ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww

2024-07-05

කපා කොටා ඉරා දමපු දේශයක්








 

ආදරේ..
කපා කොටා ඉරා දමපු දේශයක්
දුර ඈතට ඉගිල්ලෙන්න හීන දැකපු
ලිහිණියන්ගෙ හීන බිඳපු දේශයක්..
සකියණේ......
මල් පිපුණු බිමක් මුඩු බිමක් කළ වෘකයන්
උල් තියුණු දත් වලින් බිඳිණු හැක පරපුරක්
දහවලෙහි හිරු කඩා හංගාපු
රෑ යමේ සඳත් නිරුවත් කරපු
තාරකාවන් බිමට විසි කරපු
වෘකයෙනි.. වෘකයෙනි ..වෘකයෙනි..
අපේ උන් බියෙන් ගලවා ගනිමි
නු⁣ඹේ ඔය තියුණු දත් මොට කරමි
රත්තරං දතක් පා වැඩදාපු
ඉස්තරම් හිනාවකි දවටාපු
කස්තිරම් ගසා අප රවටාපු
වෘකයෙනි ..වෘකයෙනි..වෘකයෙනි
රැහැනකින් ගැට ගසා සිරකරමි
චණ්ඩ රළු රළ මතට විසිකරමි
සකියණේ...
මුඩු බිමක යළිත් මල් පුබුදුවමි
සත්තමයි ප්‍රේමයේ දිය ඉහිමි
සෝමලතා හේරත් මැණිකේ




A day in the life

1 ප්‍රතිචාර:

දුමින්ද අබේසේකර said...

ලස්සනයි
ජයවේවා