වියපත් වු දෙදෙනෙක් බීම හලක එක මේසෙක වාඩි වෙලා , බැස යන හිරු සමරනවා .දැන් ටිකින් ටික අදුරත් ගලනවා.
ගලන අදුරත් එක්ක දෙන්නගේ කහ ඉරේ සීමාව ඉක්මවෙලා රතු ඉරට එමින් තියෙනවා.
දැන් මේසෙට වාඩි වුන දෙන්නා නෙමෙයි ඉන්නේ.
එක්කෙනෙක් අනිත් කෙනාට ඇගිල්ල දික්කරලා.............ඔයා මම අදුරනවා වගෙයි. !. හ්ම් .......කොහේ ඉදන්ද ආවේ ?.
අහනවා . මේක බලා ඉන්න අයට පුංච් කතුහලයක්.
හ්ම්......මම අයර්ලන්තයේ !!
ප්‍රශ්නේ යොමු කරපු කෙනා.
වෙන්න බැහැ . ඔබ අයර්ලන්තයේ වෙන්න බැහැ. ........ලෝකේ මෙච්චර පුංචි වෙන්න පුළුවන් ද ?
අවිශ්වාශය පලකරනවා
අයර්ලන්තයේ නම් මොන නගරයේ ද ? සෑහීමකට පත් නොවුන ඔහුු නැවත අහනවා
ඕ .........මම ඩබ්ලින් වල.
දෙවැන්නාට හරි පුදුුමයි.
කෙහොමවත් ඩබ්ලින් වෙන්න බැහැ. මේක මේ තරම් පුංචි ලෝකයක්ද ?
පලමුවැන්නා දෙවැන්නාගෙන් මෙහෙම අහනවා.
ඔබගේ පාසල ?
මම ශාන්ත මරියා විද්‍යාලයේ 55 කන්ඩායමේ. එතකොට ඔබ ?
මමත් ඒ පාසලේ 55 කණ්‍ඩයමේ නේ !!.
මේක වෙන්න පුළුවන් ද ? දෙන්නාටම පුදුමයි. අම්මපා ලෝකය මේච්චර පුංචි වෙලාද ?
මාරයිනේ ........දෙන්නම පුුදුමයෙන් කෑ ගහනවා.
එහා මේසේ ඉදන් මේ කතාවට ඇහුම් දි දී හිටපු මට කුතුහලයක් වුනා මේ කතාව .
මම බාර්මන් ගාවට කිට්ටු කරලා ඇහුවා ......ජෝ මහත්තයා මොකක්ද මේ දෙන්නගේ සාකච්ඡාව කියලා ?
බාරමන් කියනවා රතු ඉරට ආවම හැමදාම ඔය දෙන්න ඔය වගෙමයි. වාද වෙන්නේ ඔය මාතෘකාවෙමයි.කියලා හිනා වෙලා කියනවා
සර් දෙන්නම නිවුන් දරුවෝ ...............
0 comments:
Post a Comment