බෙලිහුල්ඔය සිට හෝර්ටන් තැන්නට ඇතුල්වීමට නව මංකඩක් සකස් කිරීමේ යෝජනාවක් ගැන සාකච්ඡා වෙනවා. මෙය කලක සිට කතා බහ වෙන්නක්.පාලන වෙනසත් එක්ක අළුත් වෙන පරණ වෙන කතාබහක්.
ඉංග්‍රීසින් ගේ යුගයේ නුුුවරඑළිය - පට්ටිපොල - අඹේවෙල - හොර්ටන්තැන්න හරහා බෙලිහුල්ඔයට මාර්ගයක් තිබිලා තියෙනවා. මේ මාර්ගයේ නටබුන් බෙලිහුල්ඔය ගල්පොතුතැන්තත් - නාගරක් ඩිවිසන් ( Nagarat division ) අතරත් තාම අඩිපාරක් වගේ තියෙනවා.
මේ මාර්ගය භාවිතයෙන් ඉවත්වෙලා. අද වන විට අඩිපාරක් බවට පත්වෙලා. නඩත්තු කරන්න බලධාරියෙක් නොමැතිවීම නිසා වල් වැදිලා.
හොර්ටන්තැන්න තුලින් ඇති කිමි2.5 පමන දුර යන්න වනජීවි නිලදාරින්ගේ අත්අඩංගුවට පත්වීමේ හේතුවක් .
මේ ලියන මම විසේ ඇති වියේදී සමවියේ අයත් සමග පැය හතරකින් ලෝකාන්තයට යන මේ පාර අද භාවිතයේ නැහැ.
නොන්පෙරියල් වතුයාය හරහා නාගරක් වලට කිමි 28ක විතර වාහනයක් යා හැකි මාර්ගය කෙළවර වෙන්නේ හෝර්ටන්තැන්න ද වනෝද්‍යාන දකුණු මායිමෙන්.
කොළඹ සිට බෙලිහුල්ඔයට කිමි. 167යි .
කොළඹ සිට හෝර්ටන්තැන්නට යාමේ අරමුනින් පැමිනෙන්නෙකුට බෙලිහුල්ඹය පසුකර හපුතලේ-බොරලන්ද ඔහිය ඔස්සේ හෝර්ටන්තැන්නට යා යුතු වෙනවා.
මේ දුර කිමි 80 ක් පමන වෙනවා.
මගට අමතර පැය දෙකක විතර කාලයක් ගෙවෙනවා.
නොන්පෙරියල් මාර්ගය වැඩිදියුණු කරලා කිමි 28 විතර දුර හොර්ටන් තැන්නට මංකඩක් ඇති කලොන් ලොකු කාලයක් ඉතිරි කර ගන්න වෙනවා.
මේ විදියට හොර්ටන්තැන්න ඇතුලත යන්න වෙන්නේ ඇවිද ගෙන. මම හිතන්නේ නෑ වනෝද්‍යනය හරහා වාහන යා හැකි මාර්ගයක් ඉදිකරාවි කියලා. ( එහෙම මෝඩ අදහසුත් පහල වෙන්න පුළුවන්. )
නුවරඑලියෙත් ගිහින් අඹේවෙල හෝර්ටන්තැන්නට යන්න අදහස් කරන කෙනෙකුට මේක වාසියක් නෙමෙයි. ආපහු බෙලිහුල්ඔයට ඇවිත් නුවරඑලියේ යන්න වන නිසා.
බෙලිහුල්ඔය සංචාරක ව්‍යාපාරය දියුණු කරන අදහසින් පිඹුරුපත් සකසන ව්‍යාපාරකයින්ට දේශපාලකයින්ට
මේ ව්‍යාපෘතිය බැළුම් බෝලයක්.
සත්වවේදීන් පරිසරවේදීන් භුගෝලීය වැදගත් කමක් පිිලිබද උනන්දුව ඇති අය මේ ව්‍යාපෘතිය එක් එක් කෝණවලින් දකිනවා.
පඩුකරද ගහත් පැවදිකරලා අධිවේගී මාර්ගයක් ඉදිකරන්න තහංචි පනවපු ඇත්තෝ මේ වගේ දෙයකට අත ගැහීමත් පුදුමයක් !.
ඒ මට හිතුන හැටි.
මේ ව්‍යාපෘතියට අයත් වන කොටසේ වන ගහනයෙන් තොර කොටස තමයි නොන්පෙරියල් වත්ත කියලා හදුන්වන්නේ. මේ වත්තේ තියන පාර අදාල ව්‍යාපෘතියට සංවර්ධන විය යුතුයි.පාර රත්තනගොල්ල යෝජිත රක්ෂිත වනාන්තර හා සමනල රක්ෂිත අතරින් විහිදී යනව.
මේ මාර්ගය සංවර්ධණය නොවී හොර්ටන් තැන්නට ඇති මංකඩ විවෘත වීමෙන් පලක් නැහැ.
මේ කොටස කිමි 2.5ක් පමණ දුර විවෘත කිරීමට වන සත්ව , අඩවි වන දෙපාර්තමේන්තු විරෝධය පල කරනවා. හේතු සහිතවයි.
මේ වනගත කොටස තමයි සමනල රක්ෂිත හා හෝටන්තැන්න එකිනෙකා හා යා කරන බිමි කොටස මායිම් වෙලා තියෙන්නෙ.
මේ කොටස වනසත්ව මංකඩක් (Migratory Passage) ,
වනජීවින්ගෙ ප්‍රජනක බිම් (Breeding Grounds),
ආහාර සොයා යන බිම් (Feeding Grounds) වගේ සංවේදී කලාප සහිත ප්‍රදේශයක්.
ඒ වගේම හෝටන්තැන්න තුලින් පටන්ගෙන ආරම්භ වෙන බෙලිහුල්ඔයත් යන්නෙ මේ කොටස ඇතුලෙන්.
ජල පෝෂිත ප්‍රදේශයක්. පැරන්නෝ මෙවැනි රක්ෂිතයන්ට වැව කියලා කිව්වා.
හෝටන්තැන්නට කියන්නෙ තෘණ බිම් වැඩිපුර තියෙන වනාන්තර කොටස් අවම කලාපයක්.
අපි මේ කතා කරන කොටස තමයි හෝටන්තැන්න ආශ්‍රිතව හොඳ වනගහනයක් තියෙන්නේ . ඒ නිසාම එහි හොඳ ශාක හා සත්ව ගහනයක් දකින්න ලැබෙනවා. කොටියන්ගෙ හොඳ ගහනයක් බලාගන්න පුලුවන් කොටසක් වගේම පර්යේෂකයන් සඳහන් කරන අන්දමට රත් උණහපුළුවාගෙ උප විශේෂයක් වෙන කඳුකර උණහපුළුවාත් මෙහි වාර්තා වෙනවා කියල කියනවා. කඳුකර උණහපුළුවා කියන්නෙ දකින්න අමාරුව ක්ෂීරපායි විශේෂයක් විදිහට සැලකෙන සතෙක්. වලස් වඳුරා, ඕලු මුවා, මහ කැලෑ ලේනා හා බටු ලේනා වගේම ලංකා කටු හා ලංකා නෙළු මීයා, රන් හෝතඹුවා, කොල හා හඳුන් දිවියා ඇතුලු ක්ෂීරපායි විශේෂත් මේ කලාපය ඇතුලෙ දකින්න ලැබෙනවා. තෙත් වනාන්තර කලාපයක් නිසාම මේක ඇතුලෙ ලයිකන දකින්න ලැබෙනවා. සමහර ලයිකන විශේෂ මේ කලාපය තුල විතරක් දකින්න ලැබෙන වගේම ලංකාවට ආවේණික ලයිකන බවට ඒ පිලිබඳව පර්යේෂණ කරපු පර්යේෂකයන් කියනවා. හෝටන්තැන්න හා මේ කලාපයේ දකින්න ලැබෙන මීවන ශාක, නෙළු හා උඩවැඩියා ශාක රාශියක් තියෙනවා. ඉන් බහුතරයක් මෙරටට ආවේණික විශේෂ. වාර්තා වෙන උභයජීවි විශේෂ 20 කට ආසන්න ගණනින් 19 ක්ම මේ රටට ආවේණිකයි. ලංකා කඳුකර මැඩියා, මහඑලිය පඳුරු මැඩියා ඒ වගේ දකින්න ලැබෙන විශේෂ. වාර්තා වෙන උරග විශේෂ 10 න් 9 ක් මෙරටට ආවේණිකයි. ලයිකන බහුල ගස් කඳන් හා පඳුරු තියෙන නිසාම මේ කොටස තුල රයිනෝ අං කටුස්සා, කුරු බෝදිලිමා දකින්න ලැබෙනවා.
මේ සුවිශේෂ ජෛව විවිධත්වය නිසාම තමයි මේ කලාපය එච්චරටම වටින්නෙ.
මේ කොටස විවෘත කලොත් වන ජීවි නිලධාරීන් දැඩි අධීක්ෂණයක් තිබිය යුතුවනවා. දකින දකින ගස් අතු, මල් කඩනවා. ගෙනියනවා. ආයෙ අහන්න දෙයක් නෑ ඒක වනජීවි සංරක්ෂණය දෙපාර්තමේන්තුව යටතේ පාලනය වෙන හෝටන්තැන්න ඇතුලෙම වෙන දෙයක්. ඊලග එක තමා වනජීවි අපරාධ. ජාන මංකොල්ල වල ඉදල සත්තු අල්ලගෙන විකුණන එකේ ඉදලම වෙනවා. මීට පෙරත් හෝටන්තැන්න ඇතුලට ඇවිත් සත්ව හා ශාක සාම්පල හොරාගත්තු අවස්ථා තියෙනවා වගේම ඒවා අහුවෙලා ලක්ෂ ගණන් වල දඩ ගහපු අවස්ථා දකින්න ලැබෙනවා. මැණික් ගරන්නන්ටත් හොද නිදහසක් ලැබෙනවා.
අනිත් කාරණාව තමයි ජල පෝෂක කලාපයක් උන මේ කොටස කොච්චර කිව්වත් මිනිස්සු ගැවසෙන කොට විනාශ වෙනවා. හෝටන්තැන්න හා මධ්‍ය කඳුකරය ආශ්‍රිතව වනාන්තර ප්‍රතිමාරය (Forest Dieback) දකින්න පුලුවන්. ඒකට එක් හේතුවක් විදිහට සලකන්නෙ නෙරු ස්ථරයේ තියෙන ශාක මතට පිනිබිඳු හරහා කාබන්ඩයොක්සයිඩ් හා සල්ෆ ඩයොක්සයිඩ් එකතු වෙනවා කියන කාරණාව. ඒ වගේම දිලීර තත්වයනුත් මේකට හේතු වෙනවා. අද වෙද්දි මේ Dieback එක හෝටන්තැන්න ආශ්‍රිතව බලාගන්න පුලුවන් සෑහෙන්න.
අනිත් පැත්තෙන් සත්තුන්ගෙ හැසිරීම් වලට බාධා වෙනවා. ඒ වගේම මිනිස්සු කරන ක්‍රියා නිසා සත්තු හීලෑ වෙන්නත් ඉඩ තියෙනවා. ඒක තැන්නෙ ඉන්න ගෝන ප්‍රජාවගෙන් උදාහරණ ගන්න පුලුවන්. අනිත් පැත්තෙන් මිනිස්සු නිරන්තරයෙන් යාම නිසාම පරිසරයට හානි වෙන්නත්, ආක්‍රමණික ශාක පැතිරෙන්නත් ඉඩ තියෙනවා.
මෙවැනි බාධක පාලනය කරමින් නඩත්තු කරමින් කටයුතු කරනවා නම් හොදයි. ඒත් පටන් ගන්නවා වගේම පවත්වා ගෙන යාමේ පුරුද්දක් අපිට නැහැ.කාලයක් යන කොට අයාලයේ යනවා.
පළමුව බෙලිහුල්ඔය - නාගරක් මාර්ගය සංවර්ධණය කර ගෙන ඉමු දෙවනුව හොර්ටන් තැන්නට පිවිසෙන මංකඩ විවෘත කරමු
0 comments:
Post a Comment