හන්තාන අඩවියේ මැදුරු කුළුනු සුදු සදළු තලා
පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ.
හන්තාන අඩවියේ කුසුම වදුල තුරු සිරස හමා ගෙන
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ.
කුසින් අඩක් දල අහරින් සකසා
කෙසග සිරුරු රළු යහනේ සතපා
අනියත් හෙට ගැන සිතමින්
විද්‍යා ශිල්ප වන පොත් කරනා
මානව මනවිකාවන්ගේ
නලියන රුධිරයේ උණුසුම් සුසුම
ප්‍රේමයේ සුවද නොවේ.
හන්තාන අඩවියේ මැදුරු කුළුනු සුදු සදළු තලා
පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ.
හන්තාන අඩවියේ කුසුම වදුල තුරු සිරස හමා ගෙන
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ.
පීඩනයෙන් පැනසර හිස ඔසවා
පෙරමුන ගත් වරදට වෙඩි සැර කා
මළ සොයුරන්
සිහිකරමින්
විද්‍ය ශිල්ප කලා වනපොත් කරනා
මානව මනවිකාවන්ගේ
පුපුරන මනසේ කකියන පැතුමයි
ප්‍රේමයේ සුවද නොවේ.
හන්තාන අඩවියේ මැදුරු කුළුනු සුදු සදළු තලා
පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ.
හන්තාන අඩවියේ කුසුම වදුල තුරු සිරස හමා ගෙන
මේ එන්නේ ප්‍රේමයේ...............................
සුවද නොවේ.
notes of imaginary
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.