පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Sunday, May 05, 2024

පොඩ්ඩිගේ කථාව - දෙවෙනි දිගහැරුම.




මම ද වත්ත පුරා ඇවිද ගෙට ගොඩ වෙනවිට අම්මා ගෙදර පැමිණ සිිටියාය. වත්තේ සිදුවු හදිය අම්මාට කී විට  

පොඩ්ඩි එහෙනම් ශිල්පයටත් අහුවුනා යයි ඔච්චම් කලා මිස සිද්ධිය  බැරෑරුම්ව හිතුවේ නැත.

ඒ අම්මාගේ ගති ස්වභාවය විය. කිසිවක් ඇයට බරපතල නැත.

කම්මැලිකම සෝම්බේරි කම ගතෙන් පහව ගොස් කිසියම් සහනයක් හිතට මෝදු වෙන්නේ අම්මාගේ සෙවනැල්ල නිසාය.

පොඩ්ඩියේ හෙට පෝය....

අම්මාගේ මේ සුදානම හෙට පෝයට පන්සල් ගොස් අටසිල් සමාදන්ව පන්සලේ සිල් පාවරන වන තුරු ගත කර ඒ්මටය.

අම්මේ මාත්  එන්නම් .

අනේ හොදයි නේ පොඩ්ඩියේ.

ඒත් අම්මේ මට සිල් ගන්නම් බැහැ. මම අම්මත් එක්ක එන්නම් ගිවිස ගත්තාය.

පසුදා පාන්දර අපි පන්සල් ගියෙමු.

අම්මාත් සමග ආගමික වතාවත් වලට සම්බන්ධව කාලය ගත කරනු වස් මම බෝධි මළුව අතු පතුගා පිරිසිදු කරන්නට පටන් ගත්තේය

එයත් මහත් පිනක් යයිි  මම පුංචි කාලයේ අසා තිබුනා මතකය.

 සේපාලි  නංගී ,  ඇයත්ඇගේ මවත් සමග පන්සල්      පැමිණ  මා සිිටිනු දැක මගේ  උදව්වට එක්විය.

අපි සතුටු සාමීචියෙන්  බෝමළුව පිරිසිදු කර ආපසු ගෙදර ගොස් සිල් පවාරන කරනා වෙලාවට පන්සල් ඒමූයි ගිවිසා ගෙන සේපාලිකා නංගී සමග අපේ ගෙදර ආවාය.

නිසසල බව කතාවටත් අතීතයට කිමිදෙන්න අවස්ථාවක්  ඇති  කර ඇත.

මම සේපාලි නංගී සමග තේ ඒකක් බොමින්  ආලින්දයේ වාඩිවිය. පුරුදු තැන ඉපනැල්ල පිරි වෙල්යාය  මනෝ පාරකට පිවිසෙන්න පෙරම .........

ඉතින් අක්කේ  ......

නෑ .....නංගී.

මම මොනවදෝ කියන්න උවමනාවක් ඇතැයි  ඇයට සිතෙන්නට ඇත.

මට  අපේ විවාහය ලියාපදිංචි කල දිනය සිහිපත් විය.

සමීර කඩවසම් තරුන පෙනූමෙන් යුක්ත විය. දිනක් මම ඔහුගෙන් වයස විමසු විට අවුරුදූ විසි අටයි කීවේය. ඒවකට මගේ වයස විසිතුනකි.  

විවාහ රෙජිස්ත්රාර් වරයා ජාතික හැදුනුම්පත රැගෙන වයස සටහන් කරන විට මාත් ඔහුත් අතර වයස පරතෙරය අවූරූදු දොළහක් බව මම ගණණය කර ගත්තාය.

පළමු බිද වැටීම සනිටුහන්  කර ගත්තේ ඒදාය.

සේපාලිට මේ කතාව කියන විට ,

ඉතින් අක්කා මොකද කලේ ?.

මොනවා කරන්නද කළබල කරන්න අවස්ථාවක් නෙමෙයි නේ . සෙනග මැද්දේ මම නිශ්ශබ්ද උනා.

ඇයි අක්කේ නැන්දා සොයා බැළුවේ නැද්ද ?

මේ සියළු ගැලපීම් වලට කිසිදු බාහිර පාර්ශවයක් සම්බන්ධ නැත.මා අම්මාට වාර්තා කල කරුනු සොයා බැලීම් ඈ පිලිගත්තීය.

මා සමීර උපරීමව විශ්වාස කලේය .

ආදරය අන්ධයි නංගී .

උත්සව කටයුතු අවසන්ව සියල්ලෝ විසිර යද්දී අපි දෙදෙනාද සැලසුම් කල පරිදි දවස සැමරීමට පිටත් වී ගියේය.

මේ වංචනික බව  මගෙන් පහව ගියේ් නැත. සුළු  ගැටුමක් ඇති වූවත් මැක්කාගේ කථාවේ මැක්කා අවසානයට සිටින්නාක් මෙන් වයස අවසානයට සිිිිටියේය.

ඇයි නංගී මම සෙනෙහස නිසා සමීරට කරන ලද පරිත්යාග කොයිතරම් ද ?

විවාහකයෙකු බව දැනගත්තාම නතර කල යුතුව තිබු සම්බන්ධය තවදුරටත් සුුරැකුනේ ඔහු කෙරේ තිබු විශ්වාසය සෙසෙහස නිසාය.....

ආදරයට සීමා මායිම් තිබුුනේ නැත. මොළයක් ද  නැත

සේපාලි බලා සිටියි . ඈ අවිවාහකය.

අනේ අක්කේ මට බයත් හිතෙනවා.....හරිම අපහසුවක් දැනෙනවා. අක්කා කර තියෙන පරිත්යාග වලට මෙහෙම වෙන  කොට .............

අපි මොනවා හරි කාලා ඉමු නංගී..දැන් දවල් වෙලා හොදටම. අද මට වඩා සේපාලි හෙම්බත්වී ඇතැයි සිතුන බැවින්  යෝජනා කලේය.

හ්ම් ....අක්කේ.

කියන්න බැරි බොහෝ  දේවල් ඒ් සුසුුම තුල තිබුුනේය.


 හෙටත් හමුවෙමු -මීදුම

 

 


A day in the life

No comments: