අසත්‍යයෙන් සත්‍යයටද -අන්ධකාරයෙන් ආලෝකයටද

මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

---වේද ගීතයක්

Wednesday, May 08, 2024

5/08/2024 04:09:00 pm

සමීර  හමුවීම නිශ්පල කටයුත්තක් යයි මම තීන්දු කර ගෙන සිටියේද යන්න මටද ප්‍රශ්නයකි.

විටක ඔහු ගැන සිතිවිලි වලින්  හිත නැවත නැවතත් පිරෙන්නට පටන් ගනී. අපි අවුුුුරුදු පහක් පමණ විවාහකවද  අවුරුදු දෙක තුනක් දැන හදුුනා ගමින් ගෙවු කාලය කෙසේ එක්වර අමතක කරන්නද ?.

 සමීර හමුවි කතාකරන්න ගියහොත් සියල්ල ආපසු හැරී නැවතත් නතරවුන තැනටම එයිදැයි සිතිවිල්ලක් ද හිත තුල දැල්විනි.

මම තවමත් අප සිටි නිවසට කුලී ගෙවමින් සිටිමි . අප දෙදෙනා පරිහරනය කරන ලද බඩු භාණ්ඩ එලෙසමය.

මා නැවත ගෙදර පැමිනෙන්නේ නම් මේ සියල්ල එකලස් කලයුතුය.

වලාකුලක් වුනා නම් -  කුරුල්ලෙක්   හිතනවිට වලාකුළ සිතුවේ මම කුරුල්ලෙක් වනවා නම්  කොයිතරම් හොදද යන්නයි . මම වළාකුලකුත් නොවෙමි - කුරුල්ලෙකුත් නොවෙමි. එහාටත් මෙහාටත් කැරකී යන  සුලි  සුළගක් වී ඇතිවා සේ හැම පැත්තටම කැරකෙන්න පටන් ගෙන තිබේ.

අවසානයේදී මම සමීරට කතා කරන්න තීරණය කලෙමි.

අම්මාගේ අදහස වුයේ දුරකතන ඇමතුමකින් සම්බන්ධ විය යුතු බවයි.

මම කතා කලෙමි.

පිලිතුරක් නැත.

මම නැවත දෙතුන් වරක් කතා කලෙමි.

පිලිතුරක් නැත.

අවසානයේදී ඔහුගේ මිතුරෙකු හරහා පණිවිඩයක් තබා මා අමතන ලෙස ඉල්ලීමක් කලාය.

කාලය ගෙවී ගියේය. සමීරට මට කතා කරන්න උනන්දුවක් ඇතිව තිබුනේ නැත.

මට නිවස නඩත්තු කිරීමේ වියදම්ද දිගින් දිගට දරා ගැණීමද ගැටළුවකි.

දිනක් අම්මා සමග ගොස් නිවෙස් හිමියා හමුවී තවත් එක් මාසයක් සදහා මුදල්ද ගෙවා මා අත තිබු යතුරද ඔහුට දුන්නෙමි .සමීර ආවොත් ඔහුට එය දෙන ලෙස පවසා ආපසු ආවෙමු..

 ඉක්මනින් මා අමතන ලෙසත් නැත්නම් ගෙදර ඇති බඩු භාණ්ඩ වලින් ඔහුට කැමති ඕනෑම දෙයක් රැගෙන යන ලෙසත් ඉල්ලීමක් කර ,.

ගෙයි යතුර ගෙහිමියා භාරයේ ඇති බව සදහන් කර ඔහුගේ කාර්යාල ලිපිනයට ලිපියක් යොමු කලෙමි.

දැන්නම් මට පාවෙන සිතක් ඇත්තේම නැත. ගෙදර යමක් ඉතිරිව තිබුනොත් ඒවා අස්පස් කර ගෙහිමියාට බාර දීම මගේ අරමුණ බවට පත්විය.

ගැහැණු සිතකට මෙතරම් හයියක්. පන්නරයක් ලැබුනේ පීඩාවත් පීඩනයත් නිසාවෙනි. සේපාලි මට ශක්තිය ලබා දීම පිහිටක් විනි. අම්මා මගේ සවිය බවට පත්වී තිබිනි.

ගුවනේ පා ආ ආචාර්ය අමරදේවයන් ගායනාව මට සිසිලක් ගෙන එන්න විනි.

ඔබ මා   සමග අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැළුවා ඉද ගම සිරස
ඔබ හා අතැර වෙන නුවර ගිය විගස
මේ මහ කන්ද බැළුවා හොරැහින් මදෙස
 
වෑ දිය නිල්ල සුදු  නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහු බදින කිරලා හඩා වැටෙටයි
නොකියු රහස හද උතුරා වාන් දමයි
මතකයේ සුවද තවමත් මගේ සිතට දැනෙයි
 
ඔබ මා   සමග අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැළුවා ඉද ගම සිරස
ඔබ හා අතැර වෙන නුවර ගිය විගස - 
මේ මහ කන්ද බැළුවා හොරැහින් මදෙස


හෙටත් හමුවෙමු - මීදුම.


A day in the life

0 comments: