වරප්‍රසාද
ලොකු ලොකු දේවල් හිත හිතා ඉන්න කොට පුංචි එකෙක් කිව්ව කතාවක් මතක් වුනා.
එක එක කාලෙට එක එක සංකල්ප එනවානේ. ඒවා එනවා වගේම නැතිවෙලත් යනවා. ප්‍රායෝගික නූනාම ඔය සංකල්ප පවතින්නේ නැහැ. මේ කතාව කෑම පාර්සල් ඔතාගෙන එන පොලිතීන් කොළ ගැන. අපි සිංහල භෂාවෙන් “ ලන්ච් සීට් “ කියන්නේ !!. අන්න ඒ් කොළ ගැන.
පොලිතීන් සීමාකරන්න ඕන කියලා ලොකු අඩහැරයක් තිබුනාගේ සිරිසේන උන්නැහේගේ රාජ්‍ය පාලන සමයේ. ඉතින් ඒ කාලේ පාසල් වල දරුවන්ට තමන්ගේ දිවා ආහාරය ගේන කොට විකල්පයක් භාවිතා කරන්න සිද්ධවුනා. මේක අකුරටම කෙරෙන්න ඕන කියලා පාසල්වල නියෝගයක් පනවලා තිබුනා. ඔය මම කියන පාසලේ කෑම පාර්සල් පරීක්‍ෂණයට ගුරුවරයෙක් වෙන් වෙලාම හිටියා .
එතුමා පාර්සල් පරීක්‍ෂා කරමින් යනවා දිනපතාම. මුළු පාසලේම ලන්ච් සීට් භාවිතයෙන් ඉවත් වෙලා. ඒත් ලමයි දෙන්නෙක් විතරක් මේ වැඩේ අත්හැරලා නැහැ. කොයිතරම් අවවාද කලත් මේ දෙන්නා පිලිගන්නේ නැහැ.ඒ මදිවට මේ දෙන්නා ශිෂ්‍ය නායකයෝ.
අමුතු වරප්‍රසාද මේ දෙන්නට විතරක් තියෙන්න බැහැනේ. එහෙම හිතාගන විදුහල්පතිතුමාට පැමිණිලි කරන්න සිකුරිටි ගුරුතුමා හිතාගත්තා.
ගුරුතුමා ගේ ක්‍රිියාකලාපය නිරීක්‍ෂණය කරගෙන හිටපු පොඩි එකෙක් සර් ලගට ඇවිත් කියුවේ අමුතු කතාවක්
“ ඔය අයියලා දෙන්නා සර් කියන නියෝගය පිලිපදින්නේ නැහැ සර් “ කියලා
“ඇයි එහෙම කියන්නේ ?.
“ ඇයි සර් දන්නේ නැද්ද අර වැසිකිලිවල කැපුවේ කවුද කියලා ?. එතකොට මතක් වුනා මේ දෙන්නා නේද නේද ? කියලා.
“සර් විසිපන්දහක් ඉල්ලපු වැඩේ මේ දෙන්නා කරලා දුන්නේ හත්දාහට නේ‘‘. පොඩි එකා කිව්වා.
හොයලා බලපුවම රුපියල් විසිපන්දාහක් පාසලෙන් ගෙවලා.
රුපියල් දහඅට දාහක් ආගිය අතක් නෑ.ඉතින් අවශේෂ ගුරුවරයෙක්ගේ අණක් ඒ ගෝල දෙන්නා පිලිගනීවියැ.
0 comments:
Post a Comment