හිත් කොනේ තාමත් ලැගුම් ගත් ඇත්තටම වුනු සිද්ධියක්...
සකල සිරින් පිරි දකුණු පලාතේ ගොවිපලකට මාරුව යනවා
හතර රියන් වැලි පාරක ඇවිදින් කුඹුරු මැදින් පා ගාටනවා
බකල ගහන් මා එනහැටි දැකලද නුහුරු හඬක් මට අමතනවා
සකල සිරින් පිරි දකුණු පලාතේ ගොවිපලකට මාරුව යනවා
හතර රියන් වැලි පාරක ඇවිදින් කුඹුරු මැදින් පා ගාටනවා
බකල ගහන් මා එනහැටි දැකලද නුහුරු හඬක් මට අමතනවා
"හත්වලාමෙ මේ හිටිපියරේ සර් ආවේ කොහොමෙයි" විමසනවා.
නතර වෙලා මට නුහුරුම වචනේ ගැන කුහුලෙන්මයි පසුවන්නේ
මමනම් ආවේ වේලුනු නියරෙයි වෙන එකකයි මඩ තවරන්නේ
හතුරුකමක් නැහැ මුහුණේ පෙනුමෙන් සැකය එහෙත් හිත දළුලන්නේ
මිතුරු ලෙසින් "ඇයි නියර පෑගුනද..." කියලයි ඔහුගෙන් විමසන්නේ...
"මහත්තයා පිට පලාතක අයෙක් ඒබව මට මුලදිම දැනුනා
හවස් වෙලා ආවා නම් ගිනියම් අවුවෙන් බෙරෙන්නට තිබුනා"
මගත් අසාගන යන තැන පවසා "යන්නම්.." උන්දැට සමුදුන්නා
පහත් වෙලා මගෙ බෑගෙත් උස්සන් ගොයියා මට ඉස්සර වෙන්නා...
ටිකක් දුර ගිහින්, "මාත් එහෙයි වැඩ - නිවාඩුවක් අද අර ගත්තේ
හුඟක් පමාවූ නිසයි කුඹුර මගෙ ටිකයි නියර තව බැඳ ගත්තේ
හවස් වෙලා ලැබුනොත් මම එන්නම්, මඳක් දුරයි ඔබ යායුත්තේ
ටිකක් දුර ගිහින්, "මාත් එහෙයි වැඩ - නිවාඩුවක් අද අර ගත්තේ
හුඟක් පමාවූ නිසයි කුඹුර මගෙ ටිකයි නියර තව බැඳ ගත්තේ
හවස් වෙලා ලැබුනොත් මම එන්නම්, මඳක් දුරයි ඔබ යායුත්තේ
ඔෆිස්එකේ දොර ඇරල පේනවා..."
කියලයි මිතුරා සමුගත්තේ...
බස් වහරෙ "හිටි පියර" හිටි පියවර කියන එකයි.
ඉර මුදුන් සමයමේ හෙවනැල්ල පවතින්නෙ
හිටි පියවරේ විතරයි.
මද්දහනෙ සැඩ අව්වෙ ආවෙ කොහොමද කියලයි, ඔහු මගෙන් ඇහුවේ.
"දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැස්සා තුරුලේ හංගාගන මා නුඹ තෙමුනා අම්මේ...
පායන තුරු "හිටි පියවර" හිටියා නුඹ අම්මේ.
* නියරෙ පෑගුනැයි, වලිගෙ පාගගත් එකා
මමයි... ඒකනංයකා~
මමයි... ඒකනංයකා~
1 comments:
ස්තූතියි වචනයේ තේරුම ලස්සනට දැන ගත්ත
Post a Comment