
දීර්ඝ කාලීනව ගන්නා හෝමෝන ප්
රතිකාර
දැන් කලබල වෙන්න එපා උපත් පාලන පෙති නිසා. හෙමින් සැරේ කියවන්න.
ඩිම්බ කෝෂ සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ හෝමෝන ප්‍රමාණය සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් කරනවා. ඉතින් ඩිම්බ කෝෂ ඉවත් කල කෙනෙකුට හෝ ආර්තවාභාවය (menopause) වුණු කෙනෙකුට වෛද්‍ය උපදෙස් මත hormone replacement therapy නැතිනම් හෝමෝන පිටතින් ලබා දෙනවා. මෙසේ දීර්ඝ කාලීනව ලබා ගන්නා හෝමෝන (ර්ස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන්) යන හෝමෝන පියයුරු පිළිකාවක් ඇති වීමේ ප්‍රවණතාවය වැඩි කරනවා.
පෙති ලෙස ලබා ගන්නා හෝමෝන හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගන්න ලබා ගන්නා පෙති වගේම වසරක් හෝ ඊට වඩා කාලයක් පුරාවට ලබා ගන්නා ඇතැම් උපත් පාලන පෙති පිළිකා ඇති කිරීමේ ප්‍රවණතාවය වැඩි කරනවා.
* ඒ නිසා හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගන්න ලබා ගන්නා පෙති ජිවිතයට එක වරකට වඩා ගන්න එපා. ලුපය වැනි විධිමත් උපත් පාලන ක්‍රමයකට යොමු වන්න.
* කෙටි කාලයකට (මාස කිහිපයකට) ලබා ගන්නා පෙති හැර උපත් පාලනය ලබා ගන්න පෙති ගැන ඔබේ VOG හා කතා කරන්න. වෙනත් ක්‍රමයක් copper loop එක හෝ හෝමෝන ලූපය ඒ වෙනුවට ගන්න බලන්න.
දැන් කියන්න යන්නේ ලයිස්තුවේ අපිට වෙනස් කරන්න බැරි ටික.

වයසට යාම.

පවුලේ අනෙක් කෙනෙකුට (අම්මාගේ හෝ තාත්තාගේ පැත්තෙන්) පියයුරු හෝ ඩිම්බ කෝෂ ආශ්
රිත පිළිකා ඇති වී තිබීම.

ලිම්ෆෝමා වගේ දෙයකට මිට පෙර පපුව ප්
රදේශයට Radiation Therapy ලබා ගෙන තිබීම.

Dense Breasts
කලින් ලිපියේ කිව්වා පියයුරු වල සම්බන්ධක පටක ගැන. මීට අමතරව මේද අම්ල පටකත් තියෙනවා. සම්බන්ධක පටක ප්‍රමාණය වැඩි වෙන්න පියයුරු පිළිකා ඇති වීමේ ප්‍රවණතාවය වැඩි කරනවා. රුපය බලන්න. එක රුපයක් සම්බන්ධක පටක වැඩි සහ අනෙක මේද අම්ල පටක වැඩි උදාහරණ දෙකක්. නමුත් මේ උදාහරණ දෙකම සාමාන්‍යයයි. නිරෝගියි.

ජානමය වශයෙන් එන ගැටළු.
මේ ජානමය ගැටළු බොහෝ විට පවුලේ පරම්පරාවෙන් පරම්පරාවට යනවා. මේ නිසයි සමහර විට අම්මා තරුණ කාලයේ පියයුරු පිළිකාවකට ගොදුරු වුනා නම් පවුලේ දරුවන් (ගැහැණු සහ පිරිමි) මේ ගැන වැඩි අවධානයක් දෙන්න ඕනේ. මේ සඳහා BRCA 1 සහ BRCA 2 ලෙස හඳුන්වන ජාන දෙකේ වෙනස්කම් බොහෝ විට මුල් වෙනවා. නමුත් මේ දෙකට අමතරව වෙනත් ජන වල බලපෑම් ඇති බව මතක තියාගන්න.
සමහර විට පවුලේ ඉතිහාසය එක්ක, මේ ජන වල වෙනස්කම් තියෙන යට අවුරුදු 25ට කලින් දරුවෙක් හදන්න, පියයුරු ඉවත් කරන්න වගේ පියයුරු පිළිකා වලක්වා ගන්න අවශ්‍යය වන උපදෙස් ලැබෙනවා.
0 comments:
Post a Comment