ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහීම් රයිසි ගැන මෙවන් සටහනක් තැබීමට සිදූවේ යයි මීදුම සිතුවේ නැත. මැදපෙරදිග ගැටුම උග්ර වෙමින් තිබු අවස්ථාවක ප්රබල පාර්ශවකරුවෙකු බවට ඉරාන ඉස්ලාම් ජනරජය පත් වෙමින් තිබිනි. ඒ අතර ඔහු 2024 අප්රේල් 24 දා ලංකාවට පැමිණියේය. ඒ් ඉරාන ඉස්ලාම් ජනරජය ආධාර ලැබ නිමා කල උමා ඔය ව්යාපෘතිය විවෘත කිරීම සදහාය.
ලාංකීය ජනතාව ඔහුගේ පැමිණීම අපේක්ෂා කලත් , පැමිනෙන තෙක් පැමිනේයයි විශ්වාස කලේ නැත.
නමුත් නියමිත පරිිදි පැමින උමා ඔය ව්යාපෟතිය විවෘත කර ආපසු ගියේය.
අද මැයි මාසේ 21 වෙනිදාය.
ඊයේ අසර්බයිජාන දේශසීමාවේ පිහිටි ක්වොලාසි සහ කුඩාෆිරන් යන වේලි දෙක විවෘත කර ආපසු එන ගමනේදී ගමන් ගත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය අනතුරකට ලක්ව ඔහු ඇතුළු නව දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
ඔහු නීතිවේදියෙකි.ඉරාන ඉස්ලාමීය ජනරජයේ අටවෙනි ජනාධිපතිවරයාය. 2021 අගෝස්තු 3 වෙනිදා සිට ජනාධිපතිධුරය දැරුවේය.2004 සිට 2014 දක්වා නියෝජ්ය අගවිනිසුරු ලෙසත් 2014 - 2016 දක්වා නීතිපති ලෙසත් 2019 - 2021 දක්වා අගවිනිසුරු ලෙසත් තනතුරු දැරීය.
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.