ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww

2024-07-18

මෝට තගේ ලැගපිය ගොස් ගෙදර බොලේ .










 

ගාලු කෝරළේ නැකැතියෙක් "බුරියා"නමින් හැඳින්වුන රදා ස්ත්‍රියකට කියූ කවියක්.

සිරියා වත සදිසි සිරිකත විලසාය
පිරියා ගත අයුරු රන්ටැඹ විලසාය
කිරියා වෙක මදන වද දෙන විලසාය
බුරියා කිය පහස මට දෙන විලසාය

ඊට බුරියා මෙසේ පිළිතුරු දුන්නා ලු.!

කිරියා වට ඇතොත් ලිය නම් පර සිද්ද
සිරියා වට නැකැත් ගහයන් ගෙන සිද්ද
දිරියා ලඳ ගසන කල තෙමමින් රෙද්ද
නරියා ලෙස ගියොත්,අදහස වේ සිද්ද

මාතර යුගේ රති කවි අතර සරනවිට

නිතර හමුවන නමක් "පුයිඅප්පු".
මහළු වියට පත් පුයි අප්පු දිනක්
පන් උදුරන කාන්තාවො සමූහයක් දැකලා
මෙහෙම කවියක් කියනවා.


පාට හොඳයි රතුවට සැමතැනම පෙනේ
ඊට වැඩියි දොඩනා රස වදන් අනේ
කාට උනත් නොතොරා ගැනීමමයි ගුනේ
මීට වඩා ඔබිනා ලිය නැතැයි දැනේ

මෙ,කව කියාහමාර වනවාත් සමඟම
එක් කාන්තාවක් මෙහෙම පිළිතුරු දුන්නා ලු.


පාට පෙනෙයි රකුසෙකු ලෙස සොහොන් පලේ
ඊට වැඩියි රළු ගති කී කවියෙ බොලේ
මූට ලියෙක් කිසි කල නොම කෙරේ ලොලේ
මෝට තගේ ලැගපිය ගොස් ගෙදර බොලේ

 

කමල් පී අලහකෝන් මෙටාවට වියමන් කල මේ පැදි  මීදුම පලකරන්නේ ස්තුතිය පෙරදැරිව. කමල් පල ලෙසින්ම -----

 

A day in the life

0 ප්‍රතිචාර: