අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
2013-07-08

7/08/2013 09:18:00 pm
2






ශ්‍රී ලංකාවත් තේ දල්ලත් අතර ඇත්තේ සුවිෂේශ සම්බනධයකි. අපේ රටේ වානිජ වගාවන් අතර කෝපි යුගය අවසන් වන්නේ තේ යුගය ආරම්භයෙනි. 1867 අක්කර 19 ක භූමි භාගයක වගා වකින් ආරම්භවු තේ වගාව පසුකාලීනව අක්කර 1,87309 ක පමණ භුමි ප්‍රමාණයක් අත්පත් කර ගත්තේය.තේ වගාව පිළිබදව උතුරු ඉන්දියාවේ අත්දැකීම් සමග 1867 දී ශ්‍රී ලංකාවට පැමිණි ජේම්ස් ටේලර් නම්වු යුරෝපීයා ලූ කොන්ඩෙරා වතුයායේ ඔහුගේ ප්‍රථම අත්දැකීම් පර්යේෂන වගාව ආරම්භ කල බව සදහන්ය.
ජේම්ස් ටේලර් නිපදවූ තේ ලන්ඩනයේ වෙන්දේසියකදී ඉතා හොද මිලකට අලෙවි විය. මේ අලවි වාර්තා ශ්‍රී ලංකාව පුරා තේ වගා කිරීමට උත්ප්‍රෙරකයක් විය. 1873 සිට 1880 දක්වා කාලය තුළ පවුම් 23ක වටිනාකමක් වු තේ නිෂ්පාදනය 1890 වන විට ටොන් 22,900 ධාරිතාවක් අත්පත් කර ගෙන තිබිණි.
1960 දක්වා ශ්‍රී ලංකාවේ වූ බොහෝ තේ නිෂපාදන ආයතන බ්‍රීතාන්‍යයන්ට අයත් ඒවා විය. "ඉඩම් ප්‍රතිසංස්කරණ පනත" හදුන්වා දීමෙන් අනතුරුව, මෙම තත්වය වෙනස් විය. සියළුම විදේශික වගාවන් රජයට අත්පත් කරගත් අතර 1990 දක්වා ආයාලයේ ගිය අතර සිට නව කළමනාකරනයකට පත්ව කර්මාන්තය රාජ්‍ය සහ පෞද්ගලික ආයතන අතර බෙදී ගියේය. බ්‍රිතාන්‍යයන් විසින් ආරම්භ කරන ලද වතු 1960 දී රජයට පවරා ගන්නා ලදී. නමුත් එතැන් පටන් පෞද්ගලීකරනය වී වර්තමානය වන විට වතුකර කීපයක් හෝ තේ වත්තක් හෝ හිමි "වැවිලි සමාගම්" මගින් කළමනාකරණය පවත්වා ගෙන යයි.
අද වන විට ජාත්‍යන්තර තේ වෙළද පලේ ලිප්ටන් , සර් වින්ස්ටන් සහ අහ්ලන් යන තේ ‍සන්නාම තේ ලොව පුරා ප්‍රකට ශ්‍රී ලාංකික තේ වර්ග වේ.
ශ්‍රී ලංකාව ලොව තුන්වෙනියට විශාල වශයෙන් තේ නිශ්පාදනය කරන රට ලෙස ජාත්‍යන්තර නිෂ්පාදනයෙන් 9%කට හිමිකම දරන අතර ගෝලීය අවශ්‍යතාවයෙන් 19%ක පමණ කොටසක් හිමිකම් කියන ලොව ප්‍රධානතම අපනයන කරුවෙකි.

භුගෝලිය පිහිටීම අනුව ශ්‍රී ලංකා තේ උඩරට තේ, මැදරට තේ සහ පහත රට තේ ලෙස කාන්ඩ 3කට බෙදේ.

notes of imaginary

2 ප්‍රතිචාර:

samakayawate said...

වටින තොරතුරු හා සේයා රු පෙළක්ම දුන්නට තුති.
Samakaya Wate නලින්

Ishara Madushanka said...

good info