කැළණි රජ මහා විහාරය නිතර කතා බහට ලක් වෙන්නේ දේශපාලන වේදිකාවේ හාස්‍යමත් සිද්ධියක් සිහිපත් කිරීමටය. හදිසියේ මතුවු නාගයෙක් පෑ ප්‍රාතිහාර්ය අවුරුදු ගණණාවක් ගෙවී ගියත් අදත් ජනතාවට මතකය.
නාගයෝ මනුෂ්‍ය ගෝත්‍රයක් බව අමතකය.
කැළණියේ රජකල මණිඅක්ඛිත නා රජුගේ ආරධණයෙන් පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමග ගෞතම බුදුන් වහන්සේ කැළණියට වැඩම කලේය. මණිඅක්ඛිත නා රජුට සහ පිරිසට ධර්ම දේශණා කලේය.
බුදුන්වහන්සේ වැඩ සිටි ආසනය නිදන් කොට මණි අක්ඛිත නා රජු කුඩා චෛත්‍යයක් ඉදිකර සිහිවටනයක් පුජණිය ස්ථානයක් බවට කැළණි පුද බිම පත් කලේය.
ක්‍රි. පූර්ව තුන්වන සියවසේදී කැළණියේ රාජ්‍යත්වයට පත් යඨාලතිස්ස කුමාරයා විසින් මෙම චෛත්‍යය සැට රියනක් උස් කොට ප්‍රතිනිර්මාණය කලේය.
ක්‍රි.ව 1187 සිට 1196 දක්වා පොලොන්නරුවේ රජ කල නිශ්ශංකමල්ල රජු කැළනි විහාරය ප්‍රතිසංස්කරණය කළ බව පොලොන්නරුව ගල් පොත සෙල් ලිපියේ සදහන්ය.
ක්‍රි.ව 1213 දී ලංකාව ආක්‍රමණය කල කාලිංග මාඝ විසින් විහාරය , චෛත්‍යය කඩා විනාශ කර කොල්ල කෑවේය.
කාලිංඝ මාඝ ආක්‍රමණයෙන් රට මුදවා ගත් තුන්වන විජය බා රජු ක්‍රි.ව 1232 දී කැළණි වෙහෙර ප්‍රතිසංස්කරණය කර රන් කොතක් පැලදු බව වංශ කතාවල සදහන්ය.
ක්‍රි.ව 1505 දී පෘතුගීසීන් ක්‍රි.ව 1882 දී ලන්දේසීන් විසින්ද වරන් වර කැළණි විහාරය විනාශ කලද එම වකවානුතුල රජ කල සිංහල නරපතීන් කැළණි විහාරය ප්‍රතිසංස්කරණය කර ඇත.
කෝට්ටේ රාජ්‍යත්වයට පත් රජවරුන්ගේ භක්තියාදරයට පත් කැළණි විහාරයෙහි 1509 වසරේදී ධර්ම පරාක්‍රමබාහු රජු විසින් පිරිටුවන ලද සෙල් ලිපිය පෘතුගීසීන් විසින් කැබලි අටකට කඩා දැමු අතර නැවත ප්‍රතිසංස්කරණය කර විහාර භූමියේ තැන්පත් කර ඇත.විදේශීය ආක්‍රමණ නිසා නිහඩ භූමයක් බවට පත්වු කැළණි පුද බිම උඩරට රාජධාණියේ රාජ්‍යත්වයට පත්වු ( ක්‍රි.ව 1747 - 1782 ) කිර්තී ශ්‍රී රාජසිංහ සමයේ නැවතත් නවෝදයක් උදාවන්නේය.
වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමියන්ගේ මාර්ගොපදේශයන් යටතේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් කැළණි රජ මහා විහාරය වැඩි දියුණු කල බව ක්‍රි.ව.1779 දී පිහිටුවන් ලද කැළණි විහාර සෙල් ලිපියේ සදහන්ය.
කැළණි රජ මහා විහාරයේ වර්තමාන පුනරුදය ඇරඹෙන්නේ ක්‍රි.ව 1888 වර්ෂයේදීය.
1888 වර්ෂයේ හෙලේනා විජයවර්ධණ ළමාතැනිය විසින් බුදු මැදුරු බිමෙහි ගල් ඇතිරීමෙන් සහ 1927 දී බව බුදු මැදුර සදහා මුල් ගල් තැබීමෙන් ආරම්භ කරන ලද ප්‍රතිසංස්කරණ කටයුතු වර්තමානයේ දකින කැළනි විහාරයේ සිත් පහන් කරන පරිසරයට දායක වී ඇත.
0 comments:
Post a Comment