ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග හුදෙක්ම ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා විදින්නේය. මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww

2014-01-27

මහමෙව්නාවේ සමාධි බුදු ඇස



මහමෙව්නාවේ සමාධි බුදු ඇස
රෑ වට සීතල පින්නෙන් පිරුණිද ? .
නැත්නම් සැබැවින් කදුලින් වැසුනිද ?.

පිරිතේ තෙවලා බණ පදයේ
සාදුකාරයේ හඩ මඩිමින්
අවි ගැටෙනා හඩ රණ දෙරනේ
දෝංකාර දී එයි නැගෙමින්

ඒ ඇසු බුදු ඇස
කදුලින් වැසුනිද ?.
නැත්නම් රෑ වට පින්නේ පිරුණිද ?.

හදේ ගලා ගිය නෙත් ගගුලේ
සීතල දිය රැලි ගල් ගැසෙමින්
නොමිනිස් කම් දළු දමා වැඩේ
මිනිසත් භාවය ගිණි තබමින්

ඒ දුටු බුදු ඇස
කදුලින් වැසුණිද ?
නැත්නම් රෑ වට පින්නෙන් පිරුණිද ?.

ඒ දුටු බුදු ඇස
කදුලින් වැසුණිද ?
නැත්නම් රෑ වට පින්නෙන් පිරුණිද ?.

ඒ දුටු බුදු ඇස
කදුලින් වැසුණිද ?
නැත්නම් රෑ වට පින්නෙන් පිරුණිද ?.




notes of imaginary

2 ප්‍රතිචාර:

දේශකයා said...

ගීයකට නං හොදා නේද??

miduma said...

යුද්ධය ගෑ විලා තිබුනත් මේ ගීතය සමාධියෙන්ම රසවිදින්න.දැන් යුද්ධය නැති නිසා දෙවනි කොටස
( පිරිතේ තෙවලා ............)
අත්හැර අහපුවම මොනවද හිතෙන්නේ ?.