සසර ගමන කියන්නේ කොහොමත් තනියම යන්න වෙන ගමනක්... අපි හැමෝම තනියම මේ ලෝකයට එනවා... තනියම මේ ලෝකයෙන් යනවා... ස්ථිර වශයෙන් ම හැමදෙයක් ම දාලා තනියම යන්න වෙන බව දැන දැනත් ඇතැම් විට අපි අසීමිතව සමහර මිනිසුන්ට ඇබ්බැහි වෙනවා... හරියට සදාකාලිව ඉන්න ආවා වගේ සමහර තැන් තදින් අල්ල ගන්නවා... මතක තියාගන්න පුද්ගලයන්ට ඇබ්බැහි වුණාම ඒ ඇබ්බැහි වීමෙන් පහසුවෙන් ගැළවෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ කියලා... ඉතිං අපි අපේ මනස තනිකමට හුරු කරගන්න ඕනි... තමන් වටා දහස් ගණන් පිරිවර රැඳී සිටියත්, ඒ කවුරුන් මත වත් තමන්ගේ පැවැත්ම රදා පවත්වන්නට තරම් අපි දුර්වල නොවිය යුතු ය... ' මට සීයක් එක්ක එකට වාඩි වෙලා ඉන්න පුළුවන්, ඒත් ඒ එක්කෙනකු එක්කවත් මගේ බැඳීමක්, තදින් අල්ලා ගැනීමක් නෑ ' කියන තැනට තමන් තුළ තමන් ම සොඳුරු හුදෙකලාවක් ගොඩනඟා ගන්න දක්ෂ වෙන්න ඕනි... මොකද ජීවිතයේ ඇතැම් අවස්ථා එනවා, තමන් දැඩිව බැඳිලා ඉන්න අය නිසා ම සමහර විට තනිකමක්, අසරණකමක් දැනෙන... ඒක නිසා ඔබ ඔබේ ආදරණීයන් සමඟ සුන්දරව සතුටින් ජීවිත්වෙන්න... නමුත් තමන් තුළ සොඳුරු වූ ද ශක්තිමත් වූ ද හුදෙකලාවක් ගොඩනඟා ගන්නත් අමතක කරන්න එපා... තමන් තුළ තමන් ම ගොඩනඟා ගන්නා ශක්තිමත් තනිකම තරම් තමන්ට සැනසීමක් ලබාදෙන වෙනත් කිසිම දෙයක් මේ ජීවිතයේ ඔබට තවත් නැහැ..."
| කන්දෙගෙදර සෝභිත ස්වාමින් වහන්සේ ]
උපුටා ගැනීමකි
2 comments:
poddige kathawata mokada une?
පොඩ්ඩිගේ කතාව නතරවුන තැන ඉදන් ලියන්නම්.
Post a Comment