පුදුම රස්නයක් නේ තියෙන්නේ...........අපි යමු අර අඹ ගහ යටටවත් මම යෝජනා කලේය. ප්ලාස්ටික් පුටු දෙකක් රැගෙන අපි අඹ ගහ යට වාඩිවිමු. අඹ ගහ යට දැනුනේ යම්කිසි සිසිලකි.
ඔහේ ඈත බලා සිටි මට සේපාලි නංගී සිටිනවාදැයි නිනව්වක් තිබුනේ නැත. .........මොකද අක්කේ ගල් ගිල්ලා ද ? මම හදිස්සියේ අවදි වුවෙකූ සේ ඈ දෙස බැලීය. සේපාලි මගේ මතකය අවදි කරවා ගන්නා උත්සහායක සිටියේ නැත. යමක් කී වොත් අසා සිටියාය.
මා විවාහකව වෙනම ගෙයක පදිංචියේ රැකියාවේ පහසුවටය.
මුල් කාලය බොහෝ සතුටින් සාමදානයෙන් ගෙවී ගියේය අපට ආර්ථික අපහසුතා ද නොවීය.
අම්මාට ද ගේ දොර නඩත්තූ කරමින් යමක් කමක් ඉතිරි කර ගැණීමට තරම් ආදායමක් තිබුනේය. එහෙයින් අම්මාට මා ගැනත් මට අම්මා ගැනත් ආර්ථිකය ගැන සොයා බැලීමට අවශ්යය නොවීය.
ඉද හිට අම්මා මගේ අවශ්යතාවයන් විමසීය.
මගේ නිහඩ ආවර්ජනයන් සේපාලිට පාළුවක් දැනෙන්න ඇත.
මොකක්ද අක්කේ කුරුළු කැදැල්ලට ඔච්චරම උන හානිය. ?? සේපාලි නිහෙ බව බිද දමා විමසීය.
නංගී ........
ටික දවසක් යන විට පුංචි පුංචි දේවලටත් සමීර මගෙත් එක්ක රණ්ඩු කරන්න පටන් ගත්තා. මුලින් ළුණු මදි නම් “ අද පොඩ්ඩක් ළුණු මදි“ කියන මනුුස්සයා පිගාන විසි කරන්න තරම් සැහැසිවුනා.
හැම තිස්සෙම මාව නුරුස්සන ගත්තා.
හවසට දෙන්නත් එක්ක වැඩ ඇරිලා එන ගමන මටට තනියෙන් එන්න වුනා. මුලදී ඔෆීස් එකේ වැඩක්. තව ටික කාලයක් යන කොට ඔෆීස් එකේ වැඩකට දුරක යන්න තියෙනවා..ඔය වගේ නිදහසට කියන කතා හොයලා බලන කොට මට කියලා තියෙන්නේ බොරු. හල බලන විට ඇතිවන ගැටුුම් සමහර දිනවල කෙළවර වුනේ සමීර ගෙදරින් ගිහින්.
කාලය මෙහෙම ගෙවුුුනා නංගී.
මම ඉවසුවා
දැන් දැන් නිවසේ කුලිය ජලබිල් විදුලි බිල් වැනි වියදම් ගෙවන්නේ මගේ පඩියෙන්. ආහාර ද්රව්ය සමහර දවසට සමීර ගෙනාවා.
මේ මොනවා උනත් එයාට ඉතිරියකුත් නැහැ.
මෙහෙම තවත් කාලයක් යන කොට ගෙදර එන එක තව තවත් අඩු වෙන්න පටන් ගත්තා.
එකම ඔෆීස් එකේ වැඩ කරපු සමීර වෙනත් රැකියා ස්ථානයක් සොයා ගත්තා.
මම අම්මාටත් නොකියා මේ දුක්ඛ දෝමනස්සයන් කාලයක් දරා ගත්තා.
ටිකෙන් ටික මට තේරුනා නංගී , මේ ගමන යන්න බැරිවෙයි කියලා.
අවුරුදු පහක් පමන වෙලත් අපිට දරුවෝ හිටියේ නැහැ.
ඇයි අක්කට එහෙම වුනේ ? සේපාලිට ප්රශ්නයක් වුුනා.
මුල් කාලයේ තිබු සතුට සමීරගේ ටිකින් ටික වෙනස් වීම නිසා නැති වුනා. පසුවෙන්න පසුවෙන්න මගේ උනන්දුව බිදිලා ගියා නංගී.
දවසක අම්මා බලන්න මම ගෙදර ගිය වෙලාවක අම්මාට මේ සියල්ල වමැරුවා. අම්මා කල්පනා කරමින් සිට “ පොඩ්ඩියේ උඹ මාර යුුද්දයක් නේ “ යැයි කීවා මිස එවේලේ හැගීමක් දැක්වුයේ නැහැ.
දවසක අම්මා මට කතා කලා.
“පොඩ්ඩියේ ඔය රස්සාවෙන් අස්වෙලා ගෙදර වරෙන් “
අවුරුදු පහක ආයුු කාලය ගෙවී ගියේ පෙර ආත්මයේ කල පාප කර්මයක් ගෙවා දාන්න කියලා මට හිතෙනවා නංගී .......
ඔව් අක්කේ ආදරයක් උනත් කරුමයක් ව පඩිසන් දෙන්න පුළුවන්. සේපාලි කිව්වා.
සිල් පවාරන කරන වෙලාවත් කිට්ටු වෙමින් තිබුනා . සිසිල දුන් අඹ සෙවනට සමු දුන්න අපි පන්සල් යන්න සුදානම් වුනා.
හිතටත් දැනුනේ පුුංචි සිසිලක් .
හෙටත් හමුවෙමු. - මීදුම.
0 comments:
Post a Comment