මලාට තිබුණා. අත් බෙහෙතක් ලෙස භාවිත නොවුණත්, දෙලේ ගුණ හඳුනාගෙන එය නැණවත්ව පරිහරණයට අත්තම්මලාගේ තිබූ ඒ හැකියාව ඔබ සමඟ බෙදා ගන්නයි මේ සූදානම.
කොතරම් සැරයි කීවත් රසය නිසා දෙලට ඇතිවන ඇල්ම තහනම් පෙමට ලොල් වූවාක් මෙන් යැයි කිවොත් නිවැරදියි. ඇබ්බැහිවීම තවත් වැඩි වන ලෙස රසවත්ව දෙල් සැකසීමට අපේ ගෘහණියන්ට තිබෙන්නේ අපූරු හැකියාවක්. අමු පොල් සහ කොච්චි සම්බෝලයක් සමඟ රසවත් උදේ ආහාරයක් වුණු දෙල් තවත් විටෙක කිරට මාළුවක් වී හෝ සුදුලූනු, ගම්මිරිස්, ඇඹරූ පොල් සමඟ මැල්ලුමක් වී දහවල් බත සැරසුණා. ඉදුණු දෙල් තෙලේ බැදී තේ වෙලාවට සැපයෙන රස කැවිල්ලක් සැකසුණු අතරවාරයේදී වැඩිවන දෙල් අව්වේ වේළී අවාරයේදී ගන්නට දුම් මැස්සේ මුට්ටියක තැන්පත් වුණා.ගත වෙහෙසා දහදිය හෙලා වැඩ කළ ගොවියාට ගෙනගිය කයිදම් බතේ ද, සාංඝික හෝ දේව දානයටද වාරයේදී දෙල් වැරදුණේ නැතිතරම්.දෙල්වල ඇති ගුණ ප්‍රමාණය ඔබ ඇත්ත වශයෙන්ම දන්නවා නම් ගෙවත්තේ දෙල්, කඩයට විකුණා අර්තාපල් මිලදී නොගනීවි. ප්‍රධාන වශයෙන් ශක්තිය සපයන කාබෝහයිඩ්රේට් අඩංගු වුවද සෝයාවලටත් වඩා ප්‍රෝටීන් වැඩිපුර අඩංගු පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, කොපර් වැනි තවත් ලවණ වර්ග රාශියක් ද, විටමින් A, C, E සහ K අඩංගු දෙල් පවුලකට අවශ්‍ය සියලුම පෝෂක ද්‍රව්‍ය සපයා දෙන ආහාරයක්. දෙල් කෝප්පයක ඇති පොටෑසියම් ප්‍රමාණය කෙසෙල් ගෙඩි තුනක ඇති පොටෑසියම් ප්‍රමාණයට සමාන ෙවනවා.කොස්වලටත් වඩා ශාකමය තන්තු අඩංගු දෙල් අාහාර මාර්ගයේදී කොලෙස්ටරෝල් රුධිරයට අවශෝෂණය කිරීම වළක්වා රුධිර පීඩනය පාලනය කරන අතරම, අන්ත්රාවල ඇතිවන පිළිකා වළක්වා ගැනීමට උපකාරී වෙනවා. පොටෑසියම් හෘද ස්පන්දනය සාමාන්‍ය පරිදි පවත්වාගෙන රුධිර පීඩනය සාමාන්‍ය ලෙස පවත්වා ගැනීමට වෙනත් ආකාරයකින් බලපාන නිසා දෙල් ඔබේ හදවත රැකබලා ගැනීමට දායක වන අගනා ආහාරයක්. විටමින් සහ ලවණ වර්ග බහුල දෙල් ශරීරයේ රෝගවලට ඔරොත්තු දීමේ ප්‍රතිශක්තිය වර්ධනය කරනවා. අාහාර මනා ලෙස දිරවීමේ හැකියාවක් ඇති දෙල් ජීර්ණ මාර්ගයෙන් වැඩිපුර ඇති සීනි රුධිරයට අවශෝෂණය කර ගැනීම වැළකීමෙන් දියවැඩියාව පාලනය කිරීමට සහ වැළැක්වීමට හැකි ආහාරයක්.සෝයාවලටත් වඩා ඇමයිනෝ අම්ල (ප්‍රෝටීන ) අඩංගු වෙනවා මෙන්ම මුහුදු මාළුන්ගෙන් අපට ලැබෙන ඔමේගා 3 සහ 6 යන මේද වර්ග බහුලව අඩංගු දෙල්, මස්, මාළු නොකන අයට අවශ්‍ය සියලු පෝෂක ලබා දෙන අමිල එළවළුවක්. සම ආරක්ෂා කරන ප්‍රති ධූලකයක් ලෙස ක්‍රියාකරයි. එමඟින් සම ආවරණය කර හිරු රශ්මියෙන් සමට වන හානිය වළකා ඉක්මනින් සම ප්‍රතිසංස්කරණය කරන්නත් දෙල්වලට පුළුවන්. ඔමේගා 3 සහ 6 මේද වර්ග හිසකෙස්වලට ඉතා හිතකරයි. මේ හේතුව නිසා හිස කෙස් වර්ධනය පවත්වා ගැනීමටත් ඉස්සොරි වළක්වා ගැනීමටත්, හිසකෙස් ප්‍රතිසංස්කරණය කිරීමටත් දෙල් උදව් වෙනවා.පැසිපික් දූපත්වල මුල් සම්භවය ඇතැයි පවසන දෙල්, ලොව පුරා බොහෝ ජාතීන්ට ශක්තිය, සපයන මහත් ගුණ ඇති ආහාරයක්. ලොව පුරා දෙල් වර්ග සියයකට අධික ප්‍රමාණයක් ඇති බව කියවෙනවා. වසර තුන්දාහකට පමණ පෙර සිට භාවිත වුණු බවට සාක්ෂි ඇති දෙල්වල ජන්ම භූමිය ලෙස සැලකෙන්නේ නිව්ගිනීයා දේශයයි.දේශගවේෂකයන් ඔස්සේ පැසිපික් සාගරය හරහා ලොව පුරා පැතිරුණු බවට විශ්වාස කෙරෙන මේ දෙල් අප්‍රිකානු රටවලදී ආහාරයට ගැනෙන්නේ අපට බත් මෙන් ප්‍රධාන වශයෙන් ශක්තිය සැපයෙන ආහාරයක් ලෙසින්. ඔවුන් දෙල් ළිපේ පුලුස්සා, පිටි කර හෝ බෙරි වන්නට තම්බා හෝ එළවළු සමඟ ස්ටු ආකාරයට පිළියෙළ කර ආහාරයට ගන්නේ අපට වඩා වෙනස්ම ආකාරයන්ට.ගෝලීයකරණයත් සමඟ යුරෝපය සහ අමෙරිකාව වැනි රටවල සුදු ජාතින් දක්වා විහිදුණු මේ අනර්ඝ ආහාරය ඔවුන් ආහාරයට ගන්නේ බාබකිව් ක්‍රමයට හෝ උඳුනේ පුලුස්සා ගැනීමෙන්.ලංකාවට දෙල් මුලින්ම හඳුන්වා දී ඇත්තේ පෘතුග්‍රීසි පාලනය කාලයේ. නමුත් ඒ අපිට ඇති ආදරේට එහෙම නොවෙයි. එහි ඇති සැර මඟින් සිංහලයාගේ ශක්තිය දුර්වල කිරීමේ උපක්‍රමයක් ලෙස. නමුත් ලන්දේසියාට වඩා වෙද හෙදකමින් ඉතා ඉදිරියෙන් සිටි අපේ අත්ත මුත්තලා දෙලේ සැර පොළෙන් මකා දමා දෙලේ ශක්තිය උපයෝගී කරන් උන්ට ආපහු බැට දෙන්ට සමත් වුණාලු. අද වගේ බටහිරෙන් ගේන හැම බෝලයක්ම ගෙඩිය පිටින් නොගිලපු ඔවුන් දෙල් බෝලෙන් උන්ටම බැට දීපු හැටි ඒ. ලන්දේසින් ගෙනත් සිටුවපු මුල්ම දෙල් පැළයේ ශාඛාවක් ගාල්ල කොටුව උසාවිය ළඟ අදටත් තිබෙන බවයි කියවෙන්නේ.දෙල් සැර ද ?මෙතරම් ගුණදායී දෙල් අපේ රටේ බොහෝ දෙනෙකු ආහාරයට නොගන්නේ එහි ඇති උෂ්ණාධික බව ගැන කියමින්. විද්‍යාත්මක වශයෙන් දෙල්වල මෙවැනි විසක් ඇති බව සොයාගත් බවට පොත් පත්වල සඳහන් වෙන්නේ නැහැ.රසායනාගාර පර්යේෂණ සෑම එකකින්ම විදහා දක්වන්නේ එහි ඇති ගුණ පමණයි. ඔවුන් පවසන්නේ ඕනෑම ආහාරයකට අසාත්මිකතා ඇතිවන අයුරින් දෙල්වලටත් ඉඳහිට කෙනෙකුට අසාත්මිකතා පෙන්විය හැකි බවයි. උදාහරණයක් ලෙස පෙනිසිලින් ආසාත්මිකතාව. කලාතුරකින් කෙනෙකු දකිනවා වගේ දෙල් අසාත්මිකතාව කෙනෙකුට ඇතිවන්න පුළුවන්.ලවණ වර්ග ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ලැබුණු විට ශරීරයෙන් පිටවන ශ්‍රාවයන් ඔස්සේ ඒ වැඩිපුර ලවණ පිට කර හැරීමේ ස්වාභාවික ක්‍රියාවලියක් තිබෙනවා. මේ විදිහට වැඩිපුර ලවණ වර්ග පිටවෙන්නේ කඳුළු, මූත්‍රා, කෙළ, සොටු වගේ ක්‍රමවලින්. ඒ විතරක් නෙමෙයි. මේ ලවණ අධිකකම නිසා ඇතැම්විට ශ්‍රාවයන් පිටවන සුමට පටල වෙහෙසට පත් වෙනවා හෝ එවන් ලෝහ ලවණ අධික ආහාර වර්ග ගැනීමෙන් පසු ඇස්වලින් කබ පිටවීම, මූත්‍රා දැවිල්ල වැනි ඌෂ්ණාධික යැයි සම්මත ලක්ෂණ මතුවන්නේ මේ නිසයි.නමුත් ශරීරය ශෝධනය කිරීම පහසු වන ආහාරයක් මේ සමඟ එකට ගැනීමෙන් මේ තත්ත්වය සමතුලනය කරගෙන ගුණ පමණක් ශරීරයට ඇතුළුකර ගන්නට පුළුවන්. උදාහරණයකට කතුරුමුරුංගා, සාරණ, නිවිති තම්පලා වගේ කොළ එළවළුවක් ගන්න පුළුවන්.අපේ අත්තම්මලා මේ ප්‍රශ්නයට පිළියම් යෙදුවේ කෙසේදැයි බැලීම වැදගත්. තහංචි නැතිව සැර මකා රස ගුණ මතු කරගෙන අසල්වැසියන් සමඟ දෙල් බෙදාහදාගෙන කෑ අයුරුයි මේ.අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
උපුටාගැනීමකි
මුල් හිමිකරුට තුති..

ඉදිරිපත් කිරීම
දිවියට දිරියක් With Nilanthi
මුණු පොතට
0 comments:
Post a Comment