ඊයේ මැයි 31 දා උසස් පෙල ප්‍රතිපල නිකුත් වුනා .උසස් අධ්‍යාපනය සදහා 64 % ක ප්‍රතිශතයක් සුදුසුකම් ලබනවා. රජයේ සරසවිවලට නම් මින් 10% කට පමන ඉඩකඩ තියේවි.
මේ විමසුම නම් උපකාරක පන්ති ගැන.
කාලය වෙනස් වෙනවා මේ පනහේ දශකය නෙමෙයි. එදා අපේ ගමේ ස්කොලේ මතක් වෙනවා. ලොකු ස්කොල මහත්තයායි නෝන මහත්තයයි නවාතැන් ගෙන හිටියේ ස්කොලෙමයි . ගුරු නිවාසයක් කියලා කියන්නත් බැරි අක්‍රමවත් ගුරු නිවාසයක. ස්කෝලේ ගොඩනැගිලි දෙකක් තිබුනා. එක ගොඩනැගිල්ලක තමයි ඒතුමන්ලා පදිංචිව සිටියේ.පාසල් කාලයෙන් පස්සෙත් ගමේ ළමයින්ගේ අධ්‍යාපනය ගැන සොයන්න විධිමත් වගේම නොවිධිමත් ක්‍රියාන්විතයක් එතුමාලා අතින් ඉටුවුනා.දශකයෙන් දශකයට ජනගහනය පිපුරුනා. ගුරුවෘත්තියටද ඒ් පිපිරීම බලපෑවා. පන්තියේ් බැරිවු කොටස හවස නතර කරගෙන කරදුන්න ස්වේ්ච්චා අධ්‍යාපනය ටිකින් ටික වෙළදපලේ මිළක් නියම වෙන්න පටන් ගත්තා.අද වන විශ්ව විද්‍යාලත් අධ්‍යාපනය මිළදී ගන්න පූළුවන් තැනට ඇවිල්ලා. ඉතින් ප්‍රාථමික තලයේ ඉදන්ම අධ්‍යාපනය විකිනෙනවා.මැතිවරණ කාලේ බිත්ති පුරා හිටපු වාමනරූප වෙනූවට දැන් බිත්ති ලයිට් කනුවල එල්ලිලා ඉන්නේ අධ්‍යාපන මුදලාලිලා නැත්නම් අධ්‍යාපන තාරකා. විවිධවු තේමාත් සමග මේ විපරියාස විරෝධාකල්ප මනසින් දකින නිර්මාණකාරිණියක් මෙහෙම කියනවා.
“තාප්පය පුරා හිනැහෙන
පාප්පයෙන් ඇලී ඉන්න
නේක වර්ණ මන බන්දන
ආල වඩන රූ සිරි පිරි
ශිල්ප හොරුන්ගේ විස්තර
කියවපන් පුතේ .
ෆිසික්ස් ,බයෝ ,ඉංගිරිස් ද
කෙමිස්ට්‍රි ,සිංහල ,දෙමළ ද
එකී මෙකී නොකී ශිල්ප
(කඩුවෙන් නැත්නම් පොරොවෙන් .....)
තොරණ බලනවා වාගේ
බලා ගනිං වරුණනාව .
ටක් ටික් ටුක් ඇස් වහගෙන
ඇඟිල්ල තියපන් රූපෙට
තෝරගනින් උඹට ඕනෙ
හොඳම ශිල්ප හොරා කවුද!“
--------රෝ.සි.
අම්මලා තාත්තලා මේ තත්වය දකින්නේ විවිධාකාරයට. තමන්ගේ දරුවන්ගෙන් බැළුවොත් උපකාරක පන්ති පවත්වන එක හොදයි. චැනලින් එකේ දොස්තරයි - ටියුෂන් කරන ගුරුවරයයි වෙනසක් නැහැ. දෙන්නම එකම භූමිකාව එක විදියට රගපානවා.
මේ ඉහත නිර්මාණයට මෙටාවේ ලැබුන ප්‍රතිචාර කිහිපයක්.
““ඒත්..අද පවතින අධ්‍යාපනයේ තරඟය නිසා තමයි මෙවැනි තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ. අපි කැමැති වුනත් අකමැති වුනත් අපේ දරුවෝ ටියුෂන් යවන්න වෙනවා.හැබැයි ඉතිං දෙමාපියන් බලෙන්ම වුනත් ඒවට ළමයි යවන්නෙ වැඩි හොඳට කියල !
අනේ මන්ද... අපේ කාලෙ ටියුෂන් ගිය අය හොරෙන් ගියේ, මෝඩයො තමයිඒවට යන්නෙ
කියල කතාවක් හැදිල තිබුණ නිසා.
දැන් ඒක style එකක් වෙලා .
මේක ලොකු කතාවක් ...තේරුම් කරන්නත් අමාරු ...තේරුම් ගන්නෙත් නැති ...ඕනෑම රැල්ලකට ගසාගෙන යන දරුවන්ට ,දෙමව්පියන්ට හිතන්න යමක් ඔයා පෙන්නලා දුන්න එක හරිම වටිනවා . වචන කීපයකින් ඒක ලස්සනට කියලා “““තවත් කෙනෙක් මේක දකින්නේ මෙහෙමයි.
පාසැල් වල හොරු හිටිය නිසයි
ටියුෂන් හොරු බෝවුනේ
මෑත අතීතය කෙසේ උවත් අපි පාසැල් ගිය කාලෙත් අපි ගොඩ ගියේ ටියුෂන් නිසා
පාසැල් ගුරුවරු ඇත්තෙන්ම උනන්දු නෑ
අපට නිවැරැදි ව කියාදෙන්න
මේ කියමනට එරෙහි වෙන්න පුලුවන්
මගේ පුතාගෙ කාලෙත් හරියට මියුසික් කියල දෙන්න ඕනෙ නම් එයාගෙ හවස ක්ලාස් එකට එන්න කීවලු
ඒ වගේ අය නිසා ටියුෂන් ගුරුවරු බිහි වුනා
එයාලට දොස් කියලා වැඩක් නෑ
අද ගොඩ ගිය හැම දරුවෙක්ම මාව අනුමත කරාවි
වර්තමාණ වෙළද ගුරුභූමිකාව නිසා මේ කියන කතාවත් බැහර කරන්න බැහැ. ව්‍යාරිකයෙකු බවට පත්වන මිනිසා තම ව්‍යාපාරය තර කරගන්න විවිධ උපක්‍රම භාවිතා කරනවා. ප්‍රචාරණයට අමතරව ප්‍රචණ්ඩත්වය ?. හැම දරුවෙක්ම ගොඩ ගියේ ටියුෂන් ගුරුවරයෙක් නිසා නම් ආර්ථිකයෙන් ගොඩ ගිය හැම ගුරුවරයෙක්ම ටියුෂන් කාරයෙක් !.හිරකරුවාත් මනුෂ්‍ය යෙකි. කියන්නා වගේම ගුරුවරයාත් මනුෂ්‍ය යෙක් බැවින් වැටුප ඇතුලේ හිර වෙලා ඉන්න බැරිව දඩබ්බර භූමිකාවක කටයුතු කරන ඔහුත් සාරධර්ම අමතක කර ශිල්ප බෙදා දෙන්නෙක් වෙලා.මේ තව ප්‍රතිචාරයක්
ඔව් ......ඔයා වැරදි නෑ ..ඕනෙ ම සිදුවීමක් කීප ආකාරය කින් විග්‍රහ කරන්න පුලුවන් .එක් ගුරුතුමිය ක් තමන් ගෙ ටියුෂන් ක්ලාස් එකට නොඑන දරුවෙකු ට හරිම මානසික වදයක් දුන්නා .මං අවවාද කළා .තමන්ගෙම පංතියෙ ළමුන්ට ටියුෂන් නොකර ,අනිත් පාසැල් ළමුන්ට කරන්න කියල .එයාගෙ බඩට ගහන්න හදනව කියල , තරහ උණා .අදටත් කතා කරන්නෙ නෑ .මනුස්සකම තියෙන ගුරු වරු මුදල් පස්සෙ ම යන්නෙ නෑ .
ස්තුතියි හොඳ විවරණය ක් දුන්නට.
මේ තව අදහසක්.
100%ක්ම එකඟයි..සමහර ගුරුවරු ගැන වෛරයක් පවා තියෙනවා දරුවන්ගෙන් පලිගත් විදියට
කොහොම උනත් මේ අදහසට අනුගත වෙන්න සිදුවෙනවා.නැත්නම් දරුවන්ට වෙන්නේ බඩ ගාන්න. නැගිට ගන්න බැරි වෙනවා.
ඒත්..අද පවතින අධ්‍යාපනයේ තරඟය නිසා තමයි මෙවැනි තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ.
අපි කැමැති වුනත් අකමැති වුනත් අපේ දරුවෝ ටියුෂන් යවන්න වෙනවා. එසේ නොකළොත් උන්ට තරඟයෙන් පසු බැසීමට සිදුවෙනවා .
A day in the life
0 comments:
Post a Comment