Thursday, November 28, 2024

කැප්පෙට්ටිපොල මහ දිසාව.







..කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ යන දෙදෙන ඔවුන්ගේම ඉල්ලීම පරිදි (වර්ෂ 1818) නොවැම්බර් මස 25 වනදා අලුයම් වේලෙහි දළදා මාලිගාවට කැඳවාගෙන යන ලද්දෝ ය. කැප්පෙටිපොළගේ ඉල්ලීම සහ ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග් උතුමාණන්ගේ අවසරය පරිදි සෝවර්ස් මහතා දළදා මාලිගාවේදී ඔහුට මුණගැසිණි.
භික්ෂූන් වහන්සේ අභිමුඛයෙහි, වැඩහිඳින මාලිගාවේ එළිපත්ත මත දණගසා ගත් නිලමේ තමා භික්ෂූන්ට කළ සේවය, විහාරවලට කළ පුදපූජා වැනි තම ජීවිත කාලය තුළ සිදු කරන ලද පරධාන පින්කම් ද, අනෙක් ධාර්මික කටයුතුද ද විස්තර කළේ ය.
ඊළඟට ඔහු ප්‍රාර්ථනා කළේ එනම් "ඊළඟ ආත්මභාවයේදී හිමාලය පර්වතයෙහි උපදිම්වා, කෙළවර අමා මහ නිවන් දකිම්වා" යන්නයි.
මෙයින් පසු භික්ෂූන් වහන්සේ ඔහු ඇමතූහ. උන්වහන්සේ ආවේග බහුල ස්වරයකින් හා ලීලාවකින් කැප්පෙටිපොළගේ පුණ්ය කිරයා මහත්ඵල මහානිශංසදායක යයි පවසා ආශංසනයකින් සිය දේශනය අවසන් කළහ.
එහි අවසාන වචන මෙසේ ය; "අහසට දැමූ ගල් කැටයක් නැවත පොළොවට පෙරළා එන්නේ යම් සේ ද, එසේම ඔබතුමා කළ පින් මහිමයෙන් ඔබතුමා මීළඟ බුද්ධෝත්පාද කාලයෙහි ඉපිද ඉෂ්ට විපාක ලැබීම ඒකාන්ත ය". නිලමේ සහ භික්ෂූන් වහන්සේ අතර පැවැත්ම සානුකම්පිත හා උදාර විය.
මෙතෙක් දණ ඔබා සිටි නිලමේ නැඟිට සෝවර්ස් මහතා දෙසට හැරී "මගේ අවසන් පින්කමෙන් ලත් පිනෙන් කොටසක් ඔබට අනුමෝදන් කරවමි"යි කියා ඉණේ ඔතා සිටි තුප්පොට්ටිය ගලවා මාලිගාවට පූජා කොට, එය අපිරිසිදු වැරහැල්ලක් නමුත් "මා සන්තක එකම වස්තුව මෙය නිසා එය පිදීමෙන් ලත් පින අඩු නොවේ"යයි සරදම් සහගතව පැවසීය.
ඉනික්බිතිව ඔහු වධකස්ථානයට තමා හා කැටුව එන ලෙස සෝවර්ස් මහතාගෙන් ඉල්ලා සිටි නමුත් ඒ ඉල්ලීම කාරුණික හා විනීත ලෙස පරතික්ෂේප කරන ලදී.... ඉන්පසු කැප්පෙටිපොළ ස්ථීර හා තැන්පත් ලෙස සෝවර්ස් මහතාට අතට අතදී සමුගත්තේ ය.
සිරකරුවෝ දළදා මාලිගාවට සැතපුමක් පමණ ඈතින් බෝගම්බර වැව අසල පිහිටි වධකස්ථානයට කැඳවාගෙන යන ලදී. මෙහිදී වතුර සපයන ලෙස සිරකරුවන් ඉල්ලා සිටින ලදුව එසේ කැරිණි. ආගමික වතාවත් සඳහා සුළු වේලාවක් ඉඩදෙන ලෙස කැප්පෙටිපොළ ආයාචනය කළෙන් එයට අවස්ථාව සලසන ලදී. සිරකරුවෝ මුහුණ හා අත් දෝවනය කළහ.
මෙයනික්බිති කැප්පෙටිපොළ තම හිසකෙස් හිස් මුදුනේ කොණ්ඩයක් කොට බැඳ, කුඩා පඳුරක් ළඟ වාඩිවෙමින් පා ඇඟිලිවලින් අල්ලාගත්තේ ය. ඔහු ඉණේ රෙදිපට අතරින් කුඩා බණපොතක් ගෙන ගාථා කිහිපයක් කියවා එය එහි සිටි ස්වදේශික නිලධාරියකුට දෙමින් බදුල්ලේ සේවය කළ කාලයේදී තමන්ට දැක්වූ මිතරත්වය සහ කාරුණික බව පිළිබඳ කෘතඥ පූර්වක ලකුණක් වශයෙන් එය සෝවර්ස් මහතාට දෙන ලෙස කීය.
කැප්පෙටිපොළ නිලමේ පාලි ගාථා සජ්ඣායනය කරමින් සිටියදී වධකයා තියුණු කඩු පහරක් බෙල්ල පිටිපසට ගැසීය. ඒ මොහොතේදී "අරහං" යන වචනය ඔහුගේ මුවින් පිටවිය. දෙවැනි පහරින් පරාණය නිරුද්ධව මෘත කලේබරය වැටුණේ ය.
ඔහුගේ හිස කඳින් වෙන්කොට උඩරට සිරිතට අනුව ළය මත තබන ලදී....
ඉංග්රීසි පාලනයට එරෙහිව පැනනැඟුණු 'උඩරට මහ කැරැල්ල' සඳහා නායකත්වය ලබාදී, කැරැල්ල බිඳවැටීමෙන් පසුව අත්අඩංගුවට පත්ව යුද්ධාධිකරණය මගින් රාජද්රෝහී වීමේ වරදට මරණ දණ්ඩයට නියම කළ කැප්පෙටිපොළ මහදිසාවේගේ අවසන් දිනය පිළිබඳ මෙම වාර්තාව ඉදිරිපත් කරන්නේ මෙම සිදුවීම ඇසින් දුටු වෛද්ය හෙන්රි මාර්ෂල් විසිනි.
බ්රිතාන්ය යුද හමුදාවේ ශල්ය වෛද්යවරයකු ලෙස වර්ෂ 1809 සිට 1821 දක්වා ලංකාවේ සේවය කළ වෛද්ය හෙන්රි මාර්ෂල් රචනා කළ Ceylon: A General Description of the Island and Its Inhabitants කෘතිය පසුව ඇල්ලෙපොළ එච්.ඇම්. සෝමරත්න මහතා විසින් 'සිංහලේ' නමින් සිංහලයට පරිවර්තනය කරන ලදී. ඉහත කොටස එම කෘතියෙන් උපුටාගෙන තිබේ.
මව්බිමේ නිදහස වෙනුවෙන් මොනරවිල රාජපක්ෂ වික්රමසේකර බණ්ඩාරනායක මුදියන්සේ රාලහාමි හෙවත් මොනරවිල කැප්පෙටිපොළ මහදිසාවේ දිවි පුදා වසර 206ක් ගෙවෙන දිනයේ එකී කැපකිරීම පිළිබඳ ගෞරවයෙන් සිහිපත් කරමු.
ඡායාරූපය : වෛද්ය හෙන්රි මාර්ෂල් විසින් ස්කොට්ලන්තයට රැගෙන ගිය කැප්පෙටිපොළ මහදිසාවේගේ හිස් කබල වර්ෂ 1948 නැවත වරක් ලංකාවට රැගෙන ආ අවස්ථාවේ එය ප්රදර්ශනයට තබා තිබූ ආකාරය මෙම ඡායාරූපයෙන් දිස් වේ.
වම්පස ඉදිරියෙන් සිටින්නේ කැප්පෙටිපොළ පවුලේ සිවුවැනි පරම්පරාවට අයත් උපාලි මොනරවිල කැප්පෙටිපොළ මහතා ය.
කැප්පෙටිපොල මහදිසාවේගේ හිස්කබල ඇති මංජුසාවට ඉහළින් තබා තිබෙන හතරැස් මුළු තොප්පිය එතුමා විසින් පැළඳි තොප්පියයි. එතුමාගේ සම්පූර්ණ ඇඳුම් කට්ටලයක් මහනුවර ජාතික කෞතුකාගාරයේ ප්රදර්ශනයට තබා තිබේ.
එසේම හිස්කබල සහිත මංජුසාවට පසුබිමෙන් අඩක් පෙනෙන ධජය නම් කැප්පෙටිපොල පවුලේ ධජයයි. මෙම ධජය ද මහනුවර ජාතික කෞතුකාගාරයේ ප්රදර්ශනයට තබා තිබේ.

Hasitha Chamikara Gunasinghe

A day in the life

2 comments:

Anonymous said...

මෙම ලිපියේ සඳහන් නැටම් කරුණු අසත්‍යය ඒ සම්බන්ධයෙන් අපගේ විරෝධය මෙසේ දක්වා සිටම ඇත්ත තොරතුරු අවශ්‍ය නම් කැප්පෙටිපොළ දිසාව වාසය කෙරෙහි කරේය ඔය සම්බන්ධයෙන් මෙම බ්ලොග් ලිපිය සටහන් කර තැනැත්තා බගකිව යුතුය අන්තර්ජාලයේ අසත්‍යය පුවත් පළ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මේ වෙනුවට ක්‍රියාත්මක වන වන නීතිය යටතේ මොහුව මත්තලංගුවට ගෙන දඬුවම් පවත්වන මෙන් අප අනුරු කුමාර මැතිතුමාගෙන් ඉල්ලා සිටිමු

miduma said...

නොගැලපෙන තොරතුරු පල කරන්න. පාඨකයා දැනුවත් වේවි. ඉතිහාස ප්‍රවෘත්ති එකානෙකා ග්‍රහණය කරගන්නා අන්දම වෙනස් විය හැකිය. තමන් දන්නා තොරතුරු පල කිරීමෙන් නිවරදි තොරතුරු අනාවරණය වී පැහැදිලි වනු ඇත.මෙය ජනාධිපති සහෝදරයාට යොමු කිරීමට වඩා එය වැදගත් යයි මම සිතමි.

Post a Comment

ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.

 

මීදුම Published @ 2014 by Ipietoon