2024-07-14

ඒත් මේ අවසාන ලිපිය



ඒත් මේ අවසාන ලිපිය


ඉතින් මා ප්‍රියය මේ අවසාන ලිපිය
මල් පිපුණු උයන් වතු කෙළවරේ
නින්නාද වු වචන පෙලහරේ
සැබෑ වේ යැයි සිතූ ප්‍රේමයේ
රාත්‍රිය

ලයම උණුහුම් කරපු රාත්‍රිය
දෙතොල් පෙති තෙරපාපු රාත්‍රිය
නිසොල්මන් වී ඒත් සුසුම්ලයි
වෙව්ලනා ඇඟිලිතුඩු
වචන අහුලනු දැනෙයි
කිසිත් නැති රික්තයක
බිඳුණු හද රිදුම් දී ඔහේ පාවෙනු දැනෙයි
අගුළු බිඳි දොර පලුව

සුළඟ හා ගැටී වැලපුම් ගෙනෙයි
දැන් ඉතින් මැදියමද ගෙවී ගොස්
අස්වසාලනු නොහැකි හැඟුම් විත්
ලිපියෙ අවසානයට
රත්තරං නුඹ මගේ යැයි ලියයි
ඉස්තරම් ලෙස බැඳුම් ගැට දමයි
ඒත් මේ අවසාන ලිපිය

----සෝමලතා හේරත් මැණිකේ

A day in the life

No comments: