(රහස්‍ය භාවය සුරකිනු ලැබේ )
_ බැංකුවේ නිල වැකිය .
සේප්පුවක දා රකින්ට හැකිනම්
රත්තරන් බඩු අපි හැමෝගෙම ...
රහස් ඔක්කොම ඒ විදියටම
බැංකුවෙ තියන්න බැරිවෙයිද අපිට...??
වෙස් මූණක් අලෝගෙන ඇවිත්හිත ඇතුලෙ පැටවු ගහන දුක් දොම්නස්එක එක සේප්පුවට දාල වැහුවොත්පුළුවනිද ඒ රහස් රැක ගන්න .??
ඉරුණු යට ගවුමක
අණ්ඩ දාල එළලපු
මැකිල ගිය හීන ඔක්කොම
සුදු ඇඳුමකින් වහගෙන
පෝරුවෙ හිටගන්න වෑයම් දරාපු
ආදරවන්තයින්ගෙ රහස් පසුම්බි
බැංකුවෙ දාල රැකගන්න පුළුවන්ද ??
පඩි දිනේ දවසකින් පරක්කු උණොත්කරාමෙට කට තියල බඩ පුරෝගෙනහිල් වෙච්චි සාක්කුවට අත දාගෙනඋජාරුවට අඩිතියන් ඇවිදයනකී දෙනෙක් ගෙ බඩ ඇතුලෙමහ බඩවැලේ මොනා තියෙනවදකවුරු දන්නවද ,ඒ රහස් .??
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.