උක් පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෙක් එක්ක කරපු සාකච්ඡාවක දී දැනගන්න ලැබුණු දෙයක් හුදීජන පහන් සංවේගය සඳහා ලියලා තියන්න හිතුනා. කතාව මෙහෙමයි, සීනි නිෂ්පාදනයේ දී මුලින්ම හැදෙන්නේ දුඹුරු සීනි. ඒ හැදෙන දුඹුරු සීනි වලට තවත් වියදමක් කරලා ගෙන්දගම් සහ වෙනත් විරංජක රසායනික ද්‍රව්‍ය දාලා සුදු සීනි බවට පත් කරනවා. සුදු සීනි ඒ හින්දා දුඹුරු සීනි වලට වඩා පිළිකාකාරකයි, මේ කතාව ගොඩ දෙනෙක් දන්නවා. සමහරවිට ඔබ නොදන්න කතාව මෙන්න...
සෞඛ්‍යමය හේතු නිසා දැන් දැන් ලංකාවෙ වැඩිපුර ඉල්ලුම තියෙන්නේ දුඹුරු සීනි වලට. එත් දුඹුරු සීනි කල් තියාගන්න බෑ. තෙත ගතියෙන් යුක්තයි. ටික කලක් ගිහිල්ලා පැසීම නිසා මද්‍යසාරමය සුවඳක් එනවා. ඒ නිසා කර්මාන්ත ශාලාවලින් වැඩිපුර නිෂ්පාදනය වෙන්නෙත්, ආනයන කරන සීනිත් සුදු සීනි. දුඹුරු සීනි වලට තියෙන මෙම සෞඛ්‍යමය ඉල්ලුම නිසා තොග පිටින් සුදු සීනි ලබාගන්නා කර්මාන්තකරුවන් ඒවට ඩයි දාලා දුඹුරු සීනි බවට පරිවර්තනය කරනවා .
හොඳම දුඹුරු සීනි හම්බුනොත් හොඳයි. ඩයි දාපු දුඹුරු සීනි හම්බුනොත් ඒව සුදු සීනි වලටත් වඩා පිළිකා කාරකයි...
ඩයි දාපු දුඹුරු සීනි අඳුනගන්නේ මෙහෙමයි. ඒව තෙත ගතියෙන් යුක්ත නෑ. ඒකාකාරීව දුඹුරු පාට නෑ සමහර ඇට වැඩිපුර දුඹුරුයි සමහර ඇට ටිකක් සුදුයි.
මේක ශෙයා කරොත් තව කෙනෙක් පිළිකාවකින් බේරෙයි....
ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.