Sunday, June 08, 2025

ගජමන් නෝනාගේ අප්‍රකට කවි



වරක් එක්තරා මුදියන්සේ කෙනෙක් ගජමන් නෝනාට මෙ,කව කීවේ ලු. 
 
රෑබර දිගැසියන් වෙල මැදට බසිමිනේ
ආදරයෙන් කරල් මිටි,රැගෙන යන තැනේ
වා සර යෙන් ඉන ඇඳි වත ඉවත් වුණේ
වානර මුව සේ නැබ මුළ සුරති ගති පෙනේ 
 
ස්ත්‍රීලිංගය වඳුරු මූණකට සමාන කරමින් ඔහු මෙ,කව කීවේ
ගජමන්ට සරදම් පිණිස ය.
ඊට ගජමන් නෝනා දුන් පිළිතුරයි මේ ! 
 
කේසර එන්ට පෙරතුරු ගජතුගේ දක්සේ
වේ සර හට වුවොත් කුරැළුට වෙයි දුක්සේ
ඒ සැර ලියෝ ඇසවොත් මේ වග දක්සේ
වානර මුව උලති හම යනතුරු හොස්සේ


ගජමන් නෝන රස සාගරයකි එතුමිය වටා ගෙතුන මෙන්ම එතමියගේ නිර්මාණ අප අතර බොහෝ ජනප්‍රිය සාහිත්‍ය නිර්මාණයන් බවට පත්ව ඇත

මෙම වියමන ඇගේ පෞද්ගලික තොරතුරු පිිලිබදව අවධාණය යොමු කෙරෙන්නකි. 

සම්පූර්ණ නම
දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා
උපත
කොල්ලූපිටියේදී
දිනය : 1746
පියා : 
බෙලිඅත්ත ආසන්නයේ 
කහවත්ත ගමේ, 
වරකාමුල්ලේ ගමගේ දොන් ප්‍රැන්සිස්කු සේනාරත්න කුමාරප්පෙරුමාල්.
 රැකියාව - 
මාතර රණවක තෙන්නකෝන් මුදලිඳුගේ ලියනඅප්පු 
පසුුුව එම මුදලිඳුගේ උපකාරයෙන් ගජමන් ආරච්චි වසමත්, කහවත්තේ විදාන ආරච්චි වසමත් ලැබ කොල්ලූපිටියේ සිට කහවත්තට පැමිණ,  මාතර වෙහෙරගම්පිට පදිංචියට පැමිණ ඇත.
මාතර වාසය
වෙහෙරගම්පිට තුප්පහිගේ වත්ත
මව
කොල්ලූපිටියේ පදිංචිව සිටි දෝන කොර්නේලියා නෝනබබා පෙරෙයිරා
මවගේ පියා : කොල්ලූපිටියේ මිලාගිරි පල්ලියේ තෝම්බුව භාර මුලාදෑනිකම ඉසුලූ ජසෙන්තු ග්‍රේරෝ

පවුලේ ගණන : දරුවෝ තිදෙනෙකි. වැඩිමලා ගජමන් නෝනාය. මේ දරුවන් ලැබෙන තුරු ඔවුන් සිටියේ කොල්ලූපිටියේය. මාතරට එනවිට ගජමන්නෝනාගේ වයස අවුරුදු 14 කි.

ගුරුවරු : කරතොට ධර්මාරාම නායක හිමියන් ප්‍රධානව - සමරජීව පත්තායමේ ලේකම් හා හිටිනාමලූවේ හිමි. මින් පත්තායමේ ලේකම් ඇයගේ මාමා කෙනෙකි.

කිවිවරිය : විසි වයස් වන විට කිවි වරියක වශයෙන් ඇයගේ ප්‍රසිද්ධිය රටපුරා පතල වී තිබිණ
ඇයගේ විවාහය :
වයස 22 දී ගාල්ලේ ආරච්චි කෙනකු සමඟ විවාහ වූවාය. දෙවසකින් පසු සැමියා මළේය. ඔවුන්ට ලැබුණේ එක් දරුවෙකි. ඔහුගේ නම ජුවානිස් අල්විස්ය.
දෙවැනිවරට විවාහ වූයේ 
මාතර උයන්වන්නේ ගේබ්‍රියෙල් හෙන්ද්‍රික් සිරිවර්ධන විජය විමලසේකර මුහන්දිරම් සමඟය. 8 වසක් ඒ විවාහය පැවතියේය. 
දරුවෝ තිදෙනෙකි. ගිරිගෝරිස්, දාවිත් හා දොන් දියෙස් (බබා ගුරුන්නාසේ).
ඇයගේ ඇඳුම
සාය හැට්ට බොස්තරැක්ක සිහින් ඉඟ, තූප්ප කොණ්ඩය
ගජමන් නම
ගජමන් ආරච්චි යනු ඇතුන් බඳින රාජකාරියක් විය හැකියි. ඒ ගැන මතභේද ඇත. නැතහොත් ගජමන් හෝ ගැජමාන් යන ඕලන්ද වදනකින් භින්න වූවක් විය හැකියි.
පවුල් පසුබිම
 පවුලකි. ඇයගේ මුත්තා ග්‍රේරෝ මහතා කවි ලිවීමේ සමතෙකි. ඇයගේ මව හොඳ ගුරුවරියකි. 
ඇයගේ පියා ද කවි ලිව් මේ සමතෙකි.


A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon