Wednesday, June 26, 2024

පොඩ්ඩිගේ කතාව - එකලොස්වෙනි දිගහැරුම












 

අපි හැගීම් බරවුනාම මනස තුල ඇති වන්නේ කුණාටුවක් .මේ කුනාටුව අපේ මනස කලම්බනවා. අපේ හිතේ තියන නිහඩ බව සන්සුන් බව අපෙන් ඈත්වෙනවා. කුනාටුව ටිකින් ටික සන්සිදෙන විට මනස නිහඩ වෙනවා .සනසුන් වෙනවා.උපේක්ෂා සහගත වෙනවා. මනස සන්සුන් වුනාම තමයි සැබෑ තත්වය අවබෝධ වෙන්නේ. මනස නිහඩ වුනේ නැත්නම් හැගීම් බර විනිශ්චයන් කරා අපි යොමු වෙනවා.හැගීම් බර විනිශ්චයන් නිසා අපි කරදරයට පත් වෙනවා.
අපි හරි ආශයි හිතේ මවා ගත්ත දේවල් සැබෑ ලෝකයේ ඒ අයුරින්ම දකින්න.ඒවා පෞද්ගලික අයිතියක් ලෙසින් අත්පත් කරගන්න.හරි වැරද්ද තීරණය කරන්නේ ඒක පාර්ශීයව , ලස්සන , හොද නරක හැම දේකම මගේ අදහස් වල එල්ලී ගෙන ඉන්න උත්සහා කලාම හිත දර දඩු වෙනවා.
මටත් සමීරටත් උනේ ඒ්ක ද ?
අපි උපේක්ෂා සහගත වුනේම නැහැ. හැම අරගලයක්ම විසදන්න ගියේ කැත්තට පොල්ල න්‍යායෙන්.කතා සංවාද අවසන් වන්නේ හිත බිදවාගෙන......
කාලය ඉකුත් වෙලා . මේවා හිතන්න තිබුුුුනේ කලින්.
මමත් කම්පනය ජීවිතයෙන් ඈත් වෙන්න ඈත් වෙන්න සන්සුන් වෙන්න සන්සුන් වෙන්න......සැබෑව ගැන හිතන්න පටන් අරන්.
මගේ හිතට එන්නේ ලජ්ජාවක් .සේපාලී එක්කවත් මේවා මේ විදියට දිග අරින්න බැහැ. හිතේම ඉපදී හිතේම සාකච්චා කර මියයදෙන්නට ඉඩ හරිනවා මිස ගිය හකුරට නාඩා තියෙන හකුර රැකගන්න ඕනි කියන න්‍යායට හුරුවෙන්න ඕනි.
අම්මා වත්ත පිලිවෙලකට එලි පෙහෙලි කරගෙන ඇවිත් මට මිදුල සකස් කර ගන්න ඉඩ දුන්නා. මම උදේට කලයුතු දේවලට උපදෙස් දී මගේ දවස පටන් ගන්න යනවා.සතියක් විතර යන කොට ඒකලස් වුන මිදුල ,මල් පාත්ති . කප්පාදු කර සකස්කල පැරණි මල් ගස් හරියට අළුතෙන් ඉපදුනා වගෙයි.විවේක කාලය වතුර , පොහොර යොදලා සාත්තු සප්පායම් කරන්න කාලය යෙදුවාම හිතටත් සහනයක්
අපේ හිරවෙලා ඉන්න සංකල්පමය රාමුවෙන් ඒලියට එන්න ඒන්න ලෝකය ගොඩාක් පුළුල්ව පේන්න පටන් ගන්නවා. බැමි බැදලා හිර කරලා තිබුන දේවල් බැමි පුපුරවලා නිදහස් කරපුවම ගලාගෙන යන්නේ ආදරය , කරුනාව ,උපේක්ෂාව වගේ සංකල්පයන් ඔස්සේ .....
කොයිතරම් නිදහසක් හිතට එනවද ? මට මිදුලට බැහැලා උඩ පැනලා නටන්න තරම සැහැල්ලුවක්........
අම්මා අහයි උඹට පිස්සුද ?.......කියලා මතක් වෙන කොට ආයෙත් ම පොලවට සිතිවිලි පහත් වෙනවා.
සමීරත් සමග ජීවත්වු අතීතය ගැටුම් බලාපොරොත්තු කඩවීම් නොසලකා හැරීම් නිතරම වගේ කේන්තියෙන් සිටීම නිසා සිරුරටත් දැනුනේ මහත් වෙහෙසක්.
දැන් මේ අසීරුතාවන්ගෙන් මිදිලා. මනසට වගේම ගතටත් දැනෙන්නේ සැහැල්ලුවක් සතුටක්.
පන්සල නිවසින් බැහැරව සමාජයක් මගේ ජීවිතයට ඇතුල් කලා. ඒ තුලත් මට ලැබුනේ සහනයක්. ගැටුමින් තොරවු නිදහස්වු මනස ඵලදායි සමාජ සම්බන්ධතා ,අර්ථ සම්පන්න ජීවිත ගත කරන්නන් මුණගැස්සුවා.මේ අයත් සමග ඇතිවු සම්බන්ධතා නව දෘෂ්ඨියකින් බලන්නත් ඔවුන් හා සුසංයෝග වෙන්නත් මගේ ජීවිතය ටිකින් ටික හුරුකලා.
A day in the life