කාලෙකින් අපි හමු වුනේ නැහැ. දැන් දැන් ලියන්න හිතක් පහල වෙන්නේ නැහැ.
පුදුම කම්මැලි කමක් තියෙන්නේ.
පසුගිය දිනක මට මුණගැහුන යුවලක පිලිබද මතකය ඉතිරිව තියෙනවා.
ඔවුන් දෙදෙනාම කෘෂි විද්‍යා උපාධිධාරින්..........
එක් උදෑසනක අවන්හලේ උත්සව ශාලාව
වෙන් කරගන්න මේ යුවල පැමිණ සිටියා. මම කතා බහට යොමු වුනේ සාමාන්‍ය රාජකාරියක්
ලෙසට.
ඔවුන්ට කතා කරන්න ඉඩ දීලා මම අසා සිටියා.
කොන්ඩේ සුදු රැලි වැටි ගෙන එන මගේ සිරුර නිසාදෝ ඔවුන්ගේ “ අංකල් ” බවට මම පත්වුනා.
මට ඔවුන් පුතෙක් සහ දුවෙක් වුනා.
ශාලා පරිශ්‍රය නිරීක්‍ෂණය කිරීමෙන් පසු මගේ පැකේජය ගනන් හිලව් කතා බහට
යොමුවුනා. මේ දෙන්නම අනවශ්‍ය වියදම් වලට කැමැත්තක් තිබුනේ නැහැ.
කලින් යොදා ගත් දවසක විවාහය ලියාපදිංචි කිරීමත් චාරිත්‍ර වාරිත්‍ර නිවසේදි සරලව කිරීමත් මෙ දෙන්නාගේ සැලසුමක්.
නිවාඩු දවසක ( සෙනසුරාදා ) කුඩා පිරිසකට පුංචි සාදයක් ඔවුන්ගේ සැලසුම උනා.
මගේ ව්‍යාපාරික අරමුණු බිද ගෙන ඔවුන්ගේ අරපිරිමැස්ම අගේ කරන්න මට හිත
හදාගන්න පුළුවන් උනා.
නියමිත දිනයේදි උත්සවය චාම් උනත්
ගරු ගාම්භීරත්වයෙන් නිමවුනා.
ස්තුතිය පලකරන්න ( thank you card එක වෙනුවට) සහභාගී
වුන සැමට ලැබුනේ ලස්සන ඇසුරුමක බහාලු “ දෙළුම් පැල දෙකක්
!.
හිතා ගන්න පුළුවන් නේද උත්සවය කොයිතරම් නැවුම් අන්දමින් පැවතුනාද කියලා !.
notes of imaginary
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.