ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww

2025-06-03

මහාමාන්‍ය ඩී.එස් සේනානායක.






මෙරට පළමු අගමැති ඩී.එස්.සේනානායක උගතෙකු නොවි ය.අධ්‍යාපනය ලබා තිබුණේ හය ශ්‍රේණියට පමණක් යැයි කියති.
නමුත් හේ "කුශාග්‍ර බුද්ධිමතෙකු විය.
නිදසුන් කතාවකි මේ..
එවක කොළඹ උසස්ම පාඨශාලාව ,
"රාජකීය විද්‍යාලය"වි ය.
එහි විදුහල්පති හට විශේෂ වැටුපක් ගෙවනු ලැබිණ..
⁣මීට එරෙහි වූ කොළඹ වෙනත් පැසැල් විදුහල්පතිවරුන් එක්ව
"සම සේවයට සම වැටුප්"යනුවෙන් අරගලයක්,ඇරඹූ හ.
සංදේශයක් තනාඅධ්‍යාපන ඇමතිවරයාට දුන් හ.
ඇමතිවරයා "බෝලේ පාස් කළේ "අගමැති ට ය.
ඩී.එස්.මෙම සියළු විදුහල්පතිවරුනට වරියන් ඇතුළු
පවුලේ සියළු දෙනාට
⁣"තේ පැන් සංග්‍රහයක් සඳහා
අරලියගහ මන්දිරයට ආරාධනා කළේ ය.
සියළුම දෙනා පාහේ ඊට සහභාගි වූ හ.
ඉතා සුහදව එය පැවැත්වූ ඩි,ඇස් එය අවසානයේ
"මේ අයගෙන් කවුද කැමති ?
තමන්ගේ දරුවන් රාජකීය විද්‍යාලයට ඇතුලත් කරගන්ට?" ඇසී ය.
සියයට අනූවක් දෙනා එකහෙලාම කැමැත්ත පළ කළ හ.
"දැන්,තේරෙනවා නේද?
රාජකීය විද්‍යාලයේ විදුහල්පතිතුමාට
විශේෂ වැටුපක් ගෙවන්නෙ ඇයි?කියලා.
"තම තමන්ගෙ ඉස්කෝලත් රාජකීය පැසැලේ මට්ටමට ගේන්ඩ.
එතකොට මම සම වැටුප් දෙන්නම් " කීවේ ය.
අරගලය එතෙකින්,හමාර විය.

මේ කතාව මුණු පොතට ලිව්වේ - කමල් පී අලහකෝන්
A day in the life

2 ප්‍රතිචාර:

ජෝන් ලෙමන් - (Discourse) said...

ලංකාවෙ ගොඩක් අරගල පුහු කුහකත්වය මත දියතු උන ඒවා.
මේකත් ඒ වගේ ‍.
බ්ලොග් එකේ අලුත් කවර් පිංතුරේ ලස්සනයි

kadulla plus said...

ස්තුතියි මිත්‍රයා.