Thursday, June 13, 2024

නවවන ජනාධිපතිවරණය .




එළඹෙන නොවැම්බර් 16 වන දින හෝ ඊට පෙර ශ්‍රී ලංකාවේ 9 වන ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි.
1982 වසරේ පළමු ජනාධිපතිවරණය පැවැත්වුණා.
ඉන්පසුව පිළිවෙලින් 1988, 1994, 1999, 2005, 2010 , 2015 සහ 2019 වසරවල පැවති ජනාධිපතිවරණයන් පිළිබඳව කෙටි හැඳින්වීමක් මේ ලිපිය මඟින් ගෙන ඒමට අදහස් කෙරෙනවා.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විධායක බලතල සහිත ජනාධිපතිවරයෙක් ඇතුලත් කිරීමෙන් පසුව මෙරට පළමු වතාවට ජනාධිපතිවරණයක් පවත්වන්නේ 1982 වසරේ දී ය.
1978 වසරේ දී මැතිවරණයකින් තොරව ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා බවට පත් වූ ජේ. ආර්. ජයවර්ධන හා ප්‍රධාන විපක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක හෙක්ටර් කොබ්බැකඩුව යන අපේක්ෂකයන් දෙදෙනා ප්‍රධාන අපේක්ෂකයන් ලෙස මෙම මැතිවරණයේදී තරග කරනවා. මෙම ජනාධිපතිවරණයේ දී ජේ. ආර්. ජයවර්ධන ප්‍රකාශිත ඡන්දවලින් 52.91%ක ප්‍රතිශතයක් ලබාගනිමින් ජයග්‍රහනය කරනවා. විපක්ෂයේ අපේක්ෂකයා වන හෙක්ටර් කොබ්බැකඩුව ලබාගන්නේ 39.07%ක ඡන්ද .ප්‍රතිශතයක් .
ප්‍රධාන අපේක්ෂකයන්ට අමතරව ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ රෝහණ විජේවීර, ලංකා දමිළ කෝන්ග්‍රසය නියෝජනය කරමින් කුමාර් පොන්නම්බලම් හා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් කොල්වින් ආර් ද සිල්වා පිළිවෙලින් තෙවන, සිව්වන හා පස්වන ස්ථාන දිනාගන්නවා.
1988 පැවති ජනාධිපතිවරණය 1988 වසර වන විට උතුරේ ඊළාම් අර්බුදයත්, දකුණේ ජනතා විමුක්ති පෙරෙමුණේ දෙවන කැරැල්ලත් ආරම්භ වී පැවති බැවින් රට ගිනි ගන්නා අවස්ථාවක පැවති ජනාධිපතිවරණයක් ලෙස දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.
මැතිවරණය සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු අගමැතිවරයා වන රණසිංහ ප්‍රේමදාස ඉදිරිපත් වෙන අතර, විපක්ෂයෙන් ඉදිරිපත් වෙන්නේ සිරිමා බණ්ඩාරනායක යි. මෙහි දී ප්‍රේමදාස අගමැතිවරයා ප්‍රකාශිත ඡන්දයෙන් 50.43%ක ප්‍රතිශතයක් ලබාගන්නා අතර සිරිමා බණ්ඩාරනායක ලබාගන්නේ 44.95%ක ඡන්ද ප්‍රතිශතයක් .
1993 මැයි 1 වෙනිදා ත්‍රස්ත ප්‍රාහාරයකට ලක්ව රණසිංහ ප්‍රේමදාස මිය යනවා.ඔහුගේ ඉතිරි ධුරය කාලය සම්පුර්ණ කරන්නේ ඩී.බී. විජේතුංග මහතායි.
ශ්‍රී ලංකාවේ පැවති තුන්වන ජනාධිපතිවරණයට ආණ්ඩුපක්ෂය නියෝජනය කරමින් අගමැතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක හා ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් විපක්ෂ නායක ගාමිණි දිසානායක තරග කරනවා. නමුත්, ජනාධිපති රැලියකට එල්ල වූ LTTE .ත්‍රසත් ප්‍රාහාරයක් හේතුවෙන් ගාමිණි දිසානායක ඝාතනයට පත් වෙනවා. ඒ හේතුවෙන් එම පක්ෂයෙන් විකල්ප අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වෙන්නේ ගාමිණි දිසානායකගේ බිරිඳ වන වජිරා ශ්‍රීමති දිසානායක යි. එහි දී පොදුජන එක්සත් පෙරමුණේ චන්ද්‍රිකාා බණ්ඩාරනායක ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 62.28%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා අතර, එය මෙරට ජනාධිපතිවරණයක දී අපේක්ෂකයෙක් ලද ඉහළම ඡන්ද ප්‍රතිශතය ලෙස අදටත් නොබිඳී පවතිනවා
1999 වසර වන විටත් LTTE ත්‍රස්ත ක්‍රියා උතුර හා නැගෙනහිර දරුණුවට පැවති අතර, එම ක්‍රියාවල බලපෑම් ලංකාවේ අනෙකුත් ප්‍රෙද්ශවලට ද දැනෙමින් පැවතුණා. ජනාධිපතිවරණය සඳහා පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරිපත් වූ අතර, විපක්ෂයේ අපේක්ෂකයා වන්නේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහයි . ජනාධිපතිවරණයට දින තුනකට ඉහත දී චන්ද්‍රිකා බණ්ඩාරනායකට LTTE බෝම්බ ප්‍රාහාරයක් එල්ල වෙන අතර, ඒ හේතුවෙන් ඇයට එක් ඇසක් අහිමි වෙනවා. කෙසේ හෝ ජනාධිපතිවරණය අවසානයේ දී ඇය ප්‍රකාශිත ඡන්දයෙන් 51.12%ක ප්‍රතිශතයක් ලබාගනිද්දී, රනිල් වික්‍රමසිංහට ලැබෙන්නේ ඡන්ද 42.71%ක ප්‍රතිශතයක් පමණයි.
2005 ජනාධිපතිවරණය සඳහා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික හෙළ උරුමය ඇතුළු තවත් පක්ෂ කිහිපයක එකතුවකින් එක්සත් ජනතා නිදහස් සන්ධානය බිහිවෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් අගමැතිවරයා වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන අතර, විපක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිවරණ සටන සඳහා ඉදිරිපත් වෙනවා. මෙහි දී 50.29%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් අගමැති මහින්ද රාජපක්ෂ ජයග්‍රණය කරද්දී, රනිල් වික්‍රමසිංහට හිමිවෙන්නේ 48.43%ක ඡන්ද ප්‍රතිශතයක්‍ පමණයි.
තම විධායක බලතල භාවිතා කරමින් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපතිවරණය කලින් කැඳ වූ අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස කටයුතු කරන්නේ ද ඔහු යි. ප්‍රධාන‍ විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය ප්‍රමක තවත් කණ්ඩායම් කිහිපයක් එකතු වී මේ සඳහා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ යුද හමුදාපති ධූරය දැරූ සරත් ෆොන්සේකා යි.
එම මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජයග්‍රණය කරන්නේ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 57.88%ක ප්‍රතිශතයක් අත් කරගනිමිනුයි. විපක්ෂයේ අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා ලබාගන්නේ 40.15%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට 2017 වන තුරු රැඳී සිටීමේ හැකියාවක් පැවතුණ ද, තම විධායක බලතල භාවිතා කරමින් ඔහු 2015 වසරේ ජනාධිපතිවරණය කැඳවනවා. මෙහි දී ඔහුට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය ඇතුළු තවත් පක්ෂ කිහිපයක් එකතු වී පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන අතර, ඒ සඳහා ඉදිරිපත් වන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිටි ප්‍රධාන අමාත්‍යවරයෙක් වන මෛත්‍රිපාල සිරිසේන යි. ඒ හේතුවෙන් මැතිවරණය ඉතා උණුසුම් වන අතර, අවසානයේ දී මෛත්‍රිපාල සිරිසේන ජයග්‍රහණය කරනවා. ඒ 51.28%ක ඡන්ද ප්‍රතිශතයක් සමග යි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එහි දී 47.58%ක ප්‍රතිශතයක් ලබාගන්නවා.
2019 ජනාධිපතිවරණය .
2019 නොවැම්බර් 16 වෙනිදා පැවත්වුනා. මෙම මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ 52.25% ඡන්ද ප්‍රතිශතයක් ලබමින් ජයග්‍රහණය කරනවා. එම ජනාධිපතිවරණයෙදී දෙවනි ස්ථානය ගත් සජිත් ප්‍රේමදාසට 41.99 % ඡන්ද ප්‍රතිශතයක් සහ අනුර කුමාර දිසානායකට 3.16 % ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නවා.
අරගලය
2019 මැයි අරගලය නිසා ගෝඨාභය බලය අත්හරිනවා. අනුුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස බලයට එන්නේ රණිල් වික්‍රමසිංහ. ඔහුගේ ධුරකාලය 2024 නොවැම්බර් 16 වෙනිදායින් අවසන් වීමට නියමිතයි.


A day in the life

0 comments: