Tuesday, November 12, 2024

ශ්‍රී ලංකාවේ සර්පයෝ






ශ්‍රී ්‍කාව තුල සර්ප විශේෂ 108ක් පමණ දැක ගත හැකිවේ.මොවුන් ජිවත් වන පරිසරය අනුව රැක් වාසින්,පංශු වාසින්, භෞමික හා ජලජ වශයෙන් වර්ග කරනු ලබයි.මෙම සර්ප විශේෂ 108 අතරින් විශේෂ 40ක් විෂ සහිත වන අතර 68 ක් විෂ රහිත සර්පයින්වේ. විෂ සහිත වුවන් අතරින් විශේෂ 22ක් පමණ මාරන්තික වන අතර එයින් විශේෂ 15ක් මුහුදු සර්පයින්ය.මේ අතුරින් 58ක් පමණ මෙරටට ආවේණික වේ.
සර්ප දෂ්ටන නිසා ලෝකයේ වර්ෂිකව සිදුවන මරණ සංඛ්යාව 4000 ක් පමණ වේ.ශ්රී ලංකාව තුල සාමාන්යයෙන් 80'000 පමණ දෂ්ටන වර්තා වන අතර වාර්ෂිකව 400ක් පමණ මරණ සංඛ්යාවක් වර්තා වේ.ශ්රී ලංකාව තුල වැඩිම දෂ්ටන ප්රමාණයක් සිදුවන්නේ තෙලිස්සන්ගෙන් (කුනකටුවන්) වන අතර වැඩිම මරණ සංඛ්යාවක් සිදුවන්නේ තිත් පොලොන් දෂ්ටන තුලින් ය.
ශ්රී ලංකාවේ සර්ප විශේෂ
Sri lankan snake species
01. දිය ගොයා/මඩ පනුවා/ රෙදි නයා - wart snake /little file snake - Acrochordus granulatus (schneider 1799) - නිර්විෂ
02. වැලි පිඹුරා /කොට පිඹුරා - common sand Boa - Eryx conicus (schneider 1801) - නිර්විෂ
03. ඇහැටුල්ලා - Green vine snake - Ahaetulla nasuta (Lacepede 1789) - සුළුවිෂ *E
04. හෙනකදයා - Brown vine snake - Ahaetulla pulverulenta (Dumeril 1854) - සුළුවිෂ *E
05.මල් සරා/පොල්මල් කරවලා - Ornate flying snake - Chrysopelea ornata
(shaw 1802) - සුළුවිෂ
06. දගර දණ්ඩා - Sri lankan flying snake -
Chrysopelea taprobanica (smith 1943) -
සුළුවිෂ
07. පදුරැ හාල්දණ්ඩා - Bouleger's Bronze- back - Dendrelaphis bifrenalis (Bouleger 1890) - නිර්විෂ
08. වික්රමසිංහලාගේ හාල්දණ්ඩා - Wickramasinghe's Bronze- back - Dendrelaphis wickrorum (Danushka ,kanishka ,Amarasinghe ,vogel a senevirathna 2020)- නිර්විෂ *E
09. වයිරි හාල්දණ්ඩා - striped Tailed Bronze- back - Dendrelaphis caudolineolatus (Gunther 1869) - නිර්විෂ *E
10. ඔලිවර්ගේ හාල්දණ්ඩා - Oliver's Bronze- back - Dendrelaphis oliveri - (Tayor 1950)- නිර්විෂ *E *CR
11. මුකලන් හාල්දණ්ඩා - Schokar's Bronze- back - Dendrelaphis schokari (kuhl 1820)
නිර්විෂ *E
12. සිංහරාජ හාල්දණ්ඩා - Sinharaja Bronze- back - Dendrelaphis effrenis (werner 1909) - නිර්විෂ *E
13. තුරැ හාල්දණ්ඩා - Common Bronze- back - Dendrelaphis tristis ( Doudin 1803)
- නිර්විෂ
14. වල් ගැරඩියා - Banded Racer - Platyceps plinil (shaw - 1802) * නිර්විෂ
15. පදුරැ මාපිලා - Barnes's cat snake - Boiga barnesil (Gunther - 1869) - සුළුවිෂ *E
16.රනවනගේ රන් මාපිලා - Ranawana's Golden cat snake - Boiga ranawanei (wall 1909) - සුළුවිෂ *E
17. නිදි මාපිලා - Sri lankan cat snake - Boiga ceylonensis - (Gunther - 1858) - සුළුවිෂ *E
18. ලේ මාපිලා /නාග මාපිලා - forsten's cat snake - Boiga forsteni ( Dumeril ,Bibrona 1854) - සුළුවිෂ
19. රෑන් මාපිලා /ගැරඩි මාපිලා - Common cat snake - Boiga trigonata (Bechstein - 1802)
- සුළුවිෂ *E
20. කටකලුවා - Trinket snake - Coelognathus helena (Daudin 1803) - නිර්විෂ
21. ගැට රදනකයා - Common Bridal snake - Dryocalamus nympha (Daudin 1803) - නිර්විෂ
22. චිත්රසේකරගේ ගැට රදනකයා - Chithrasekara's Bridal snake - Dryocalamus chithrasekarai (Vidanapathirana , pushpamal a wickramasinghe 2020) - නිර්විෂ *E
23. පන් බරියා - Calamaria Reed snake - Liopeltis calamaria (Gunther 1858) - නිර්විෂ
24. මල් රදනකයා - Flowery wolf snake - Lycodon fasciolatus - (Gunther 1864) - නිර්විෂ
25. අළු රදනකයා - Common wolf snake - Lycodon aulicus - (Linnaeus - 1758) - නිර්විෂ
26. දාර රදනකයා - Sri lanka wolf snake - Lycodon carinatus (kuhl - 1820) - නිර්විෂ
*E
27. කබර රදනකයා - Barred wolf snake - Lycodon striatus - (Shaw - 1802) - නිර්විෂ
28. අරණි දත්කැටියා - Common banded kukri snake - Oligodon arnensis (shaw - 1802) - නිර්විෂ
29. කබර දත්කැටියා - Templeton's kukri snake - Oligodon calamarius (Linnaeus - 1754) - නිර්විෂ *E
30. පුල්ලි දත්කැටියා - Dumerill's kukri snake - Oligodon sublineatus (Dumeril ,Bibron 1854) - නිර්විෂ *E
31. වයිරි දත්කැටියා - Russell's kukri snake - Oligodon taeniolatus (Jerdon 1853) - නිර්විෂ
32.ගැරඩියා - Common rat snake - Ptyas mucosa - (Linnaeus 1758) - නිර්විෂ
33. අහරකුක්කා - Buff striped keelback - Amphiesma stolatum (Linnaeus 1758) - නිර්විෂ
34. ලේ මැඩිල්ලා - Boies Rough-sided snake - Aspidura brachyorrhos ( Boie 1827) - නිර්විෂ *E
35. කුරැන් මැඩිල්ලා - Black Spined snake - Aspidura ceylonensis (Gunther 1858) - නිර්විෂ *E
36. කළු මැඩිල්ලා - Cope's Rough-sided snake - Aspidura copei (Gunther 1864) - නිර්විෂ *E
37. ද සිල්වාගේ මැඩිල්ලා - De silva's rough-sided snake - Aspidura desilvai (wickramasinghe,Bandara,vidanapathirana 2019)- නිර්විෂ
*E
38. කඳු මැඩිල්ලා - Deraniyagala's Rough-sided snake - Aspidura deraniyagalae (gans a fetcho 1982) - නිර්විෂ *E
39. කෙටිවල් මැඩිල්ලා - Drummond-Hay's Rough-sided snake - Aspidura drummondhayi (Boulenger 1904) - නිර්විෂ *E
40. කුඩා මැඩිල්ලා - Gunther's Rough-sided snake - Aspidura gunentheri (Ferguson 1876) - නිර්විෂ *E
41. රාවණා මැඩිල්ලා Ravana's Rough-sided snake - Aspidura ravanai (wickramasinghe,vidanapathirana,kandambi a pyron 2017) - නිර්විෂ *E
42. දලවා මැඩිල්ලා - common Rough-sided snake - Aspidura trachyprocata (Cope - 1860) - නිර්විෂ *E
43. දිය වර්ණයා - Olive keelback - Atretium schistosum (Daudin 1803) - නිර්විෂ
44. ලංකා දිය බරියා - Bouleger's keelback - Fowlea asperrimus - (Boulenger 1891) - නිර්විෂ *E
45. දිය බරියා - Tikiri keelback - flowlea unicolor (Muller 1887) නිර්විෂ
46. නිහලුවා / මල් කරවලා - Sri lankan keelback - Rhabdophis ceylonensis (Gunther 1858) - සුළුවිෂ (M) *E
47. පලා බරියා - Green keelback - Rhabdophis plumbicolor (Cantor 1839) - නිර්විෂ
48. දැති ගෝමරයා - Black headed snake - sibynophis subpunctatus (Dumeril ,Bibrona 1854) - නිර්විෂ
49. තෙල් කරවලා /මග මරැවා - common Indian krait - Bungarus caeruleus (Schneider 1801) - උග්රවිෂ (M)
50. මුදු කරවලා /දුනු කරවලා / හත් කරවලා - sri lankan krait - Bungarus ceylonicus (Gunther - 1864) - උග්රවිෂ (M) *E
51. බඩ රතු දෙපත් කලුවා - Red bellied coral snake - Calliophis haematoetron (smith,manamendra 2008) - මධ්යස්ථ විෂ *E
52. දෙපත් කලුවා - Slender coral snake - calliophis melanurus (Show 1802) - මධ්යස්ථ විෂ
53. නාගයා - Sri lankan cobra - Naja naja (Linnaeus 1758) - උග්රවිෂ (M)
54. මහා වාලක්කඩියා - Stoke's Sea snake - Hydrophis stokesii (Gray a stokes - 1846) උග්රවිෂ
55. වාලක්කඩියා - Hook-nosed sea snake -
Hydrophis schistosua (Daudin - 1803) උග්රවිෂ
56. බඩකහ මුහුදු නයා - yellow - bellied sea snake - Hydrophis platurus (Linnaeus - 1766) උග්රවිෂ
57. පිටර්ගේ මුහුදු නයා - peter's sea snake - Hydrophis bituberculatus (peters - 1873) - උග්රවිෂ C.R
58. වයිරන් මුහුදු නයා - Annulated sea snake - Hydrophis Cyanocinctus (Daudin - 1803) උග්රවිෂ
59. ශ්වෝගේ කුඩා මුහුදු නයා - Shaw's short sea snake - Hydrophis curtus (Shaw -1802) - උග්රවිෂ
60. පටි මුහුදු නයා - Striped sea snake - Hydrophis fasciatus (Schneider - 1799) - උග්රවිෂ
61. ජර්ඩෝන්ගේ මුහුදු නයා - Jerdon's sea snake - Hydrophis jerdonii (Gray 1849) -
උග්රවිෂ
62. පර්සියානු මුහුදු නයා - persian Gulf sea snake - Hydrophis lapemoides (Gray 1849) - උග්රවිෂ
63. බොම්බේ මුහුදු නයා - Bombay gulf sea snake - Hydrophis mamillaris (Daudin - 1803) - උග්රවිෂ
64. ග්රේගේ මුහුදු නයා - Gray's sea snake - Hydrophis ornatus (Gray - 1842) - උග්රවිෂ
65. මහ මුහුදු නයා - Narrow-banded sea snake - Hydrophis spiralis (Shaw - 1802)
66.ග්යුන්තර්ගේ මුහුදු නයා - Gunther's sea snake - Hydrophis stricticollis (Gunther 1864) - උග්රවිෂ
67. පොලොන් මුහුදු නයා - Viperine sea snake - Hydrophis viperina (Schmidt 1852) - උග්රවිෂ
68. කුඩා හිස් මුහුදු නයා - Small-headed sea snake - Microcephalophis gracilis (shaw- 1802) - උග්රවිෂ
69. කුණුදිය කලුවා - Dog faced water snake - Cerberus rynchops (Schneider - 1799) - සුළුවිෂ
70. දේදුණු බරියා - Rainbow Mud snake - Enhydris enhydris (Schneider - 1799) - සුළුවිෂ C.R
71.ප්රොවොස්ටිගේ දියබරියා - Glossy Marsh snake - Gerarda prevostiana (Eydoux a Gervais - 1837) - සුළුවිෂ
72. පොලොන් තෙලිස්සා /කුණකටුවා - Merrem's Hump-nosed pit viper - Hypnale hypnale (Merrem's 1820) - උග්රවිෂ (M)
73. පහතරට මුකලන් තෙලිස්සා /වයිරම් ගෙලති කුණකටුවා - Lowland hump-nosed pit viper - Hypnale zara (Gray 1849) - උග්රවිෂ (M) *E
74. කදුකර මුකලන් තෙලිස්සා /මුකලන් කුණකටුවා - Highland hump nosed-pit viper - Hypnale nepa (Laurenti 1768) - මධ්යස්ථ විෂ(M) *E
75. අමල්ගේ තෙලිස්සා - Amal's Hump-nosed pit viper - Hypnale sp - මධ්යස්ථ විෂ C.R *E
76. පලා පොලගා - Sri lankan green pit viper - Craspedocephalus trigonocephalus
(Donndorff 1798) - මධ්යස්ථ විෂ *E
77. තිත් පොලගා /දාර පොලගා Russell's viper - Daboia russelii (shaw a nodder 1797) - උග්රවිෂ (M)
78. වැලි පොලගා - Saw scaled viper - Echis carinatus (schneider 1801) - උග්රවිෂ (M)
79. පිඹුරා - Indian Rock python - Python molurus (Linnaeus 1758) - නිර්විෂ
80. ස්මිත්ගේ කණ උල්ලා - Smith's Blind Snake - Gerrhopilus ceylonicus (Smith 1943) - නිර්විෂ *E
81. හීන් කණ උල්ලා - Jan's Blind Snake - Gerrhopilus mirus (jan - 1860)- නිර්විෂ *E
82. දුමුටු කණ උල්ලා - Brahminy Blind Snake - virgotyphlops braminus (Daudin 1803) - නිර්විෂ *E
83. ලක් කණ උල්ලා - Lanka Blind Snake - Indotyphlops lankaensis (Taylor 1947)
- නිර්විෂ *E
84. කබර කණ උල්ලා - Pied Blind Snake - Indotyphlops leucomelas (Boulenger 1890) - නිර්විෂ *E
85. මැල්කම්ගේ කණ උල්ලා - Malcom's Blind Snake - Indotyphlops malcolmi ( Taylor - 1947)- නිර්විෂ *E
86. ස්ටෝලික්ස්කාගේ සිහින් කණ උල්ලා - Stolicza's slender Blind Snake - Indotyphlops porrectus (Stoliczka 1871) - නිර්විෂ
87. ටේලර්ගේ කණ උල්ලා - Taylor's Blind Snake - Indotyphlops tenebrarum (Taylor - 1947) - නිර්විෂ *E
88. වැද්දාගේ කණ උල්ලා - Veddha's Blind Snake - Indotyphlops veddae (Taylor - 1947) - නිර්විෂ *E
89. දම් කණ උල්ලා - Violet Blind Snake - Indotyphlops violaceus - (Taylor - 1947) - නිර්විෂ *E
90. දෙපත් නයා /වට උල්ලා - Sri lankan pipe snake - cylindrophis maculatus (Linnaeus - 1758) - නිර්විෂ *E
91. ගෝමර තුඩුල්ලා - Blyth's shieldtail - Rhinophis bythii (kelaart 1853) - නිර්විෂ *E
92. තම්බපණ්ණි වල්ගා ඇබයා - Orange shield tail - Rhinophis dorsimaculatus (Deraniyagala - 1941) - නිර්විෂ *E
93. තපෝ තුඩුල්ලා - Drummond- Hay's shieldtail - Rhinophis drummondhayi (wall 1921) - නිර්විෂ *E
94. එරංග විරාජ්ගේ තුඩුල්ලා - Eranga viraj's shieldtail - Rhinophis erangaviraji (Wickramasinghe ,vidanapathirana Gower 2020)- නිර්විෂ *E
95 දෙපත් තුඩුල්ලා - Hemprich's shieldtail - Rhinophis homolepis (Hemprich - 1820) - නිර්විෂ *E
96. ඉරි තුඩුල්ලා - Striped Rhinophis - Rhinophis lineatus (Gower a Maduwage 2011) - නිර්විෂ *E
97. කලු වකුටුල්ලා - Gray's Earth snake - Rhinophis melanogaster (Grays 1858) - නිර්විෂ *E
98. උල් තුඩුල්ලා - Schneider's shieldtail - Rhinophis oxyrhynchus (schneider 1801) - නිර්විෂ *E
99. කුවීයර්ගේ වල්ගා ඇබයා - Cuvier's shieldtail - Rhinophis philippinus ( Cuvier 1829) - නිර්විෂ *E
100. ඉරි වකුටුල්ලා - phillip's Earth snake - Rhinophis phillipsi (Nicholls 1929) - නිර්විෂ *E
101. දික් තුඩුල්ලා - Willey's shieldtail - Rhinophis porrectus (wall 1921) - නිර්විෂ *E
102. තිත් තුඩුල්ලා - Muller's shieldtail - Rhinophis punctatus (Muller - 1832) - නිර්විෂ *E
103. රෝෂාන් පෙරේරාගේ තුඩුල්ලා - Roshan perera's shieldtail - Rhinophis roshanpererai (wickramsinghe vidanapathirana,Rajeev,Gower -2017) - නිර්විෂ *E
104. මහ බිං උල්ලා - large shieldtail - Rhinophis saffragamus (kelaart 1853) - නිර්විෂ *E
105. දැරණියගලගේ වල්ගා ඇබයා - Deraniyagala's shieldtail - Rhinophis tricoloratus (Deraniyagala 1975) - නිර්විෂ *E
106. සිග්සැග් තුඩුල්ලා - Zigzag shieldtail - Rhinophis zigzag (Gawer a maduwage 2011) - නිර්විෂ *E
107. ගුණසේකරගේ තුඩුල්ලා - Gunasekara's shieldtail - Rhinophis gunasekarai (vidanapathirana ,wickramasinghe a Gower 2020) - නිර්විෂ *E
108. මෙන්ඩිස්ගේ තුඩුල්ලා - Mendis shieldtail - Rhinophis mendisi (Gower 2020) - නිර්විෂ *E
Summery
Sinhala name
English name
Scientific name (Taxonomic Auther ,Describe year)
Species :108
Endemic Species : 58
උග්රවිෂ - Highly venomous 🔴
මද විෂ - Moderately venomous 🟠
සුළුවිෂ - Mildly venomous 🟡
නිර්විෂ - non venomous 🟢
*E - Endemic
C.R - Confirmation required
(M) - Medically important category
📷 ජායාරූප වල අයිතිය මුල් හිමිකරැවන් සතුවේ.ජායාරූප උපුටා ගැනිම අන්තර්ජාලය සහා මුහුණු පොත මගිනි.
වෙනත් -
*රැචිර සෝමවිර මහතාගේ 'ශ්රී ලංකාවේ සර්පයින්' ග්රන්ථය මගින් .
ස්තූතියි....🙏
✍️ඉෂාන් දේවින්ද





day in the life

0 comments:

Post a Comment

ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.

 

මීදුම Published @ 2014 by Ipietoon