යුද්ධය අවසන් වීමෙන් පසු ඊශ්‍රායල ජනතාව අමතමින් අගමැති නෙතන්යාහු විසින් ඉතාම බරපතල වීරත්වයක් සහිත දේශපාලන දේශනයක් ඊශ්‍රායල ජනතාව වෙත මුදාහැරියේ, "මැදපෙරදිග බජාර් එකේ චණ්ඩියා" ඊශ්‍රායලය බව හුවා දක්වාය.බෙන්ජමින් නෙතන්යාහු මේ දේශනය හරහා වසාගැනීමට උත්සාහ කරනා ඔහුගේ දේශපාලනයේ හෙළුව කුමක්ද ?
ඒ තමන් අපේක්ෂා නොකළ පරිදි ඉරානයෙන් එල්ල වූ ප්‍රහාරයේ අලාභය වසං කිරීමයි.ඊශ්‍රායල අගමැතිවරයා ඉරානය වෙත ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පුදුමාකාර තදියමක සිටියේ තමන් සතුව තිබූ මිසයිල ආරක්ෂණ පද්ධතිය කෙරෙහි බරපතල විශ්වාසයක් සහිතවය.නමුත් ඊශ්‍රායලය තුළ ගොඩගැසුණු මළමිනී සංඛ්‍යාව ඉරානයට වඩා අඩු වුවද මරබිය සහ භෞතික විනාශය අනපේක්ෂිත එකක් වූයේ ඉතාම පැහැදිලි ලෙසය.ඊශ්‍රායල ජනතාව වෙත යුද්ධය පැමිණියේ බෙන්ජමින් නෙතන්යාහු අපේක්ෂා කළ සීමාව තුළ නොවේ.ඒ ඉරානය විසින් එවූ මිසයිල කන්දරාව අතරින් පොළොවට වැටුණු සුළු සංඛ්‍යාවක් විසින් කළේ සුළුපටු විනාශයක් නොවනා නිසාය.බෙන්ජමින් නෙතන්යාහු දැන් දන්නේ ඉරානයට කෙළින්නට ගොස් කෙළවාගෙන ඉන්නේ තමන් මිස ඉරානය නොවනා බවයි. ඒ එකිනෙකා ගැසූ කයිවාරුවන්ට සාපේක්ෂව ඊශ්‍රායල කයිවාරුව තිබුණේ ඉතාම අහංකාරව නිසාය.යුද්ධය දින 10 ක් සම්පූර්ණ කරද්දී සටන් විරාමයක් සඳහා වැඩි ඕනෑකමක් ආයේ ඊශ්‍රායලයටය. ඒ ඉරානය විසින් එල්ල කළ බැලස්ටික් මිසයිල සඳහා ඊශ්‍රායල ආරක්ෂණ පද්ධතිය හොඳින් මුහුණ දීමට අසමත් වූ නිසාය. ඒ හරහා ටෙල් අවිව් ඇතුළු ප්‍රධාන නගර කිහිපයක් නටබුන් වීමක් ඇරඹී තිබුණු නිසාය.නෙතන්යාහු උන්නැහේ තමන් විසින් අධිකරණය ද්වීතීයික කොට පාර්ලිමේන්තුව උත්තරීතර කොට ගෙන තමන් මුහුණ දී සිටි දූෂණ චෝදනාවන් ගෙන් නිදහස් වීමට උත්සාහ කරමින් සිටියේ ඊශ්‍රායල ප්‍රජාතන්ත්‍රවාදයට කණකොකා හඬවාය.2023 ඔක්තෝම්බර් 07 හමාස් ප්‍රහාරය නෙතන්යාහු අගමැතිවරයාට ආශිර්වාදයක් වූයේ ඊශ්‍රායල ජනතාව තුළ යුධ විරුවෙකු වී තමන්ගේ පීචං දේශපාලනය වසං කොට ගෙන ගේමක් ගැසීම සඳහාය.පාළු ගෙයි වලං බිඳින්නා සේ ගාසා තීරය මිහිපිට නරකාදියක් කළ නෙතන්යාහු දේශපාලනය ඉරානය දෙසට හැරුණේ "ගෙදර යන ගමන්" දේශපාලනයක් ඉලක්ක කොට නමුත් වැඩ වැරදුණේ ඉරානය මරාගෙන මැරෙන්නට සූදානම් වීම තුළය.ඉරාන අධ්‍යාත්මික නායකත්වය සමග බොහෝ ප්‍රශ්න තිබෙනා වුන් සියල්ල අමතක කොට ඉරාන දේශප්‍රේමයක් තුළ සිට ගැනීම තිබුණේ ඊශ්‍රායලය හෝ ඩොනල්ඩ් ට්‍රම්ප් බොසා අපේක්ෂා කළ පරිදි නොවේ.මේ තත්ත්වයට යටත්ව දින ගණන් ගත වෙද්දී යුද්ධය සංස්කෘතික අර්ථයෙන් වළංගු නොවී ආයේ ඊශ්‍රායලය තුළ මිස ඉරානය තුළ නොවේ.ඒ ඉරානය "ආගමික ශුද්ධ යුද්ධයක්" වෙත ඇදී යද්දී ඊශ්‍රායලය අනපේක්ෂිත යුද්ධයක් වෙත තල්ලු වෙමින් තිබූ නිසාය. ඒ වැටෙනා බිහිසුණු මිසයිල විසින් ඊශ්‍රායලය නටබුන් කරමින් තිබූ නිසාය.නෙතන්යාහු අගමැතිවරයා මේ වනවිට ඇත්ත තත්ත්වය වසං කරන්නේ,තමන් විසින් ඉරානයට එරෙහිව යුද්ධයක් සඳහා ගත් තීරණය නොවන්නට අද වනවිට ඊශ්‍රායලය තුළ මිනිස් වාසයක් නැතිය යන සාවද්‍ය පරාවර්තනයක් ඊශ්‍රායල ජනතාව තුළ තහවුරු කොටය.ඔහු විසින් ඉතාම කෘත්‍රිම ලෙස ඊශ්‍රායල ජනතාව තුළ හදන්නට උත්සාහ කරන්නේ අප මැදපෙරදිග කලාපයම දෙදරවා ඊශ්‍රායල සිංහයාගේ තරම ලෝකයට පෙන්නූ බවක්ය.ඒ ඇත්ත තත්ත්වය තුළ ඊශ්‍රායල ජනතාව ඉන්නේ අනපේක්ෂිත අලාභයක ලැජ්ජාවක් තුළ බව නෙතන්යාහු විසින් දන්නා නිසාය.ඒ අනුව ඊශ්‍රායල ජනතාව තුළ තිබෙනා "ඉල්ලං කෑමක දේශපාලන හැඟීමක්" පිළිබඳව නෙතන්යාහු අගමැතිවරයා බියපත්ව සිටිනුයේ සුළුපටු ලෙස නොවේ.ඒ රට තුළ ක්‍රියාත්මක කිරීමටඋත්සාහ කළ "ප්‍රජාතන්ත්‍රවිරෝධී අත්තනෝමතිකත්වය" ඉරානයට එරෙහි යුද්ධය හරහා නිරූපණය වීමක් නෙතන්යාහුගේ පුද්ගලික දේශපාලන අනාගතයට කිසිසේත් යහපත් නොවනා නිසාය.ඒ ලබන වසර ඊශ්‍රායලයට මැතිවරණ වර්ෂයක්ව තිබෙනා නිසාය.2025.06.27ජනමිත්‍ර මහජන සාමූහිකය
0 comments:
Post a Comment