අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Tuesday, November 19, 2024

11/19/2024 08:00:00 am
1





වැස්ස වහිනවා. පරිසරයත් සීතලයි.

මට ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ සීතල දැනෙනවා.

ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ මම දුර්වල වෙලාද .

මේ අනම් මනම් හිතෙන්න පටන් ගත්තේ දැන් කාලෙක ඉදන්.

මාස කීපයකට ඉස්සෙල්ලා මහා මැතිවරණ උණුසුම පටන් ගත්තා 

අවුරුදු පහෙන් හතරෙන් හයෙන් හතෙන් ආපු මැතිවරණ වලදී  1965 වගේ ඉදන් එහාට දුවනවා.

මෙහාට දුවනවා. 

මේ පාර ලොකු මාමාට . ලොකු තාත්තට . ලොකු අයියට බැහැ . ගෙදරට වෙලා ඉන්න අපි බලා ගන්නම්

ඔන්න ඔය වගේ ප්‍රතිචාර තමයි හමුවුනේ.

දුර බැහැරක මළ ගෙදරක් අහන්න ලැබෙනවා.

ගිහින් එන්නම ඕනි.

තාත්තා යන්න එපා. තාත්තට යන්න බැහැ.

කවුද එහේ තාත්තා බලා ගන්නේ ?.

වැඩි ප්‍රශ්ණ මට නෑ.

අහගෙන පහු බහින්නයි වෙන්නේ

මම නිශ්ශබ්ද වෙනවා.

මළ ගෙදර ඇත්තන්ට පණිවිඩයක් තියෙනවා.

මටත් ඒ ප්‍රතිචාරය ලැබුනට කමක් නෑ කියලා මම හිතනවා.

ඉන්න අයට කරදරයක් නෑ නේ.

නාන්න උණුවතුර.

උදේ හවස විටමින් A, D,E.B12 , තවත් multi vitamine.

බෙහෙත් වට්ටෝරුව  පලකලොත් මම ෆාමසියක් කියලා කියාවි.

ඇත්තටම මම මගේ නෙවෙයිද ?. 


A day in the life

1 ප්‍රතිචාර:

නමියගෙ වීදිය said...

වෙනස්වීම... නොවෙනස්වන්නක් කියනවනෙ.